IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවත් න්‍යෂ්ටික බලය වැඩි කරන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

න්‍යෂ්ටික යුද බලය අතින් රුසියාව සහ චීනය අත්කර ගෙන ඇති සැළකිය යුතු ප්‍රගතියට සම කිරීම සඳහා න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ආරම්භ කරන්න යැයි තමන් යුද දෙපාර්තමේන්තුවට අණදුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(30) ප්‍රකාශ කළේය

අනෙක් රටවල් න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බැවින් තමන් යුද දෙපාර්තමේන්තුවට මෙලෙස අණ ලබාදුන් බව ජනපති ට්‍රම්ප් පැවැසුවේය. අනෙක් රටවල් න්‍යෂ්ටික අවි අත්හදා බලන වේගයට සමාන වේගයකින් ඇමෙරිකාවද මින් ඉදිරියට න්‍යෂ්ටික අවි අත්හදා බලනු ඇතැයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

දකුණු කොරියාවේ බූසාන් නගරයේ චීන ජනපති ෂි ජින්පින් හමුවීමට සුළු මොහොතකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අදහස් පළ කළේය.

ලෝකයේ වැඩියෙන්ම න්‍යෂ්ටික අවි තිබෙන්නේ ඇමෙරිකාවට බවත් දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය චීනයටත් හිමිවන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. චීනය තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇතත් ඇමෙරිකාවේ සහ රුසියාවේ න්‍යෂ්ටික යුද බලයට චීනයට සමකළ නොහැකි බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව 1992 වසරින් පසුව න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් සිදුකර නොමැති බවද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේය. රුසියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම පිළිබඳව දැඩි විරෝධය පා දින කීපයකට පසුව ජනපති ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති අතර යුද විශ්ලේෂකයෝ ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් ප්‍රකාශයෙන් රුසියවේ න්‍යෂ්ටික යුද ශක්තිය පිළිබිඹු වන බවත් නැවත න්‍යෂ්ටික අවි අත්හදා බැලීම හැර ඇමෙරිකාවට වෙන විකල්පයක් නොමැති බවත්ය.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීනය ප්‍රකාශ කර සිටියේ න්‍යෂ්ටික අවි පිටුදැකීම පිළිබඳව එළැඹි සම්මුතිය ඇමෙරිකාව අවංකවම ආරක්ෂා කරනු ඇති බව බලාපරොත්තු වන බවයි.

 



අදහස් (0)

ඇමෙරිකාවත් න්‍යෂ්ටික බලය වැඩි කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1706 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1423 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site