ගැටුම් පැවති සමයේ සිදු වුවායැයි කියන සිද්ධී සොයා බැලීම සඳහා ඇමෙරිකාවේ ජාත්‍යන්තර යුද අපරාධ නීතීය පිළිබඳ විශේෂ තානාපති ස්ටීවන් ජේ රැප් උතුරේ කළ සංචාරය ගැන ටිවිටර් සමාජශාලා වෙබ් අඩවිය ඔස්සේ ඒකපාර්ශවීය ලෙස පළ කළ ඡායාරූප සහ විස්තර සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් වෙත කනස්සල්ල පළ කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.
එසේම රැප් තානාපතිවරයා තුලින් එළැඹි තීන්දු තීරණ මත හිදිමින් ශ්‍රී ලංකාව ගැන නිගමනයන්ට එළැඹිම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධය පළ කරන බවද ඔහු කියයි.
මේ අතර ජේ රැප්ගේ මෙරට පස් දින නිළ සංචාරය සම්බන්ධයෙන් අද (12) නිවේදනයක් නිකුත් කළ මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටියේ රැප් මෙරට රැදී සිටින කාලය තුලදී පැවැත් වු සාකච්ඡාවලදී යුද ගැටුම් වල අවසාන කාලයේදී සිදු වු මානව අයිතිවාසිකම් බරපතල ලෙස අපහරණයට ලක් වීම,ඇතුළු ජාත්‍යන්තර මානුෂිය නීතී උල්ලංඝණය පිළිබඳ ඇසින් දුටු සාක්කිවලට සවන්දීමට හැකි වු බවයි.
මේ තත්ත්වය යටතේ ස්වාධින විශ්වාසදායි පරීක්ෂණ පැවැත්වු සත්‍ය සෙවිමටත් ,අදාළ අවස්ථාවලදි දඩුවම් පැමිණවීමටත් ඇමෙරිකාව ශ්‍රී ලංකා රජය දිරිමත් කරවන බවද එහි සඳහන්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැටලුවෙන් ගොඩ යන්න මුලින්ම වැඩ බැරි ඇමතිවරු ඉවත් කරන්න. ඊලගට රටට ආදරේ ඇති තානාපතිවරු පත්කරන්න. දැන්ම ඉදන්ම මිතුරු රටවල් දැනුවත් කරන්න. බර හැදුනාම පිටිටනිය හොයන්නේ නැතුව දැන්ම හොයා ගන්න. (නදී)
දෙයියන්නේ ගේ නාමය ට අපි මේ දේශපාලුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නුඹලාගේ තියෙන ඔල මොට්ටල කම් වලින් අතපසු කර ගත්ත බොහෝ දේවල් නිසා පස්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් නැගු චෝදනා වලට මුහුණ දිය යුත්තේ නුඹලා මය. ඒවාට අහිංසක අසරණ ජනතාව ගාව ගන්නත් එපා, ජනතාවගේ අනුකම්පාව සූරාගෙන චන්ද වාසි ගන්න දඟලන්නත් එපා. ඒ වා සදාචාර විරෝධීයි. (නදී)
රෑප් අවසාන මෙහෙයුම් කාලේ මානුෂීය නීති උල්ලංඟණය කරපු හෑටි හොයන්න එන්නේ....එයාලා ඉරාක මෙහෙයුම් වල අවසාන කාලයේ දාපු පොකුරු බෝම්බ වල තිබුන රසායනික වලින් මිනිසුන්ගේ ඈදුම් පිලිස්සෙන්නේ නෑතිව මිනිස් සිරුරට හානිගෙනදෙන රසායනික අවි පාවිච්චි කලා...ඒව සොයා බෑලුවෙ නෑද්ද?...අපේ වගේ විනයගරුක මානවහිතවාදි හමුදාවක් ලෝකයේ කිසිම රටක නෑ....වෙඩි වෑදුන හතුරටත් බෙහෙත් කලා....ලොකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෙනි තමන්ගේ ජාතික ධජය රගෙන පෙරට වරෙව්..හෑකි අයුරින් කොටින්ගෙ අපරාධ ලෝක ජනතාවට අනාවරාණය කරනු. මූනුපොත් තුලින් උපරිම පල නෙලනු. එය ඔබ රට වෙනුවෙන් කරන යුතුකමකි. අපට පාට භේදයක් එපා. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නෑගී සිටිමු.(නදී)
ඇමරිකාව මේ වගේ තදින් එල්.ටී.ටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් කටයුතු කළා නම් ජිවිත ලක්ෂ ගණනක් ඉතිරිකරගන්න තිබුන නේද? (නදී)
ලංකාවේ රජය විසින්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කල එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශයන් ඒ අයුරින් ක්‍රියාවට නොනැගීමෙන් ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසයන් බිඳී ගොස් මෙවැනි විදේශ නිරීක්ෂණ වල සිට ජාත්‍යන්තර මට්ටමින් ලංකාවට විරුද්ධව ඉරානයට කලාමෙන් ආර්ථික සම්බාධක පැනවීම දක්වා දරුණු වීමට බොහෝ ඉඩ ඇති බව අපි වටහා ගත යුතුයි.(නදී)
නියම විදේශ ප්‍රථිපත්තියක් තියන රටවල්, ඔය බුරන බල්ලන්ට බය නැහැ. අපේ රටේ විදේශ තානාපතිවරුන්ගෙන් 90% ක් ඉන්නේ තමන්ගේ රාජකාරිය හරියට නොදන්නා අය. ඒක මුලු ලෝකයම දන්න නිසයි අපේ ඔලුවට අත හෝදන්නේ. (නදී)
ලෝක පොලිස් කාරයා තමන් යැයි සිතන ඇමෙරිකාව කරන අපරාධ ගැන පරිෂණ පවත් වන්නට කෙනෙක් නැද්ද ? බලය වෙනුවෙන් රට තුල නිතිය සාදාරනය යට පත් වෙන විට දේශපාලකයන් බලය වෙනුවෙන් මරාගන්නා විට මේ රටේ සිංහල අයිතියට ද්‍රෝහිකම් කරන වෙනත් ජාත්‍යන්තර බල වේගයන් මෙරටට විරුද්දව කටයුතු කිරීම පුදුමයක් නොවේ.
ඇමරිකාවෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වනුයේ අවි වෙලදාම එහෙම කෙනෙක් කෙසේද තවත් රටක යුධ අපරාධ ගැන සොයන්නේ. ඒක නිකන් ගණිකා මඩමක් කරන කෙනෙක් කාන්තාවගේ පතිවත සොයනවා වගේ වැඩක්. කෙසේ නමුත් ලංකාවෙ සිංහල පිරිසක් ගොඩාක් සතුටු උනා ඔය ඇමරිකන් පුද්ගලයා ලංකාවට පැමිණිම සමිබන්ධයෙන්. පේස් බුක් සමාජ වෙබි අඩවිය හරහා එක එක නිර්මණ කරලා ඔවුන් ගේ සතුට පවා ප්‍රකාශ කලා. එහිදි ප්‍රධාන වශයෙන් පහර එල්ල කලේ ජනාධිපති මහින්ද වෙත. නමුත් ඔවුන් දන්නේ නැ මෙය ලංකාවෙ ප්‍රශ්ණයක් මිස මහින්ද ජනාධිපතිවරයා සමිබන්ධයෙන් වු ප්‍රශ්ණයක් නොවන බව. (නදී)
අපි මේක ගැන කලබල වෙන්න ඕනේ නෑ. මේ පරීක්ෂණය ආණ්ඩුවට විරුද්ධව මිසක් රටට විරුද්ධව නෙවෙයි. වැරදි කරානම් දඬුවම් හම්බ වෙයි. (දිල්)
හුඟක් අය මේ මනුස්සයාගේ ගමන ගැන එක එක දේවල් කියනවා. මම නම් මෙයා හරිද වැරදිද කියන්න යන්නේ නැහැ. හොඳම දේ තමයි පරීක්ෂණයක් කරන එක. එක ඇමරිකාවට යටවීමක් නෙමෙයි. හරි වැරැද්ද හොයල බලන එක හොන්දනේ. අනික වැරදි කරලා නැතිනම් බය වෙන්නේ මොකටද. මේක දැක්ක ගමන් සමහර අය වලිගෙ උස්ස ගෙන මට බනියි. හැබැයි මේක නොකලොත් හෙට අපි ඔක්කොම අමාරුවේ .(නදී)
රායප්පු ජෝශප්ලා මේගොල්ලට උඩගෙඩි දෙන්නේ මොකද කියලා මට හිතාගන්න බැහැ.(නදී)
මේ ප්‍රශ්නය ගොඩක් දුර දිග යනවා ගොඩින් බෙර ගත්තොත් හොදයි නේද ?(දිල්)
ඇමෙරිකාව මේ පාර ඉල්ලන් කන්නයි හදන්නේ, ගහන්න ඕනේ කොටින්ට ගැහුවා වගේ.(නදී)
ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ කෙස් ගහ පෙන්නනවා කියන්නේ ඕකටයි. කොහෙවත් ඉන්න අයට අපි ගැන තියන රුදාව මොකක්ද. අපි ගැන අපිට බලාගන්න පුළුවන්. (නදී)
ඇමරිකාව මොකද මේ ලඟකදී ඉදලා ලංකාවට ප්‍රශ්න ඇති කරන්න හදන්නේ (දී)
රේණු ,ඔය ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවත් එක්ක මිස අසරණ පුරවැසියා එක්ක නොවේ. ඔය වගේ කෙනෙක්වත් හිටියේ නැත්නම් හැම රටකම ජනාදිපති වරු හිට්ලර් ඉඩි අමීන්,සදාම් හුසේන් වගේ පාලකයෝ බිහිවෙයි. කරුණාකර පල කරන්න.(නදී)
රැප් මහත්තයා හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගේ වැඩක් කරලා තියෙන්නේ.(නදී)