නීත්‍යනුකූල ගමන් බලපත්‍ර හා වීසා බලපත් නොමැතිව ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු එක්සත් ජනපද දේ්ශ සීමා ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන පාම් බීච් ඩේලිනිව්ස් පුවත්පත වාර්තා කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි හය හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ඇමෙරිකාවේ ටෙක්සාස්හි පාම් බීච් ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් එරට දේශ සීමා ආරක්ෂක අංශ විසින් විසින් ඔහු පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ලාංකිකයා ඉදිරපත් කළ ගුවන් ගමන් බලපත්‍රහා වීසා බලපත් කල් ඉකුත්ව ඇති හෙයින් ඒවා නීත්‍යානුකූල බවට තහවුරු නොවීම හේතුවෙන් මෙහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් තරුණයා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉකුත් දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ ඇති බව ඔහුගෙන් දේශ සීමා ආරක්ෂක අංශ සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය ඇමරිකාවට පනින්න ගිහින් නිකම් සවුත්තු වෙනවා නේද? දෙන දෙයක් කාලා ලංකාවට වෙලා හිටියා නම් ඉවරනේ... (නි)
ලංකාවේ අය වීසා නැතුව ඇමරිකාවේ කොච්චර ඉන්නවද? ලංකාවේ අය බනින්නෙම ඇමරිකාවට. ඒත් යන්නෙත් එහෙට (නි)
රොෂාන් කියන එක ඇත්ත තමා මුළු ලෝකෙම මුස්ලිම් අය ඇමෙරිකාවට බනින ගමන් ග්‍රීන් කාඩ් එක ගන්න දඟලනවා මුන්ට ඇමෙරිකන් පාස්පෝට් එක ගන්න සිහිනයක් තියෙන්නේ (බ)