මානවහිමිකම් වග වීම් හා සංහිදියා ක්‍රියාවලිය ගැන රාජපක්ෂ රජය නිසි පියවර නොගතහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාවගේ ඉවසීම දිය වී යනු ඇතැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි.
දකුණු හා මධ්‍යම ආසියා සහකාර ලේකම් නිශා දේශායි බිස්වාල් මේ බව පැවසු බව ඉන්දියා පුවත් සේවය කියයි.
ශ්‍රී ලංකාව ඔවුන්ගේම ක්‍රියා මාර්ග ඔස්සේ මේ ප්‍රශ්නයට හිත යොමු කරනු ඇතැයි ද ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් අයගේ වැරදි නොපෙන්වා තමන් නිවැරදි බව පෙන්වීම හොදයි (නි)
ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ඇමෙරිකවටද??? අදනේ දන්නේ. හැබැයි ඉතින් වැඩ කෙරීගෙන යන විදිහෙන්නම් පේනවා ජාත්‍යන්තර ප්‍රජාව වැඩ කරන්නේ කාගේ උවමනාවටද කියලා... (ස)
ඉම්රාන්ට වැරදිලා. ගඩාෆි කියන්නේ සදාම් කියන්නේ අපි ගරු කරන නායකයෝ දේපලක්. ගඩාපිව කානු පල්ලේ බල්ලෙක් වගේ මරල දැම්මා මුළු ලෝකෙටම පේන්න. ඒකට සම්මාදම් උණු කාටවත් දඩුවමක් ලැබෙනවා අපි දැක්කේ නැහැ. වර්තමාන ලිබියා රජය සමගම ඔවුන්ට සහය වුනු අමෙරිකාවත් අනෙකුත් බටහිර රටවලුත් එම සිදුවීමට සම්පුර්ණයෙන් වග කිව යුතුයි. ගඩාපිගේ මානව හිමිකම් වලට මොකද උනේ කියන ප්‍රශ්නය ඉම්රාන්ලට නැද්ද? කිසිම ඉස්ලාම් රටක් මේ වෙනුවෙන් හඩක් නගනවා ඉම්රාන් දැකල අහල තියෙනවාද? (නදී)
ඉම්රාන් කියන කෙනා කිව දේ ගැන මන් නම් එකග නොවනවා සේම මෙතන බෙරිහන් දෙන ඊනියා ජතිකවාදියෝ,වර්ගවාදියෝ සමගද මන් නම් එකග නොවෙමි.(නදී)
ඇමරිකාවට ජය වේවා.... මෙ රටේ අමුතුවෙන් විනාසවෙන්න දෙයක් නැහැ...(නදී)
ලෝකයේ වැඩියෙන්ම මානව හිමිකම් උල්ලංගනය කරපු අය තමයි මහා බ්‍රිතාන්‍යය හා ඇමරිකාව. දැනුත් අනුන්ගේ දුරකථන සංවාද හොරෙන් අසනවාලු. මේවා ගැන වගක් නැතුව අනුන් ගැන සොයනවා. (නි)
ඇමරිකාව කරපුවා? තෙල් වලට සල්ලි වලට මිනිස්සු මරපුවා?.(නදී)
එහෙන් ජාත්‍යන්තර තර්ජන මෙහෙ කිසිම ගානක්වත් නැතුව රජකම් කරගෙන ජොලියේ ඉන්නවා. ඒ මදිවට ජාතිවාද අවුස්සන සංවිධාන වලට අනුබලත් දෙනවා මට නම් තේරෙන්නේ නැහැ ලංකාවට මොනවා වේවිද කියලා.(නදී)
ඉම්රාන්ට පිස්සුද , සිංහලයෝ කවුරු මැරුණත් රතිංඥා පත්තු කරන්නේ පාරවල් ගානේ කිරිබත් කන්නේ නැහැ. ඒ එංගලන්තේ වෙන්න ඇති.(නදී)
අලි අහමද් අපි මොන ජාතියට අයත් උනත් කොහෙන් ආවත් දැන් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඔබ වගේ දැනුම් තේරුම් ඇති අය සිටින එක ගැන සතුටුයි. (නදී)
ඉම්රාන් කියා ප්‍රතිචාර දැමු කෙනාට පිස්සු. (නදී)
තමන්ගේ කෙරුවාවල් ගැන මොකද කියන්නේ. ඉරාකේ, ලිබියාවේ ලක්ෂ කීයක් දැන් මරල දාල තියෙනවද. ඒවා හොයන්න ඕනේ නැද්ද?.(නදී)
පවුල් බලය, දේසපාලන බලය රැකගැනීමට, සිංහල අපි එකිනෙකා මරා ගනිමු. තරමට වඩා ඉදිමීමට ලෝකයට ණය වෙමු. එවිට අපිට තව තවත් ජාත්‍යන්තර තෑගී ලැබේවි. (ස)
මෝරලා සමග මම එකගි (අ)
කවුද ඇත්තටම මේ අන්තර් ප්‍රජාව කියන්නේ.? අනේ අම්මප මුන්ගේ මේ කතා අහනකොට මේ අයගේ කොල බොක්ක තියෙනවද කියල බලන්ට හිතෙනවා..(නදී)
අපි බයවෙයි, මුන් දන්නේ නැහැ ආසියාවේ ශක්තිය. (අ)
ඉම්රාන් ජාතිවාදය අවුස්සන්නේ ඹහේලගේ කට්ටියම තමා (අ)
සදාම් හුසේන් , ගඩාෆි මරනකොට රතිංඥා පත්තු කළ ලංකාවේ සිංහල මිනිස්සුන්ට වෙච්ච දේට හිනා යනවා. දැන්වත් තම රටේ ඉන්න සුළු ජාතීන්ට නිසි තැන දෙන්න බලන්න. ඔය බලුසේනා ටික එලවල දමන්න. ලංකාව පිරිසිදු රටක් වේවි. ජාතිවාදී අදහස් කොපමණ දැම්මත් මෙය තමා ඇත්ත.(නදී)
මොකද මේ මැක්කා වැඩ දාලා අපේ රට බෙදන්නයි තැත් කරන්නේ. අපේ මහින්ද මහත්තයා ඉන්න කම් ඒවා හදේ තමයි.(නදී)
ඇත්තටම ඉම්රාන් කියන මේ පුද්ගලයා ඉන්නේ මේ ලෝකෙද නැතිනම් අගහරු වලද තමුසෙට මතක නැතිද අපේ ජනාධිපති ලිබියානායකයාගේ කරට අතදාගෙන පොටෝ ගැසුව ලිබියා සහ ඉරාක නායකයන් ඔබලාගේ ජාතිය විසින්ම මරල දමනවිට ලංකාවේ මිනිසුන් සහ අපේ කොන්ද තියෙන නායකයා නොවේද එපිලිබදව කණගාටු උනේ අනෙක මේ ටිකත් හොදට මතක තියා ගන්න රට වෙනුවෙන් අපකළ සේවය ඔබට වඩා මම දන්නවා හේතුව මමත් වසර විසිදෙකක් රට වෙනුවෙන් සේවයකළ රණවිරුවෙක් අනෙක ලංකාවේ සිංහල මිනිසුන් ඔබල තරම් ජාතිවාදී නැතිබවද හොදට මතක තියා ගන්න (අ)
හොඳ වෙලාවට 'අන්තරජාතික ප්‍රජාව' කියන්නේ එක කට්ටියකට නෙමෙයි. ඇමෙරිකාවට නම් ඒ පැත්තේ කට්ටිය, කොටින්ට නම් ඩයස්පෝරාව, බ්‍රිතාන්‍යයට නම් යුරෝපේ කට්ටිය...ඔහොම එක එක්කෙනාට වෙන වෙනම අන්තර්ජාතික ප්‍රජාවල් ඉන්නවා. අපිටත් ඉතින් නැතුවාම නෙමෙයි..(නදී)
ඉම්රාන්,,,, සදාම්, ගඩාපි මරුනාම සිංහලයෝ හිනා වුනේ නැහැ දුක්වුනා...ඇමෙරිකාවට කඩේ යන ඔයාල වගේ ටික දෙනෙක් හින්දා තමා ජාතිවාදය ඇවිස්සෙන්නේ. අපේ බලසේනා නැත්නම් ඔයාලට හරි ජොලි නේද?? (ස)
ඉම්රාන් , ඇයි සේනා විතරක්.. ? ඇයි ඔයාලගේ අල්ලා හලාල් බද්ද ගන්න කිව්වෙ මොන පොතේද? ලෝකෙ මොනම ජාතියක් එක්ක වත් මොනම ආගමිකයන් එක්කවත් සහයෝගයෙන් ඉන්න බැරි එකම ආගම ඉස්ලාම්.. ඉස්ලාම්වරු අන් ආගමිකයන් එක්ක සහයෝගයෙන් ඉන්න ලෝකෙ එකම රටක්වත් කියනවද? නිකං යනව හලෝ යන්න.. (ස)
ඒයි .. ඉම්රාන් .. තමුන්ලා කොහෙද දන්නේ සදාම් මරන කොට සිංහලයෝ රතිඤ්ඤා දැම්ම කියලා.. සිංහලයෝ කෙසේ වෙතත් සෞදි අරාබියේ ගැත්තෝ වෙන ඔහෙලා නම් හුරේ දැම්ම ලු.. සදාම් සහ ගඩාපි කියන්නේ සිංහලයෝ ආදරය කරපු ලංකාවට හිතවත් නායකයෝ දෙන්නෙක්.. පුලුවන්නම් ඇමෙරිකාවට උදව් කරන සෞදි එම්බස්සිය ඉස්සරහ ගිහින් එක උද්ගෝෂණයක් කරනවලා.. ඔහෙලගෙ තොප්පිය හැරෙන හැරෙන පැත්තට.. (ස)
ඉම්රාන් ඔය ගොල්ලො මෙච්චර දේවල් කරලත් ඔහොම ඉන්නේ සිංහල මිනිස්සු හොඳ නිසායි.ඔය ගොල්ලො මේරටෙත් වැඩිවෙච්ච දවසට හොඳටම බලාගන්න පුලුවන් සහජීවනේ.(අ)
මම මේ හොයන්නේ ඉන්දු-ලන්ඩන්, ඉන්දු- මෙල්බන් වගේ ඉන්දු - නිව්යෝක් කෙනෙක්.එයාට කියල ඔබාමාට හොඳටෝම බන්න වන්න. (ස)
අපේ රීරි මාංශය හූරාගෙන කන දේශපාලකයො ඉන්න රටේ, සාදාරණයක් නැති රටේ, රස්සාවක් ගන්න පසුපස්සෙන් යන්ට ඕනෑ රටේ, දේශපාලකයන්ට ඇමරිකාව නොවේ මුරුසිය ගහනවා කිවුවත් මං නම් අත් දෙකම උස්සනවා. (නි)
ඉම්රාන්, අපි ඉන්නේ සිංහල රටක. වැරද්දට වැරද්ද කියන්න ඕන. අල්ලාහ් එහෙමයි කියල තියෙන්නේ.. සදාම් හුසේන් වැරදි කල නිසා දඩුවම් වින්දා.... අපි වෙලඳාමට කියල මේ රටට ඇවිත් මෙහේ පදිංචිම උනා. සිංහල කාන්තාවාන් අපේ ජාතියේ අය එක්ක විවාහ උන නිසා අපිට මෙහේ පදිංචි වෙන්න පුලුවන් උනා. අපි අපිට අයිති නැති රටක ඉඳන් ඒ රටට ගරහන එක වැරදියි. මම අවංකයි. ඒකයි මෙහෙම කිව්වේ.... (ස)
ඉම්රාන්ට පිස්සුද? අපේ රටේ කිසිකෙනෙක් ඒ අය මැරුණට සතුටු වුණේ නැහැ (නි)
හලෝ ඉම්රාන්... සදාම් හුසේන්, ගඩාපි මරන කොට අපි රතිඤ්ඤා පත්තු කලේ නෑ. අපි දුක් උනා.ඔහෙලා තමයි ඒකට සතුටු උනේ. (ස)
ඉම්රාන්, ඔයාට කොතැනක හෝ වැරදීමක් වෙලා තියෙනවා.අපේ රටේ කිසිම කෙනෙක් සතුටු වුයේ නැහැ.ඔය නායක දෙපල ඝාතනය කරපු වෙලාවේ අපේ රට දුක් උනා. ගඩාෆි මරපු විදිය කොච්චර අමානුෂිකද? තානාපති කාර්යාලවලට අපේ ලාංකිකයින් පා ගමනින් ගොස් විරෝධතා දැක්වූ බව ඔයා දන්නේ නැත්ද? ඔයාට කෙසේ වුනත් ශ්‍රී ලංකාව අරාබි ලෝකයට හොඳ මිතුරෙක්. (ස)
රතු එළියට විරුද්ධව ධාවනය ලංකාවේ හුරුපුරුදු දෙයක්නේ. නේද? (නි)
සදාම්, ගඩාපි, ඝාතන වලදී සිංහලයෝ රතිඤ්ඤා දැම්මේ නැත...! (ස)
ඉම්රාන් වලිගෙ පැගිල ද එහෙම නැතිනම් ඌරු මස් කෑල්ලක් කැවුනද.? සදාම්, ගඩාෆි කියන්නේ අපේ වීරයෝ. (ස)
මම හිතන්නෙ ඔය ඉම්රාන් - සිගේරා වගෙ නුගත් මිනිස්සු ඉන්න තාක්කල් මේ රට කිසිම දිනයක සංවර්ධනයක් වෙන්නෙ නැහැ. (ස)
ඉම්රාන් මහත්තයා දන්නවද ? ලංකාවේ මිනිස්සු ඔය කවුරුවත් මැරුණට සතුටු උනේ නෑ. ඔයාල තමා සතුටු උනේ............ මොකද අපි අපෙ ඇගේම අනුව දන්නවා මිනිස් ආත්මයක වටිනාකම ඔයාලගෙ ආගමේ තමා කියල තියෙන්නේ සත්තු මරන්න ....... සතෙක් මරලා සතුටු වෙන ජාතියක් ඔයාල ........ (ස)
දැන් ඉතින් අපි මේ ලියන ඒවා ඇමරිකන්කාරයන්ට තේරෙනවද? (නි)
අපි නිවැරදි බව අපිම ඔප්පු කොලොත් නේද හොඳ ? (ස)
කවුද මේ ඉම්රාන්? (නි)
අලි අහමඩ් වගේ අය සිටින එක ගැන සතුටුයි. ඉම්රන්ට ඉසකුඩිච්චියක් දමන්න වෙයි වගේ. (ස)
හලෝ ඉම්රාන්, ලංකාවේ සිංහල මිනිස්සු කවුරුවත් රතිඤ්ඤා පත්තු කලේ නැහැ සදාම් හුසේන්, ගඩාෆි මරනකොට. ඔයා කොහෙද ඉන්නේ. ඔය පාට කන්නාඩිය ගලවල ටිකක් ඇස් ඇරලා බලන්න හොඳට කොහෙද ඉන්නේ කියලා. නිකන් කට තිබුන පලියට දොඩවන්න එපා. (ස)
ඉම්රාන් කියන්නේ සිංහලයාට ගරහන සිංහලයෙක් මිස මුස්ලිම් ජාතිකයෙක් නොවන බව තේරුම් නොගෙන ඔහුට පිළිතුරු දෙන්න දඟලන අයත් කරන්නේ තවත් මෝඩකමක්. සිංහලයා තරම් සුළු ජාතිකයින් සමග සහයෝගයෙන් ජීවත් වූ වෙනත් ජාතියක් තිබුණාදැයි මා නම් දන්නේ නැහැ. ඔය සත්‍යය තහවුරු කරන්න අපි දඟලන්න ඕනෑත් නැහැ. (නි)
ශ්‍රී ලංකාවෙ ඉන්නේ බොහොම ලොකු සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් අයනේ (නි)
අපේ මාතෘ භූමියේ ආරක්ෂාව සියලු රටවැසියන් සතුය (නි)
මට මොකවත් තේරෙන්නේ නැහැ මේවා (නි)
දැන් ඇමරිකාවට යන එනමං නැතුව ඉන්නේ. ඇමරිකාව සෞදිය නැත්නම් හිගමනේ යන්න වෙන්නේ. මානව හිමිකම් ගැන කතා කරන්න ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට කිසිසේත්ම අයිතියක් නැත. හොඳට මානව හිමිකම් කඩ කළ රටවල් තමයි ඔය බොරුවට කෑ ගහන්නේ.ඉම්රන් පොඩ්ඩක් හොදට කල්පනා කරලා අදහස් පළ කළොත් හොඳයි කියලා හිතනවා. (නි)
ඇත්තටම මම ලියන්න ගිය එකත් අමතක වුණා අර ඉම්රාන් නිසා. (නි)