ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අඟහරුවාදා (25) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඉකුත් මැයි 02 ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙහිදී ඇය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්ගැන ත‍්‍රී පුද්ගල එක්සත් ජාතීන් විද්වත් කමිටුව මෙරට සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන මස එක්සත් ජාතීන් ගේ මානව හිමකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙද්දී බිස්වාල් මහත්මිය මෙරටට පැමිණෙන්නීය. කාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයකි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළබඳ සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් මීට සති කිහිපයට පෙර ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ අතර මහ මැතිවරණය පැවැත්වීම නිසා එය කල් දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩ පටන් අරන් තියෙන්නේ. අපේ හමුදාවේ කොල්ලො ටික අල්ලලා හිරේ දායි වගේ (නදී)
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ (නදී)
එතකොට අැමෙරිකාවේ මානව හිමිකම් කඩකරන ඒවා ගැන හොයල බලන්නේ කව්ද ?(නදී)
සහයෝගයෙන් වැඩ කලොත් රට ගොඩ. (අ)
මෙයාල ලෝකෙම ගිනි තියන එක කරන්නේ (නදී)
අපි හිතුවේ සර්ලා අපිත් එක්ක තරහවෙලා ඇති කියලා. (නදී)
දිලිප් මෝඩ කතා කියන්න එපා. කොලඹ මිනිස්සුන්ව සුදුවෑන් වලින් ගෙනිච්චෙ කොටි නෙමේ. යුද්ධයෙන් මැරුනු සිංන්හල, දෙමල සියල්ලම අපේ සහෝදරවරු තමා. දෙමල තරුනයින් කොටින්ට බැදුනේ ඒ අයටත් විවිද ප්‍රශ්න තිබුන නිසා. නැතිව විනෝදෙට නෙමේ. (නදී)
සාදරයෙන් පිලිගන්නවා... ඔබලා අපිට ඒකාධිපතියන්ව පරදවන්න කල උදව් අමතක නෑ (නදී)
යුද්ධය අවසන් සමයේ හමුදාවේ සුලු පිරිසක් අපරාධ කලා නම් ඒවා සොයා බලා දඩුවම් දිය යුතුයි (නදී)
කළු ගලේ ඔලුව ගසා ගත හැකිද ? (නදී)
අපේ රට ඇතුලේ සිදුවෙන දේවලට ගරු අධිකරණය තියෙනවා දඩුවම් දෙන්න. මේ ගොල්ලෝ අවශ්‍ය නැහැ ඒකට. මෙයාලගේ වැඩේ රටවල් ගිනි තිය තිය යන එක (නදී)
අපේ රටේ හමුදාව අපරාධ කළ නම් දඩුවම් දෙන්න අපේ රටේ ගරු අධිකරණයක් කියෙනවා නේද? (නදී)
නුවන්, යුද්දයේ අවසාන කාලයේ අපරාද කරන්නට රණ විරුවන්ට ඉඩක් තිබුනේ නෑ. ඒවා කර කර හිටියනම් මෙහෙම නිදහසේ කතාකරන්න ලැබෙන්නේ නෑ. (නදී)
නුවන්, ඔන්න ඔතනට තමයි සිංහලයන්ගේ මානසිකත්වය ඉදිරි මාස කීපයේදී සකස් කරන්නට මේ ආණ්ඩුව වෙර දරන්නේ. ලංකාවේ යුද අපරාද උන බවත්, ඒ අයට දඩුවම් දිය යුතු බවත් සිංහලයන්ට ඒත්තු ගන්වන්න. සුදු නෙලුම්, තවලම් වගේ ඒවා ඉක්මනින්ම පටන් ගනී. තම ජීවිතේ පරදුවට තියලා රටට නිදහස ගෙනාපු ඒ හමුදා සහ සිවිල් නායකයෝ කුදලා ගෙන යනකොට, නුවන් වගේ සිංහලයෝ කියාවි හොද වැඩේ බව. මැරුන කොටියොයි, හමුදාවේ මැරුන රණවිරුවොයි, එකම සහෝදරයෝ කියලා රාජ්‍ය අනුග්‍රහයෙන්ම උත්සව ආරම්බ කරාවි. ඒකට ඇමරිකන් කාරයෝ හදලා දීපු නම තමයි "reconcilation"බලන් ඉන්න (නදී)
බබා හම්බ උනා විතරයි ඔය එන්නේ උන්ගේ සැලැස්මට රට අරාජික කරන්ට. සජිත් මහත්තයෝ කෙලින් ඉන්ට. ඔබගේ පියා බ්‍රිතාන්‍ය තානාපතිවත් ගෙදර ඇරියා මතකනේ? ඉන්දියාව බලෙන් පරිප්පු දැම්මම මැතිසබේ කල ප්‍රකාශය මතකනේ. බටහිරයෝ එන්නේ රටවල් ගිනි තියන්ට උන්ගේ කපටිකම් හංගගෙන. ඕක තේරුම් ගන්නකොට සියල්ල සිදුවෙලා (නදී)
යුද්ධය අවසන්, දැන් ඉදිරිය බලා වැඩකරමු. (නදී)
කියන්න ප්‍රශ්නයක් නැහැ 1980 වේ ඉඳන් පටන්ගනිමු. අර යටත් උන පොලිස් නිලධාරීන් 600 ට , කොළඹ සහ ලංකාවේ අනිකුත් ස්ථානවල මැරුන මිනිසුන්න්ටත් මානව හිමිකම් තිබෙනවා. අපේ හමුදාවේ වැරදිකරලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් අපිත් සුදානම් දඩුවම් දෙන්න. නමුත් සරණාගත ලේබල් ගසාගෙන බටහිර රටවල සැඟවී සිටින කොටිනුත් වැරදි කරුවන් උනොත් ඔවුන්ටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)