ඇඹිලිපිටියේ සාදයකදී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මරණයට පත්වීමේ සිද්ධියේ සාක්කි අද (17) අවසන් කළ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මරණ පරික්ෂණයේ තීන්දුව සිකුරාදාට (19) ප්‍රකාශයට පත් කරන බව කීවේය.
මේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න ලබන මාර්තු 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය.
පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ මල්වර මගුල් ගෙයක ගැටුමක් බේරීමට ආ බව කියන පොලිසිය හා එහි සිටි අය අතර ඇතිවූ කලබලයෙන් පසු සුමිත් ප්‍රසන්න උඩු මහලකින් වැටී රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔහු එහිදී මිය ගියේය. අධිකරණ නිලධාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද උසාවියට ලැබිණි. සහකාර පොලිස් අධිකාරී වෙනුවෙන් පෙනී සිටි ආනන්ද හෙට්ටිආරච්චි නීතිඥවරයා කරුණු දක්වමින් ප්‍රසන්න ජයවර්ධන බීමතින් සිටියදී බිමට වැටී මියගිය බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඇත්නම් තම සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලා සිටින බවත් තම සේවාදායකයා ඔහු තල්ලු කිරීම නිසා බිමට වැටී මිය ගියේ නම් ඇප නොඉල්ලන බවත් කියා සිටියේය.
අධිකරණය අවට අදත් ආරක්ෂාව තර කර තිබිණි.
සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ඇප ඉල්ලමින් ඇඹිලිපිටි මහාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. මහේස්ත්‍රාත් උසාවියට ඔහු ගෙන එද්දීත් ඔහු රැගෙන යද්දීත් නිල ඇඳුම් ඇඳ සිටි පොලිස් කාන්තාවන් ඇතුළු පිරිසක් ඔහුගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට නොයෙකුත් උපක්‍රම යෙදූහ.
ජායාරූප - ළහිරු හර්ෂණ
![IMG_2374[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_23741.jpg)
![IMG_2402[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_24021.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හොදයි තමයි. කොයි මිනිහත් නරක නැහැ. තමන්ගේ බලය අයුතු ලෙස බාවිතා කිරීම නිසා ගොඩක් අයට වැරදිලා තියෙනවා. එකට උදාහරණ ඕනේ තරම් ලංකාවේ දැන් තියෙනවා. (ර)
දක්ෂ නිලධාරියෙක්...එ්කේ දෙකක් නැහැ.දක්ෂතාවය බලය හා කුලමානය නිසා ඔලුව උදුම්මාගත් අයෙක් බවත් එකට සේවය කළ අය පවසනවා. (බ)
මර්වින්, ලීයේ කුදය අරින්නේ වෑයෙන්, නමුත් අපිට වෑයේ කුදය පේන්නේ නෑ. (බ)
මර්වින්, විරාජ් ඒකනායක, ඔබගේ හොඳ නරක තේරීම ගැන සැකයක් තිබෙනවා. (නි)
ලීල්, වැරදි වලට දඬුවම් දෙනවනේ. ඉතින් මෙයාට දඬුවම් ලැබුනදෙන්. මේවා හිතාමතා කරන වැරදි (නි)
වීරරත්න,ඇයි ඔයටික සිහිබුද්ධියෙන් සිටියයුතු විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් නිලධාරියා හිතුවේ නැත්තේ. (නි)
හේවා, ඔයා කර තිබෙන්නේ උසස් සේවාවක්. පොලිසිය තිබෙන්නේ මහජනතාවට උසස් සේවාවක් කරන්න. අහිංසක මිනිස්සු මරලා පොලිසිය වෙනුවෙන් උසස් සේවයක් කරන්නේ කොහොමද? මෙයට උපරීම දඬුවම් දිය යුතුයි. (නි)
පොලිසියට පඩි ගෙවන්නේ බටා ගෙවන්නේ නීතිය හා සාමය සුරැකීමට. (ම)
මර්වින් කියන දේ සම්පුර්ණ ඇත්ත පොඩි මිනිස්සුන්ට උදව් කරපු හොඳ මනුස්සයෙක් (ම)
අපේ රටේ සෞදි නීතිය නැති වරද (නි)
සමීර, ඔයා දැක්කද ASP මහතා මනුස්සයෙක්ව තල්ලු කරලා මරල දානවා? ඉවසල ඉන්න. ඔහු සැකකරුවෙක් පමණි. කෙසේවෙතත් ඔහු බන්දනාගාර ගතව සිටීම ජාවාරම් කරුවන්ට සහ අපරාධ කරුවනට නම් හොඳයි. (රේ)
මිනිස්සු හොඳ හෝ නරක වශයන් දෙකට බෙදන්න බෑ, මිනිස්සු සාපේක්ෂයි. (බ)
හොද මනුස්සයෙක් නං තව මනුස්සයෙක්ව තල්ලු කරලා මරල දායිද (ම)
හොඳ 100 ක් කළත් මේ කළදේ නම් අහස පොලොව උහුලන්නේ නෑ. ඔබ කියන දෙය සත්‍යයක් වෙන්න පුළුවන් නමුත් මිනිහෙක් කරන එක වැරදි වැඩකට ඔහුට මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න වෙනවා. එ්ක නිසා හොඳම දෙය කිසිම සදාකාලික දෙයක් මෙලොව නැති බව වටහාගෙන ක්‍රියා කිරීමයි (බ)
චෝදනාව ඔප්පුවුණා නම් එල්ලුම් ගහ මෙතනින් පටන් ගන්න තියෙන්නේ (නි)
මොකක් වෙයිද මේ තීරණය.(හේ)
හොදයිනේ.(හේ)
කවුරු මොනවා කිවුවත් අපරාධයක් කළ කෙනෙක් අපරාධකරුවෙක්මයි. ආයෙත් බොරුවට සුදු හුණු ගාන්න උවමනා නැහැ (නි)
හොඳ 100 ක් කළත් මේ කළ දේ නම් අහස පොළොව උහුලන්නේ නැහැ. මේවට සිංහල රජ කාලේ වගේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
සහගහන අපරාධ මේවා (නි)
පොලිසිය වෙනුවෙන් උසස් සේවයක් කළ නිලධාරියෙක් (නි)
එක පාරටම ඒ මනුස්සය බීලා කියලා කියන්න නේද හදන්නේ ? (හේ)
මේක නම් පුදුම කතාවක් තමා. මෙතෙක් කිවුවනේ සුමිත් ප්‍රසන්නව බිමට තල්ලු කළා කියලා මේසයක් යට හැංගිලා හිටපු කෙනෙක් ඇසින් දුටු සාක්කි ඉදිරිපත් කළා කියලා. (නි)
මහින්ද සෞදි , සමීර, ඒක තමයි මම කිව්වේ..." ඔහු වැරද්දක් කලානම් දඩුවම් විදින්න ඔනේ." කියලා.... ඔබවත් මමවත් දැක්කේ නෑ අැත්තටම මොකක්ද සිද්ද වුනේ කියලා ඒක නිසා ඒ තීන්දු නීතියට ගන්න තියමු හරි හෝ වැරදි වේවා. මම කාටවත් සුදු හුනු ගාන්න හදනවා නෙමෙයි. අපේ මිනිස්සුන්ට දේවල් තේරුම් ගන්න කල් යනවා. ඒවා තේරුම් ගන්න කොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. (ර)
කවුද අර නිල් පාට ඇඳුම් ඇඳගෙන ඔහුට ආවරණය දෙන්නේ? කවුද ඒ බලවතිය? (නි)
තව ටික දවසනේ. අපි ඉවසලා බලමු ඒකත් (නි)
රජකාරි කරන කොට වැරදීම් වෙනවා.මේකත් එහෙම දෙයක් (ම)
වැරදිකරු වුවහොත් මරණ දඬුවම දියයුතුය. නිල බලය පාවිච්චිකර අහිංසක මිනිස්සු මරන්න පුලුවන්ද? (නි)
නිල බලයෙන් (ම)
ගුණවර්ධන ගේ ප්‍රතිචාරය අගේ කරන්න පුළුවන්. රටේ බදු මුදල්වලින් මේ පාදඩයෝ අහිංසක මිනිස්සු මරන්න කවුද නිතිය ලියල දුන්නේ.? කොච්චර හොද වුනත් අසරණ මිනිහෙක් බේබදුකමට ගිහින් මරලා දාපු එක කළ හොද ඔක්කොටම වැ ඩිය ඉහළයි. මෙයාට දියුයුතු ලිහිල්ම දඩුවම එල්ලා මැරීමයි (බ)
තීන්දුව උසාවියට බාරයි .(අ)
මට පෙන්නේ මෙම නිලධාරියාගේ අවංක භාවය නිසා ලැබුණු ඇමතුමට ක්‍රියාත්මක වෙන්න ඇති. එ්කට හේතුව විචක්ෂණශීලී බවක් නැති වීමයි. ඇමතුම ලැබුණු ආකාරය පරීක්ෂා කළා නම් අමාරුවේ වැටෙන්නේ නැහැ. නමුත් මියගිය පුද්ගලයා වෙනුවෙන් නීතියේ සාධාරණය ඉටුවිය යුතුයි. රාජකාරිය කළා කියන එක නිදහසට කාරණයක් නොවෙයි. (බ)
අනේ මෙහෙම තන්හාවක්...අපොයි මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....? මට නම් හිතෙන්නේ නිදා ගෙන ඉන්න කොට කොයි මිනිහත් හරිම අහිංසකයි..(බ)
මහින්ද සෞදි.. වැයේ කුදයක් නැත්නම් එය වැයක් වෙන්නේ කොහොමද.? (ර)
ඔබට මෙන්ම මියගිය පුද්ගලයාටත් සිදුවුයේ නොසිතූ දෙයක් නොවේද? මේවා පාලනය නොකළ සිත්වලින් අැතිවිය හැකි දෙයක් පමණයි. මොහොතකින් සියල්ල වෙනස්වෙන හැටි! (නි)
කවුරු මොනවා කීවත් මිනීමරුවා මිනි මරුවාමයි.(අ)
ඕක තමි ජීවිතය කියන්නේ. (ර)
ලීල් ,,කියන විදියට ඔයාලගේ ගෙදර වැඩක් වෙලාවට පොලිසිය ඇවිත් ඔයාලගේ ගෙදර කෙනෙක් මැරුවොත් ,,ඔයා අතේ වැරදීමක් කියල නිකන් අන්නවද ...(බ)
එස්.ටී.එෆ්. එකේ හිටපු හොද මනුසයෙක්. ඇත්ත මොකක්ද කියන්න අදටත් දන්නේ නෑ. ඔහු වැරද්දක් කලානම් දඩුවම් විදින්න ඔනේ. ගොඩාක් හොද සාධාරණ මිනිසුන්ට ගොඩක් උදව් කරපු මනුසයෙක්. ඒ වගේම අසාධාරණ මිනිස්සුන්ට කිසිම බුරුලක් නොදීපු මනුසයෙක්. හැමදෙනාටම සාධාරණ තීන්දුවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. (ර)
මොහුගේ හරි වැරදි බව පිළිබඳ මම කතා කරන්නේ නැහැ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැරදිකරු බවට ඔප්පු වන තෙක් ඕනෑම කෙනෙක් නිවැරදිකරුවකු ලෙසයි සැලකෙන්නේ. දියුණු රටවලනම් සැකකරුවාගේ මුහුණ මාධ්‍ය මගින් පළ නොකර අනන්‍යතාව ආරක්ෂා කරනවා. (ර)
දෙදරු පියෙක් වුණාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ එහෙම වුනානම් ශෂිකලට අද දුක්වන්න වෙන්නේ නෑ. බිරිඳ ගැන හිතල මාරු වුනානම් ගැලවෙන්න තිබුන (බ)
පොලිසිය මැදිහත් වෙන්නේ ගැටීමක් බේරන්න නම් පොලිසිය ගෑවුණු මරණයක් විය නොහැක. එය ගැටුම් බේරිමක් නෙමෙයි මරණයක් වෙලානේ (බ)
මේක මාර කතාවක්නෙ පාටි එකකට ගිහින් නොබී ඉන්නේ කීයෙන් කී දෙනාද? එතකොට බීලා හිටියා කියලා මරන පරීක්ශනයෙන් ඔප්පු උනොත් බීමත් කමින් උඩුමහලින් වෑටිලද? (ර)