ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වසර අටක් ශ්‍රී ලංකාවට යුද උපකරණ අපනයනය කිරීම වළක්වමින් පනවා තිබූ වෙළද තහනම ඉවත් කළේය.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති ආරක්ෂක වෙළඳ පාලන ඒකකය විසින් මැයි 04 වැනිදා සිට එම තහනම ඉවත් කර ඇතැයි එරට ආරක්ෂක වෙළඳ පාලන ඒකක කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමරිකාවෙන් තව සහනයක්
නුවන් Monday, 09 May 2016 03:03 AM
පේනවා නේද අපිට යුද්ධ කාලෙ මෙයාලා උදව් කරලා තියෙන තරම! ඉතින් අපි චීනය වගේ රටවල් සමඟ මිත්‍රවීම කොතරම් සාධාරණද? (නි)
ඉන්දික Monday, 09 May 2016 03:54 AM
ඒ කියන්නේ යුද්දේ කාලේ අපිට ආයුද දීල නැහැ !! (බ)
ඉසුරන්දි Monday, 09 May 2016 04:28 AM
යුද්දේ කාලේ අපිව තනිකරපු මිනිස්සු දැන් තමයි සහන දෙන්න ඉදිරිපත් වෙන්නේ.චීනය රුසියාව පකිස්තානය වගේ රටවල් නොහිටින්න අපිට එදා කාගේ සරණක්ද තිබ්බේ? (බ)
තරිඳු Sunday, 08 May 2016 12:36 PM
අම්මෝ! ලොකු සහනයක්... (නි)
ප්‍රසන්න Monday, 09 May 2016 05:10 AM
අනේ අනේ තේරෙන තරම. මේ කියන්නේ අපිට ආයුද විකුනන්න පුළුවන් කියල...(බ)
විමලරත්න Sunday, 08 May 2016 12:38 PM
දැන් මොකටද අපිට ඇමෙරිකා සහන? (නි)
කපිල Sunday, 08 May 2016 12:40 PM
ඉදිරියේදී තවත් ලැබෙයි (නි)
සෑම් Sunday, 08 May 2016 12:47 PM
යුද්ධ කාලේ නැති ආයුධ අපිට දැන් එපා. අපිට චීනෙන් ඕනෑදෙයක් ගන්න පුළුවන් (නි)
ජිම් Sunday, 08 May 2016 01:27 PM
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කිවුවලු (නි)
ඉන්දු Monday, 09 May 2016 06:35 AM
සහන දීගෙන දීගෙන යන්නේ හොඳකට නම් නෙමෙයි..(බ)
රංග Sunday, 08 May 2016 04:27 PM
යුද්ධයට දුන්නේ නැති යුද උපකරණ දැන් කන්නද? චීනයයි, පකිස්තානයයි, රුසියාවයි නැත්නම් ගල්කටස් වලින් තමයි යුද්ධ කරන්න වෙන්නේ..!! (නි)
ලක්ෂිත පැරිසිය Sunday, 08 May 2016 06:36 PM
මම දන්නේ නැති නිසයි මේ අහන්නේ. කොහොමද එහෙනම් ලංකාවේ තිබිලා හමුවුණේ ඇමෙරිකා ආයුධ? (නි)
පීරිස් Sunday, 08 May 2016 07:17 PM
දත් නැතිදා උක්දඬු ගිනි තපින්නද? (නි)
රිච්මන්ඩ් Sunday, 08 May 2016 07:18 PM
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? (නි)
රනිල් Tuesday, 17 May 2016 06:19 PM
අපනයනය ආනයනය හඳුනන්නේ නැති අය අදහස් නොදමා හිටියොත් හොඳයි (නි)
ආරච්චි Sunday, 08 May 2016 10:35 PM
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? යුද්ධය කරනකොට නොදුන් ආයුධ දැන් මොකටද? කෝකටත් කියලා ආයුධ අරන් තියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එන පොට හොඳ නැහැ (නි)
බමුණු ආරච්චි Sunday, 08 May 2016 10:38 PM
දැන් ලෝකයේ යුද්ධ නැති නිසා ආයුධ විකුණාගන්න බැරුව ඇති. (නි)