(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කරමින් එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නියෝගයක් නිකුත් කර ඇත.
නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක් සඳහා පනවා ඇති ඩ්‍රෝන තහනම එළැඹෙන 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 සඳහා පසුගිය 20 වැනිදා පැනවූ ඩ්‍රෝන තහනම දින 30 කාලයක් සඳහා ක්‍රියාත්මකය.
විශේෂ ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් ඉතා වැදගත්කමක් සහිත ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ සහ නගර 53 ක ඩ්‍රෝන ගුවන් යානා ගුවන්ගත කිරීම මෙලෙස ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහනම් කර තිබිණි. අබිරහස විසඳීම සඳහා ඩ්‍රෝන ගුවන්ගත කිරීම සීමා කරන ලෙස ෆෙඩරල් ආරක්ෂක සේවා කළ ඉල්ලීමක් මත මෙම ගුවන් තහනම පැනවූ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඇමෙරිකාවේ තැනින් තැන මතුවන ඩ්‍රෝන යානා පිළිබඳව එෆ්.බී.අයි ආයතනය, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන විමර්ශනයක් සිදුකරන අතර මෙතෙක් එලෙස අබිරහස් අයුරින් මතුවන ඩ්‍රෝන යානා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවට පැවසිය හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවද විමර්ශකයෝ පවසති.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක්