තම සැමියා වන ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන පොලිසියට සම්බන්ධ කාරණයක දී සැකකටයුතු ලෙස මරණයට පත්වීමේ සිද්ධියෙන් පසු ආරක්ෂාව ඉල්ලා ඔහුගේ බිරිය ශෂිකා නිශාමනී මුණසිංහ කළ පැමිණිල්ලට සහයෝගය දක්වන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති පොලිස්පතිගෙන් ඉල්ලා ඇත.
ජංගම වෙළෙන්ඳියන්, ආබාධිත පුද්ගලයන්, ත්‍රී රෝද රියදුරන් ඇතුළු විවිධ වේෂයන්ගෙන් පැමිණෙන පිරිස් තමන් සිටින ස්ථානය පිළිබඳ අවට වැසියන්ගෙන් තොරතුරු විමසන බවත් ඇතැමුන් නිවසටම පැමිණ තොරතුරු විමසන බවත් ඇය ජනපති, අගමැති ඇතුළු පිරිසට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
තම සැමියාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරීවරයා මේ වනවිට ඇප මත මුදා හැරීමෙන් පසු යළි සේවයේ යොදවා ඇති බවත් සෙසු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති නිසා තමාගේ මෙන්ම තම දියණියන් දෙදෙනාගේ ජීවිතවලට තර්ජන එල්ලවන බවට සැකයක් ඇති බවත් ඇය කළ පැමිණිල්ලේ දැක්වේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිපති, පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසකට මෙම පැමිණිල්ලේ පිටපත් යොමු කළද මේ වනතුරු ප්‍රතිචාර දක්වා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවද ඇය කියන්නීය.
ශෂිකා නිශාමනීගේ සැමියා වන සුමිත් ප්‍රසන්න පසුගිය ජනවාරි 8 වැනිදා ඇඹිලිපිටිය නගරයේ ගොඩනැගිල්ලක පැවැති සාදයකදී පොලිසිය හා සාදයට පැමිණ සිටි අය අතර ඇතිවූ ගැටුමක් අතරතුරදී ගොඩනැගිල්ලේ ඉහළ මහලකින් වැටී මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කට පිටපත් ඇරියට එයා දැන ගන්නේ පත්තරෙන්නේ, එ්නිසා තව ටිකක් ඉවසන්න. (බ)
අපට දැන් විශ්වාස කරන්න පුළුවන් අගමැති තුමා විතරයි. (බ)
ධාර්මික ප්‍රභූ පුතා ආරක්ෂකයෙක්ට පහරදීල ලු. එ්ක ගැනත් අපේ අගමැතිතුමාගේ අවධානය යොමු වෙලාලු. (බ)
ඔන්න ඒකාබද්ධ විපක්ෂයට ලකුණු ගන්න වෙලාවක් (බ)