ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ සෞඛ්‍යයෙන් වැඩක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19) පැවැසීය.
ආණ්ඩුව රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ තිබෙන දැවැන්ත ප්‍රශ්න විසඳීම වෙනුවට කෝටි ගණන් වියදම් කරමින් ගොඩනැගිලි ඉදිකරමින් සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.
සියලු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා දෙන ලෙස බලකරමින් රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයේ නියුතු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් හමුවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද කීය.
“මේ සත්‍යග්‍රහයට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා. මේ ආකාරයෙන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 650කට ආසන්න පිරිසක් 2010 සිට රැකිය විරහිතභාවයෙන් පෙළෙනවා.
අපේ දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේදය වෛද්‍ය ක්‍රමය නගා සිටුවන්න පාරම්බාපු කිසිම ආණ්ඩුවක් මේ ප්රශ්නය විසඳුවේ නැහැ. දේශීයත්වය ගැන නිරන්තරයෙන් කතා කරපු මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මේ ගැන කතා කළේ නැහැ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදුන්නේ නැහැ. ඔවුන්ව අමතක කළා. නොසලකා හැරියා.“


COMMENTS
විපක්ෂයේ ඉන්නතුරු හැමෝම බෝධිසත්වයෝ. බලය දුන්නහම බලන්න එපායැ. අපි නොදන්නා මොණරතැන්න! (නි)
අපි ඒ දේ දැනගෙන ගොඩක් කල්.(හේ)
ඔයාලා බොරුවට හැමදේමටම කියවන්න ගියොත් ජනතාවට ළඟදීම එපා වෙනවා . (අ)
අපේ රටේ ආරෝග්‍යශාලා පහසුකම් නැති බව අපේ මැති ඇමතිවරු ඔප්පු කරල පෙන්නනේ ඒ මදිවට. දොස්තරලට පල්ලෙක. අපේ සල්ලි වලින්නේද ඔය වියදම් කරන්නේ. යන්න අපායවල් මදි. කවද හරි ගෙවන්න වේවි.තමගේ වියදමින් යනවානම් කමක් නැහැ.(අ)
හුසේන් මහත්තයල හැමදාම බලය දීල තියෙන්නේ එකම කට්ටියකනේ.ලංකාව කියන්නේ හරිම නොදැනුවත් මිනිස්සු ඉන්න රටක්. එකයි අපි තාමත් නොදියුණු. (අ)
නවරත්න, ඔතනින් පිඹගෙන යන ඇමති මන්ත්‍රීලට කඹුරන අපට ඔයාලා වගේ අයගේ පන්තිය එපාවෙලා තියෙන්නේ (නි)
‘සිහිනයකි රෑ‘ වැඩසටහනින් පසුව ඔබතුමා ගැන පැහැදුනා. බුද්ධිමත් නායකයෙක්. (නි)
කිසිවෙකුට ජනතාව දැන් රවටනු බැරිය (නි)
දේශපාලන සහ දොස්තර මාෆියාව අපිව ප්‍රාණ ඇපයට අරන් බොහෝ කල් (නි)
සහතික ඇත්ත. විඳින්න සැප තව ටික කාලයක් (නි)
ආණ්ඩුවේ නෙමෙයි විපක්ෂයේත් එහෙම තමයි (නි)