අද (3) පැවැත්වෙන ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය, ඇමෙරිකාවේ මෙතෙක් පැවැත්වෙන වියදම් වැඩිම මැතිවරණය යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
මෙවර මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වැය වන සමස්ත මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 11.9 කි. එය2022 වසරේ පැවැත්වුණු මධ්‍යවාර මැතිවරණයේදී වැය වූ මුදලට සාපේක්ෂව සියයට 30කට ආසන්න වැඩිවීමකි.
ඇමෙරිකන් ෆෙඩරල් මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේ මැද භාගය වනවිටත් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 9.5 කට වැඩි මුදලක් වැය කර ඇත.
මෙම 2026 මැතිවරණය සඳහා වැඩිම මුදලක් පරිත්‍යාග කළ පුද්ගලයා ලෙස ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඉලොන් මස්ක් වාර්තා අතරට එක්ව ඇති අතර, ඔහු රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් ලබාදී ඇති බවයි වාර්තා වෙයි.
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය යනු ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලයෙන් වසර 2ක් ගතවන තැන පැවැත්වෙන තීරණාත්මක මැතිවරණයයි.
මෙහිදී ඇමෙරිකා කොංග්රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලු අසන සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ තුනෙන් එකක ආසන ප්‍රමාණයක් සඳහාත් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සිදු කරයි.
ඊට අමතරව ප්‍රාන්ත රැසක ආණ්ඩුකාරවරුන් ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් තෝරා ගැනීමද මෙහිදී සිදුවෙයි.
මේ වනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවය. එබැවින් තීන්දු තීරණ ගැනීමේදී සහ අණපනත් සම්මත කර ගැනීමේ දී ට්‍රම්ප්ට රිසි ලෙස කටයුතු කළ හැකිය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් සතු වුවහොත්, ට්‍රම්ප්ට එය ලොකු ගැටලුවක් වනු ඇත.
ට්‍රම්ප්, ඇමෙරිකාව පුරා මැතිවරණ රැලි අමතමින් ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම රිපබ්ලිකන් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීමට ඉඩ සලසා දෙන ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd