ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ පාම් බීච් ප්‍රදේශයේ ගුවන් අනතුරක් සිදුවිය. අනතුරට ලක්වී කඩා වැටුණේ කුඩා සැහැල්ලු ගුවන් යානයකි. අනතුරින් මියගිය ගණන 9 කි.

කඩා වැටුණේ බහාමාස් දූපත් බලා පියාසර තරමින් තිබුණු කුඩා ගුවන් යානයකි. යානය අනතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

මියගියේ යානයේ සිටි අය පමණක් බව ද පැවැසෙයි. යානය ජනාකීර්ණ වීදියකට පතිත වූවත්, බිම සිටි කිසිවකුටවත් අනතුරක් සිදුනොවිණි.