උදලාගම වාර්තාව ඇතුළු යුද අපරාධ චෝදනා පිළීබඳව මෙතෙක් ඉදිරිපත් වු වාර්තා දේශපාලන උවමනාවන් මත පමණක් ඉදිරිපත් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා කොළඹ දී අද (21) ප්‍රකාශ කළේය.
යුද අපරාධ චෝදනා පිළීබඳ වාර්තා වලින් යුද අපරාධ වලට සැබෑ චුදිතයා විය යුත්තේ කවුදැයි සාකච්ජා නොකර රජය වෙනුවෙන් සේවය කළ වෙනත් පුද්ගලයන් පාවා දෙන බව ද ඔහු කීවේය.
යුද අපරාධ වලට ශ්‍රි ලංකා රජයේ හමුදාව සම්බන්ධ නොමැති යැයි විවිධ පාර්ශව සඳහන් කළද රජයේ හමුදා වැලිවේරියේදී හා කටුනායක දී කළ කටයුතු වලින් හමුදාවේ ක්‍රියාව පැහැදිලි කරගත හැකි බව ඔහු පැවසූවේය.
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයට ඇමරිකාව මැදිහත් වන්නේ මෙරට මානව හිමිකම් රැකිමට හෝ දෙමළ ජනතාවගේ අයිතිය රැකීමට නොව ආණ්ඩු මාරුවෙන් පසු ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට යැයි ද නාගමුව මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ කිතුල්ගොඩ, හමුදාවේ කිසිම වරදක් කරපු අය කවුරුවත්ම නැද්ද? (නි)
එතකොට දැන් මොනවා කරන්න කියලද ඔබතුමා කියන්නේ? (නි)
දැන් නාගමුව මහත්තයා මොකක්ද කරන්න කියන්නේ? (නි)
හනීස්, ලෝකයේ කොතැනක හෝ ත්‍රස්තවාදීන්ට කැත්තට කැත්තෙන් සහ පොල්ලට පොල්ලෙන් පිළිතුරු දිය යුතුය. එසේ නොමැතිව ජයගත් හෝ නිදහසක් ලත් කිසි කෙනෙක් නැත. (හේ)
ඇමෙරිකාව බිල්ලට ගන්න හදනවා නොවේ , බිල්ලට දෙන්න යනවා සිය කැමැත්තෙන් අපේ කල්ලිය . මනෝ ලෝකේ ඉන්න උදවිය දන්නේ නැහැ අද චීනෙට වදිනවා පොර්ට් සිට්ය් එක පටන් ගන්න කියලා , නෙලුම් කුලුන නවතනවා කිව්වා , උමා ඔය නවතනවා කිව්වා . කෝ නවතුවාද ? චිනේ ලංකාවේ බින්න බහින්න ආවේ නැහැ , චිනේ මෙහෙ ආවේ බිස්නස් කරන්න , මෙහෙ බැරිනම් වෙන කොහේ හරි යනවා , දැන් එන කට්ටිය එන්නේ රට කන්නනේ , ඉන්න කට්ටිය හදන්නේ රට විකුනන්නේ ,(ම)
කවුද මේ හාදය? විප්ලව කරපු අයට මොන මානව හිමිකම්ද? (ම)
ඇමෙරිකාව කියන්නේ දියුණු රටක් (අ)
ඇමරිකාවට ලංකාවේ සයිස් එක ඇති වෙයිද බිල්ලට ගන්න. ඇයි යුද්දෙ තිබුණනම් සමහර විට ජයතිලක කොනේට් ලියන්න ඉතුරු වෙන එකකුත් නැහැ. නමුත් බටහිරට බිල්ලන්ව අපිට පෙන්නනවා වැඩි. ඡන්දේ දවස්වල ඒක හොඳටම වැඩි. (බ)
ඔය ඇතන්ගේ ළමයි ඉගෙනගන්නේ ඇමරිකාවේ. (ම)
යුද්ධය සංකීර්ණයි සංවේදියි. කැත්තට කැත්ත මිසක් නවගුණ වල යොදා ගන්නේ නැහැ. වළක්වාගත හැකි අපරාධ නම් සොයා බලා විසදුම් තීරණය කළ යුතුයි, අපේ හමුදාව පමණක් බිල්ලට ගැනීමේ කුමන්ත්‍රණ හඳුනා ගනිමු. (ම)
ඒ දවස්වල චීනේ බාගෙට බිල්ලට අරගෙන තිබුනේ. හොඳ වෙලාවට අපි වෙලාවට මකර කටෙන් රට බෙර ගත්තා. (අ)
එතකොට තමුන් කියන්නේ යුද හමුදාව පාවා දෙන්නද?(හේ)
කොයි කාගේත් බලය ගැන අපි දන්නවා. දැන් පහුගිය කාලේ බලය අල්ලාගෙන රටට කරපු හරියත් අපි දැක්කා. (නි)
සමහරුන්ගෙන් තමන්ට වැඩකුත් නැහැ. රටට වැඩකුත් නැහැ (නි)
මේ කවුරු කවුරුත් එන්නේ කාගේ උවමනාවටද කියලා පැහැදිලි කරන්න තවත් අටුවා ටීකා අපිට ඇවැසි නැහැ. රණවිරුවෝ රට බේරාගත්තේ නැත්නම් තවත් දහස් ගානක් බිලිවෙන්න තිබුනා. (නි)