ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැගිල්ලේ පැවති ප‍්‍රියසාදයකදී ඇතිවූ ගැටුමකින් සුමිත් ප‍්‍රසන්න මිය යෑමේ සිද්ධියේදී පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනෙකු සහ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ අයිතිකරුගේ අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරීවරියට අද (5) නියෝග කළේය.
ගොඩනැගිල්ලේ අයිතිකරුවන් වන ඇඹිලිපිටියේ ගමගේ ලසන්ත, ගමගේ වසන්ත හා පද්මසිරි මෙන්ඩිස් රුපියල් ලක්ෂ 80ක වන්දි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ මේ නියෝගය කැරිණි.
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ඇතුළු දස දෙනෙක් වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd