ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ඇමරිකා ආයතනයක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද ගිවිසුමකට එළැඹියේය.
ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර මෙමගින් රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වන බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා බවත්, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක ඔවුන් පුහුණු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලක ලිස්ට් යවලා ලංකාවේ නම එහෙම කනවා නෙමෙයි. ජපානයට ක්‍රීඩකයින් යවලා කරගත් හදිය වගේ සංචාරයටවත් විසා එකක් දෙන එකක් නැහැ. (නි)
මෙන්න වැඩ. මේ වගේම අයිටී සහ තවත් කාර්මික ක්ෂේත්‍රයේ පිරිසුත් පුහුණුකර පිටරට සේවයට යොමු කරන්න. මේ වගේ වැඩවලින් තමන්ගේ පවුල් වලටද හානියක් නොවේ. මුළු පවුලටම එකට සිටීමේ හැකියාව මෙවැනි පුහුණු ශ්‍රමික රැකියා වලට හිමිවේ. (නි)
නුසුදුස්සන් නම් කොහොමටවත් යවන්න ඉඩක් නැහැ. ලංකාවේ දරුවන් අධ්‍යාපන මට්ටම. වගේම ගිලනොපස්ථානය ගැන ඉහල දැක්මක් තියෙන අය. රටට යහපතක්ම වේවා යනු මගේ අවංක පැතුමයි. (ර)
ඇමරිකාවට යන්න මොනවද ඕන සුදුසු කම්. (ර)
පසුගිය රජය තිබුණා නම් මේවා හම්බවෙන්නේ නැහැ (නි)
මේ වගේ දේවල් වලට ප්‍රසිද්ධියක් දීලා අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා ලබාදෙන්න ඕනෑ. සුදුසුකම් තියෙන දක්ෂ අවංක අය මේ වගේ රටවලට යවන්න ඕනෑ. මැදපෙරදිග යවන එක නවත්වන්න ඕනෑ. (නි)
පසුගිය කාගේ කළේ රටවිරුවොයි කියලා නමක් දාගෙන පොල් පටවනවා වගේ අපේ අම්මලා අක්කලා මැදපෙරදිග යවපු එක. උගත්කම අඩු සල්ලි ඇති රට වලට උගත්කමින් අඩු සේවකයෝ යවනකොට තමයි හිටපු කට්ටියට ගසා කන්න පහසු. හැබැයි මේකටත් යන අයව තෝරාගන්නකොට අතයටින් සල්ලි ගනියිද දන්නේ නැහැ. ඒ ගැන ඇමතිනිය ඇස ගසාගෙන ඉන්න. (නි)
රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක තෝරාගැනිම විනිවිදභාවයකින් කරන්න. නැත්නම් මේ 30000 න් හිතවත්කම් වලට හා වෙනත් දේවල් වලට බඳවා ගන්න පුළුවන්. පසුගිය කාලේ වැඩ සිදුවුණ පිළිවෙල ගැන අපි දන්නවා. මේවා කාටවත් පුද්ගලිකව ලැබුනු අවස්ථා නෙමෙයි. රටට ලැබුනු අවස්ථා. (නි)
කඩිනමින් බඳවා ගත්තාට නම් කමක් නැහැ. හැබැයි විනිවිදභාවයකින් යුතුව බඳවාගැනීමයි කළයුත්තේ. මේකෙනුත් කාටහරි අල්ලස් ගන්න නම් ඉඩ තබන්න එපා. හිතවත්කම් වලට නුසුදුසු අය යවන්න ඉඩ තබන්න එපා. පුහුුණුවත් ගඍ සේවයට යවන අම්මලා පුහුණු කරන අාකාරයට කරලා නම් වැඩක් නැහැ (නි).
මේ ආණ්ඩුවේ තවත් සුරඟන කතාවක්දැයි සැකයි (නි)
විජේ, අපි නම් කැමති රට රැකියාවක් කරලා යමක් හම්බකරගන්න. (ර)
අවුරුදු 5 ක් වැඩ කළාම පුරවැසි කම ලැබෙනවා ...මේ යන කවුරුවත් අපහු ලංකාවට නම් එන්නේ නෑ.....(බ)
පහුගිය කාලේ සිදුවූ දේවල් වල හැටියට අඩුගානේ මෙහෙමවත් දෙයක් මේ ආණ්ඩුවෙන් කරන එක නම් හොඳයි. මැදපෙරදිග යැවිල්ල නම් නතර කළයුතුමයි. (නි)
හෂාන්ට බොහොම ස්තුතියි. ඇත්තම ඇත්ත. ඉස්සර වුණෙත් ඕකම තමයි. ප්‍රශ්න වලින් හෙම්බත් වුණ, දැනුම අඩු අය පටව පටවා අදාළ අය මඩිය තරකර ගත්තා. (නි)
යසස්, මැදපෙරදිග යවන එක නවත්වන්න නිලධාරින් නම් කැමති වෙන එකක් නැහැ. ප්‍රශ්න තියෙනකොට තමයි ඒවා විසඳන්න කිය කියා රට රටවල ශ්‍රමිකයන්ගේ සල්ලි වලින්ම ඇවිදින්න යන්න පුළුවන් වෙන්නේ. (නි)
මේ වගේ රැකියා අවස්ථා තව තවත් වැඩි වැඩියෙන් ඇතිකරන්න (නි)
මේවට තෝරාගැනීම් කරද්දී එක නිලධාරියෙකුට බලය දෙන්න එපා. එතකොට එයා කැමති අය අල්ලස් අරගෙන හරි දාන්න පුළුවන්. තෝරාගැනීමට මණ්ඩලයක් හදන්න. (නි)
යවන්නෙ කවුද, ඇයි යවන්නෙ කියලා විනිවිදභාවයකින් කරන්න. මේක කාටහරි ගාණක් කඩාගන්න පුළුවන් වැඩක් කරන්න නම් ඉඩදෙන්න එපා. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ වැඩකරන අයගේ ගෙවල් වලට පුදපඬුරු එහෙම අරගෙන කට්ටිය එන්නත් පුළුවන්. අපේ රටේ මෙහෙම දේවල් වෙනවා. වෙලා තියෙනවා. ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න. (නි)
මැදපෙරදිග යවන එක නවත්වනවා නම් මෙම කාර්යාංශයට එතරම් වැඩක් නැහැ. බොරුවට සල්ලි දිදී, වාහන ඉන්ධන දිදී, මහා ලොකු නිලධාරි පැලැන්තියක් අපේම දුක්විඳින සල්ලි වලින් නඩත්තු කරන්න ඕනෑවෙන එකක් නැහැ. (නි)
නූගත් ශ්‍රමිකයො යවනකොට තමයි ලොකුවට පුහුණු කරන්න වෙන්නෙයි, විවිධ ප්‍රශ්න ඇති වෙන්නෙයි. උගත් අයව පුහුණුකරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු රස්සාව කරගෙන ඉන්න දන්නවා ප්‍රශ්නත් නැහැ. (නි)
උදම් අනන්න නම් යැවිය යුත්තේ දියුණු රටවලට උගත් ශ්‍රමිකයන් මිස, පහුගිය කාලේ වගේ නෙමෙයි. (නි)
දේශපාලක ලිස්ට් වුණත් කමක් නැහැ. සුදුසු අය වියයුතුයි. එහෙම නැතුව පහුගිය කාලේම ගියෙත් නිල්පාට අය. දැනුත් නිල් අයම යවලා හරියන්නෙ නැහැනේ. හැබැයි නුසුදුස අය යවන්න නම් එපා. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක පක්ෂයක පාටින් වැහිලා තිබුනේ. දැනුත් ඒ අය ඒ පුටු වලමයි. (නි)
මීට කලින් ඔයවගේම සද්දේ දැම්මේ එංගලන්තෙට සාත්තු සේවිකාවන්ව අරිනවා කියලා කෝ මොකද්ද ඒකට වුනේ??(හේ)
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයයි, ඒකාබද්ධ කල්ලියයි, රතු සහෝදරවරුනුයි මේ ගැන මොනවගේ ප්‍රකාශ කරයිද දන්නේ නැහැ. කියයිද දන්නේ නැහැ මේ ගිවිසුමෙනුත් සිද්ධ වෙන්නේ ඇමරිකානුවන්ට ලංකාවේ රෝහල්වල රැකියා දෙන එකයි කියලා. (නි)
මැදපෙරදිගට ශ්‍රමිකයන් යවන එක නවත්වලා මෙහෙම දේවල් කරනවා නම් හොඳයි (නි)
මේකටත් සමහරු ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ (නි)
විදෙස් රටවල් සමඟ හොඳින් සිටීමෙන් අපිට දුර ගමනක් යා හැක (නි)
මැදපෙරදිග යවන එක නවත්තන එක නම් ලොකු දෙයක් (නි)
මැදපෙරදිග යවන එක නැවැත්වුවහොත් විසඳන්න ප්‍රශ්නත් නැතිවෙයි කාර්යාංශයේ අයට (නි)
කාලෙකට පස්සෙ අහන්න ලැබුණ සුබ ආරංචියක් (නි)
ලංකාවේ රෝහල් වල වැඩ කරන සේවිකාවන් මේකට ගියොත් මෙහෙ රෝහල් වල වැඩ කරන්න පුහුණු , පළපුරුදු අය නැති වේවි නේද ? (ර)
ඇමෙරිකාවට එහෙම යන්න බැහැ. හැම දෙයක්ම තහවුරු කරගෙන තමයි ඒගොල්ලෝ අපිව ගන්නේ (නි)
මට මේ සම්බන්ධව හොද පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම දැනට ඊශ්‍රායල් රටේ මේ ජොබ් එකම කරන්නේ. අපිට එ්කට ඉල්ලන්න පුළුවන් විදියක් තිබේනම් දැනුවත් කරන්න. රටට විදේශ විනිමය ගේන මේ වැඩේ ගොඩක් හොද. එ්ක අගය කරන්න ඕන. එ්ත් සුදුස්සන්ව යවන්න. නැතිනම් පළමු සෙට් එකෙන්ම වැඩේ අප්සෙට් වේ. (බ)
සමාරා පලපුරුදු ඇති ගියාට මොකුත් වෙන්නෙ නැහැ. නුපුහුනු අයව පුහුනු කරන්න පුළුවන්. ඉන්න අය ගියොත් ඒ හිඩැස් වලට තව පිරිසකට මෙරට රැකියා විවර වෙනවා. (ර)
ඇමෙරිකාවේ රෝහල් වල වැඩ කරන්න සුදුසුකම් නැතිව ගන්නේ නැහැ, ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් නැතිව මිනිසුන්ට රැකියා දෙන්න ඒ රටට බැහැ. අපේ රටේ හැබෑ දක්ෂයෝ ඉන්නවා.. හරියට පුහුණු කලොත් ලෝකේ ඕනෙම තැනක වැඩ කරන්න ඔවුන්ට පුළුවන්.. (ර)
ආනනද, ඔක ආයි කියන්න දෙයක් නෑ. මොලේ අබමල් රේනුවක තරම් දෙයක් තිබේ නම් ඔක තේරෙන්න ඔනේ. (ර)
මේකට දේශපාලනය ගාවගත්තොත් එහෙම සුනේ සුන්. තියෙන චාන්ස් එකත් නැතිවෙන පොටක් එහෙනම්. (බ)
බණ්ඩාර පසුගිය රජය තිබුණා නම් මේවා හම්බවෙන්නේ නැහැ මේ රජයෙන් හම්බවෙලා තියන දේවල් මේ අවුරුදු 1,1/2 ට හොදටම ඇති නේද.කියල තියෙන්නේ ඇත්ත මයි. අපි දැන් යන්නේ වොක්ස්වැගන් වල, කතා කරන්නේ වයිෆයි වලින් නොමිලේ, වගාවට පොහොර නැතුව වවන්නේ, රජයේ සේවයට එන්නේ පැන්සන් නැතුව, තේ,පොල් රබර් වල අපමණ අගයක්, වී ගැන කතා කරලා වැඩක් නැහැ, මේ ටිකට කරපු සංවර්ධනය කිසිම ආණ්ඩුවකින් කරලා නැහැ. තව ඉතුරු වෙලා තියෙන්නේ රට බෙදල දෙන එක විතරයි නේද. (බ)
අහන්නත් සතුටුයි..මෙන්න කරනවානම් වැඩ...(බ)
නියම සුදුස්සන් මේ සඳහා බඳවා ගන්න. හරි කට්ටිය යැවුවොත් තවත් වැඩියෙන් ලැබෙයි. (නි)
වැඩේ නම් ගොඩක්ම හොඳයි. නමුත් ඉතින් ඇමරිකාව මොනවගේ කොන්දේසි දාලද දන්නේ නැහැ රස්සාවල් දෙන්න හදන්නේ. අපේ රටට නරකක් වෙනවා නම් එහේ රස්සාවලට යනවාට වඩා වටිනවා මෙහේ හිඟාකන එක. (නි)
මේකත් තනිකරම අධිරාජ්‍යවදී කුමන්ත්‍රණයක් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)
වැඩේ බොහොම ඉහළයි. නමුත් එහෙ ගිහිනුත් මෙහෙ රෝහල් වලදී වගේ ලෙඩ්ඩුන්ටයි ලෙඩ්ඩු බලන්න එන අයටයි ගොරවන්න ගියොත් ඒ අවසානේ තමයි. විදේශ විනිමය ලැබීම කෙසේවෙතත් වෙනත් රටවල්වල මීසී නෝනලා කොයි තරම් කරුණාවන්තද කියලා දැනගන්නවත් මෙහෙම යන එක වටිනවා. (නි)
මම වසර නවයක් පුරා ඊශ්‍රායල් වල සාත්තු සේවිකාවක් වශයෙන් සේවය කරමි. මා හට මේ සඳහා අයදුම් කළ හැකිද? එ් කෙසේද? කරුණාකර මා හට දන්වනු මැනවි. (නි)