ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත .
වෙඩික්කරු යැයි සැකකරෙන පුද්ගලයා මේ අවස්ථාවේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවත් කොලරාඩෝ පොලිසියේ ලුතිනන් පැමෙලා කැස්ත්‍රෝ පවසා තිබේ.
නමුත් සැකකරු වෙඩි තැබීම සිදු කිරීමට හේතුව කුමක්දැයි පොලිසිය පවසා නොමැත. ගිලන් රථ 11 සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සාමකාමීව ජීවත්වීමට අනාරක්ෂිතම රට ඇමරිකාවයි. ලාංකික බොහෝ අය මෙහෙ ගෙවන්නේ චාටර්ම ජීවිතයි. නිව්යෝර්ක් වල ස්ටැටන් අයිලන්ඩ්හී ලාංකික ප්‍රජාව දිහා බැලුවම ඒක පෙනෙනවා.
අනේ පිටිගල, මිලානෝ වල ලංකාවේ අහිංසකයින්ට ඇසිඩ් ගහන ඇසිඩ් ජිනේ වගේ අය ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉන්න. ඔයත් කුරුනෑගලද?
By now, deaths have been climbed to 25 according to authorities !