IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකාව ලංකාව තද කරන්නම බලයි

ගැටුම් පැවති සමයේ සිදු වුවායැයි කියන  සිද්ධී සොයා බැලීම  සඳහා ඇමෙරිකාවේ  ජාත්‍යන්තර යුද අපරාධ නීතීය පිළිබඳ විශේෂ තානාපති  ස්ටීවන් ජේ රැප් උතුරේ කළ සංචාරය ගැන ටිවිටර් සමාජශාලා වෙබ් අඩවිය ඔස්සේ ඒකපාර්ශවීය ලෙස  පළ කළ ඡායාරූප  සහ විස්තර සම්බන්ධයෙන්  විදේශ අමාත්‍ය ජී එල් පීරිස්  වෙත කනස්සල්ල  පළ කැර ඇතැයි  විදේශ අමාත්‍යංශය පවසයි.

එසේම රැප් තානාපතිවරයා තුලින් එළැඹි තීන්දු තීරණ මත  හිදිමින් ශ්‍රී ලංකාව  ගැන නිගමනයන්ට එළැඹිම සම්බන්ධයෙන්  තමන් දැඩි විරෝධය  පළ කරන බවද  ඔහු කියයි.

මේ අතර  ජේ රැප්ගේ මෙරට පස් දින නිළ සංචාරය  සම්බන්ධයෙන්  අද (12) නිවේදනයක් නිකුත් කළ මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටියේ රැප් මෙරට රැදී සිටින කාලය තුලදී පැවැත් වු සාකච්ඡාවලදී යුද ගැටුම්  වල අවසාන කාලයේදී සිදු වු  මානව  අයිතිවාසිකම් බරපතල ලෙස අපහරණයට ලක් වීම,ඇතුළු ජාත්‍යන්තර  මානුෂිය නීතී  උල්ලංඝණය  පිළිබඳ ඇසින් දුටු සාක්කිවලට  සවන්දීමට හැකි වු බවයි.

මේ තත්ත්වය යටතේ ස්වාධින විශ්වාසදායි පරීක්ෂණ පැවැත්වු සත්‍ය සෙවිමටත් ,අදාළ අවස්ථාවලදි  දඩුවම් පැමිණවීමටත් ඇමෙරිකාව  ශ්‍රී ලංකා රජය දිරිමත්  කරවන බවද එහි සඳහන්ව ඇත.

 

 

 

 

 

 



අදහස් (0)

ඇමෙරිකාව ලංකාව තද කරන්නම බලයි

ජි. ශිරාණි Sunday, 12 January 2014 09:59 PM

මේ ගැටලුවෙන් ගොඩ යන්න මුලින්ම වැඩ බැරි ඇමතිවරු ඉවත් කරන්න. ඊලගට රටට ආදරේ ඇති තානාපතිවරු පත්කරන්න. දැන්ම ඉදන්ම මිතුරු රටවල් දැනුවත් කරන්න. බර හැදුනාම පිටිටනිය හොයන්නේ නැතුව දැන්ම හොයා ගන්න. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 12 January 2014 11:45 PM

දෙයියන්නේ ගේ නාමය ට අපි මේ දේශපාලුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නුඹලාගේ තියෙන ඔල මොට්ටල කම් වලින් අතපසු කර ගත්ත බොහෝ දේවල් නිසා පස්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් නැගු චෝදනා වලට මුහුණ දිය යුත්තේ නුඹලා මය. ඒවාට අහිංසක අසරණ ජනතාව ගාව ගන්නත් එපා, ජනතාවගේ අනුකම්පාව සූරාගෙන චන්ද වාසි ගන්න දඟලන්නත් එපා. ඒ වා සදාචාර විරෝධීයි. (නදී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 12 January 2014 11:48 PM

රෑප් අවසාන මෙහෙයුම් කාලේ මානුෂීය නීති උල්ලංඟණය කරපු හෑටි හොයන්න එන්නේ....එයාලා ඉරාක මෙහෙයුම් වල අවසාන කාලයේ දාපු පොකුරු බෝම්බ වල තිබුන රසායනික වලින් මිනිසුන්ගේ ඈදුම් පිලිස්සෙන්නේ නෑතිව මිනිස් සිරුරට හානිගෙනදෙන රසායනික අවි පාවිච්චි කලා...ඒව සොයා බෑලුවෙ නෑද්ද?...අපේ වගේ විනයගරුක මානවහිතවාදි හමුදාවක් ලෝකයේ කිසිම රටක නෑ....වෙඩි වෑදුන හතුරටත් බෙහෙත් කලා....ලොකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෙනි තමන්ගේ ජාතික ධජය රගෙන පෙරට වරෙව්..හෑකි අයුරින් කොටින්ගෙ අපරාධ ලෝක ජනතාවට අනාවරාණය කරනු. මූනුපොත් තුලින් උපරිම පල නෙලනු. එය ඔබ රට වෙනුවෙන් කරන යුතුකමකි. අපට පාට භේදයක් එපා. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නෑගී සිටිමු.(නදී)

:       0       0

කුමාර Monday, 13 January 2014 12:08 AM

ඇමරිකාව මේ වගේ තදින් එල්.ටී.ටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් කටයුතු කළා නම් ජිවිත ලක්ෂ ගණනක් ඉතිරිකරගන්න තිබුන නේද? (නදී)

:       0       0

පෙරේරා Monday, 13 January 2014 02:28 AM

ලංකාවේ රජය විසින්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කල එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශයන් ඒ අයුරින් ක්‍රියාවට නොනැගීමෙන් ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසයන් බිඳී ගොස් මෙවැනි විදේශ නිරීක්ෂණ වල සිට ජාත්‍යන්තර මට්ටමින් ලංකාවට විරුද්ධව ඉරානයට කලාමෙන් ආර්ථික සම්බාධක පැනවීම දක්වා දරුණු වීමට බොහෝ ඉඩ ඇති බව අපි වටහා ගත යුතුයි.(නදී)

:       0       0

ජයන්ත Monday, 13 January 2014 06:33 AM

නියම විදේශ ප්‍රථිපත්තියක් තියන රටවල්, ඔය බුරන බල්ලන්ට බය නැහැ. අපේ රටේ විදේශ තානාපතිවරුන්ගෙන් 90% ක් ඉන්නේ තමන්ගේ රාජකාරිය හරියට නොදන්නා අය. ඒක මුලු ලෝකයම දන්න නිසයි අපේ ඔලුවට අත හෝදන්නේ. (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 13 January 2014 06:33 AM

ලෝක පොලිස් කාරයා තමන් යැයි සිතන ඇමෙරිකාව කරන අපරාධ ගැන පරිෂණ පවත් වන්නට කෙනෙක් නැද්ද ? බලය වෙනුවෙන් රට තුල නිතිය සාදාරනය යට පත් වෙන විට දේශපාලකයන් බලය වෙනුවෙන් මරාගන්නා විට මේ රටේ සිංහල අයිතියට ද්‍රෝහිකම් කරන වෙනත් ජාත්‍යන්තර බල වේගයන් මෙරටට විරුද්දව කටයුතු කිරීම පුදුමයක් නොවේ.

:       0       0

රේණු Monday, 13 January 2014 10:10 AM

ඇමරිකාවෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වනුයේ අවි වෙලදාම එහෙම කෙනෙක් කෙසේද තවත් රටක යුධ අපරාධ ගැන සොයන්නේ. ඒක නිකන් ගණිකා මඩමක් කරන කෙනෙක් කාන්තාවගේ පතිවත සොයනවා වගේ වැඩක්. කෙසේ නමුත් ලංකාවෙ සිංහල පිරිසක් ගොඩාක් සතුටු උනා ඔය ඇමරිකන් පුද්ගලයා ලංකාවට පැමිණිම සමිබන්ධයෙන්. පේස් බුක් සමාජ වෙබි අඩවිය හරහා එක එක නිර්මණ කරලා ඔවුන් ගේ සතුට පවා ප්‍රකාශ කලා. එහිදි ප්‍රධාන වශයෙන් පහර එල්ල කලේ ජනාධිපති මහින්ද වෙත. නමුත් ඔවුන් දන්නේ නැ මෙය ලංකාවෙ ප්‍රශ්ණයක් මිස මහින්ද ජනාධිපතිවරයා සමිබන්ධයෙන් වු ප්‍රශ්ණයක් නොවන බව. (නදී)

:       0       0

මෙන්ඩිස් Monday, 13 January 2014 11:53 AM

අපි මේක ගැන කලබල වෙන්න ඕනේ නෑ. මේ පරීක්ෂණය ආණ්ඩුවට විරුද්ධව මිසක් රටට විරුද්ධව නෙවෙයි. වැරදි කරානම් දඬුවම් හම්බ වෙයි. (දිල්)

:       0       0

විජේරත්න Sunday, 12 January 2014 05:49 PM

හුඟක් අය මේ මනුස්සයාගේ ගමන ගැන එක එක දේවල් කියනවා. මම නම් මෙයා හරිද වැරදිද කියන්න යන්නේ නැහැ. හොඳම දේ තමයි පරීක්ෂණයක් කරන එක. එක ඇමරිකාවට යටවීමක් නෙමෙයි. හරි වැරැද්ද හොයල බලන එක හොන්දනේ. අනික වැරදි කරලා නැතිනම් බය වෙන්නේ මොකටද. මේක දැක්ක ගමන් සමහර අය වලිගෙ උස්ස ගෙන මට බනියි. හැබැයි මේක නොකලොත් හෙට අපි ඔක්කොම අමාරුවේ .(නදී)

:       0       0

කමල් Sunday, 12 January 2014 05:56 PM

රායප්පු ජෝශප්ලා මේගොල්ලට උඩගෙඩි දෙන්නේ මොකද කියලා මට හිතාගන්න බැහැ.(නදී)

:       0       0

ෂේන් Sunday, 12 January 2014 06:16 PM

මේ ප්‍රශ්නය ගොඩක් දුර දිග යනවා ගොඩින් බෙර ගත්තොත් හොදයි නේද ?(දිල්)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 13 January 2014 02:01 PM

ඇමෙරිකාව මේ පාර ඉල්ලන් කන්නයි හදන්නේ, ගහන්න ඕනේ කොටින්ට ගැහුවා වගේ.(නදී)

:       0       0

සුදත් Sunday, 12 January 2014 07:19 PM

ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ කෙස් ගහ පෙන්නනවා කියන්නේ ඕකටයි. කොහෙවත් ඉන්න අයට අපි ගැන තියන රුදාව මොකක්ද. අපි ගැන අපිට බලාගන්න පුළුවන්. (නදී)

:       0       0

රේණුකා මල්ලවාරච්චි Tuesday, 14 January 2014 08:29 AM

ඇමරිකාව මොකද මේ ලඟකදී ඉදලා ලංකාවට ප්‍රශ්න ඇති කරන්න හදන්නේ (දී)

:       0       0

නිශාන්ත Monday, 13 January 2014 03:02 PM

රේණු ,ඔය ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවත් එක්ක මිස අසරණ පුරවැසියා එක්ක නොවේ. ඔය වගේ කෙනෙක්වත් හිටියේ නැත්නම් හැම රටකම ජනාදිපති වරු හිට්ලර් ඉඩි අමීන්,සදාම් හුසේන් වගේ පාලකයෝ බිහිවෙයි. කරුණාකර පල කරන්න.(නදී)

:       0       0

රේණුකා Sunday, 12 January 2014 08:09 PM

රැප් මහත්තයා හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගේ වැඩක් ක‍රලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site