IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ඇමෙරිකාව ඉන්දියාව අස්ථාවර කරන්න හදනවා

ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි. 

රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වෙනවා යැයි ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කිරීමත් සමඟය.

රුසියන් රජය වෙනුවෙන් මෙසේ චෝදනාව කර ඇත්තේ එරට විදේශ අමත්‍යාංශයයි. රුසියන් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා පෙන්වා දී ඇත්තේ, ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඇමෙරිකාවට කිසිදු අවබෝධයක් නැති බවත්, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම ආගමික නිදහස සම්බන්ධයෙන් ඇමෙරිකන් රජයට පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවත්ය.

ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. එය අදියර හතකින් පැවැත්වෙයි. මැතිවරණය අවසන් වන්නේත් ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේත් එලැඹෙන ජූනි මාසයේය. මැතිවරණය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. 

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා ඇත. 

මැතිවරණය පැවැත්වෙන අතරතුරේ, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට හේතුවක් යැයි රුසියාව චෝදනා කර ඇත්තේ මේ නිසාය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (5)

ඇමෙරිකාව ඉන්දියාව අස්ථාවර කරන්න හදනවා

BITTER TRUTH Thursday, 09 May 2024 12:59 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       27       26

Prabha Thursday, 09 May 2024 02:27 PM

මේ බයිඩන් ගොයියා නම් ලෝකය නැතිකරන්න ආපු සාපයක්...

:       3       20

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 09 May 2024 03:10 PM

අපොයි අපට පූටින් කියන කතා අහලා දෙපැත්තෙන්ම හිනා යනවා !!! පුටින් උන්මත්තකයා අස්ථාවර කරපු රටවල් ගැන මෝදි කාලය නාස්ති කරන්නේ නෑ. ඉන්දියාව අස්ථාවර වෙනවා කියා පූටින් කාරයා බය වෙන්නේ, යුක්රේන ආක්‍රමණය නිසා රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පනවා තිබෙන සම්බාධක කඩමින්, හොරෙන් ඉන්දියාව හරහා ලෝක වෙළඳ පළට අලෙවි කරන ඉන්ධන, ගෑස් අලෙවියට කෙල වෙනවාට බයවෙලා මිස ඉන්දියාවට "ලව්" නිසා නොවෙයි..

:       29       15

සමන් විමල් Thursday, 09 May 2024 09:25 PM

කවුරුද මේ සූකරයා මැව්වෙ...

:       0       0

liyanna Friday, 10 May 2024 08:47 AM

මේ ඔබ දකින්නේ සැබෑ මිතුදමක් ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති
2024 මැයි මස 20 27 0

බන්ධනාගාරගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා මහ නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 599 1

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් ම


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 970 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


ඇමෙරිකාව නිහඩයි
2024 මැයි මස 20 1071 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.


ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි
2024 මැයි මස 20 895 0

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.


උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා
2024 මැයි මස 20 197 0

නීති විරෝධී මත්පැන් හා පෙරීමෙි උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 810 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2364 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2027 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site