හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය, ශ්‍රී ලාංකික ජනතාව භේද බින්න කරමින් භීතිය පැතිර වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් චෝදනා කළාය.
මෙක්සිකෝවේ - මෙක්සිකෝ සිටි නගරයේ ඉකුත් 28 දා පැවති විවෘත රාජ්‍ය සහයෝගීතා ගෝලීය සමුළුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. රාජ්‍යයන් සහ සිවිල් සමාජය විවෘතව විනිවිදභාවයකින් සහ වගවීමකින් කටයුතු කළ යුතු බව අවධාරණය කළ ඇමරිකා තානාපතිනිය ශ්‍රී ලංකාව ගෙනහැර දැක්වූයේ ඊට උදාහරණයක් ලෙසය.
හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඉහවහා ගිය දූෂණය සහ මාධ්‍ය මර්දනය වැනි අහිතකර ප්‍රවණතා වත්මන් රජය මගින් නිවැරදි කරමින් සිටින බව ඇය කීවාය.වත්මන් රජයේ පාලනය යටතේ මානව හිමිකම් සුරකින්නන්, ක්‍රියාකාරීන් ඇතුලූ පොදුවේ ජනතාව අතර පැතිර පැවති භීතිය දැන් තුරන් වෙමින් පවතින බවද ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ අඳුරුතම සහ වේදනාකාරී යුගයක් අවසානයේ වත්මන් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින්, කොන් වී සිටින ජනකොටස්වලට නිසි තැන ලබාදීමට කටයුතු කරමින්, සිටින බව පැවසූ තානාපතිනිය ශ්‍රී ලංකාවෙන් අනෙකුත් රටවලට පාඩමක් උගත හැකි බවද සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමියට ජයවේවා.! (ර)
මේ යුගය අවසාන උනේ 2015 ද ? 2009 ද ? කියන එක මේ රටේ මිනිස්සු හොඳට දන්නවා. වෙන රටක ඉන්න පුද්ගලයෙකු මේක කොහොමද දන්නේ? (ර)
ශ්‍රී ලංකාව අවුල් කරන එක ඇමරිකාවට ඉතාමත් ප්‍රීතිමත් දෙයක් වගෙයි (නි)
ඇමරිකාව ලෝකයටම පිළිලයක්. ඉදිරි වසර 50 ඇතුළත ඇමරිකාව විනාශ මුඛයට යනු ඇතැයි මම සිතමි (නි)
අනේ මන්ද ඇමරිකාවට අනිත් රටවල් ගැන හරිම අනුකම්පාවක් තියෙන්නේ. තමන්ගේ කුණු වහගන්න අනිත් රට වලට වැරදි කියන එක ඇරෙන්න වෙන වැඩක් නැ උන්ට (බ)
අනේ මොකටද මගේ කට! (නි)
ඇමෙරිකාව කිව්වත් වැඩේ ඇත්ත. (ර)
විජයබාහු, මේ රටෙ ඉන්න, කැපී පෙනෙන්න දඟලන ඇතැම් උදවියත් කරන්නේ ඔබ දෙවනියට සඳහන්කර තිබුන වැඩේම නේද ? (ර)
මොන දේ වුනත් මහින්ද මහත්තයා තමයි මේ යුද්ධය නැති කළේ.(හේ)
ඔයටික අපේ අය තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි ඉරේෂ්. (ර)
පරාක්‍රම, නමුත් ඒ කවුරුත් ඇමෙරිකාවේ මිනිස්සු භීතියෙන් වේදනාවෙන් ඉන්නවා කියලා කියන්නේ නෑ නේද ?(හේ)
ඇමරිකාව අනුකම්පා කළ රටවලට ලැබුනේ දුක් ගින්දර පමණයි. උදාහරණ ලෙස වියට්නාමය, ඇෆ්ගනිස්තානය, ඉරාකය දක්වන්න පුළුවන්. අපේ රට බිලිගන්න පෙර ඇමරිකාව විනාශ වේවා! (නි)
අපේ මිනිස්සුන්ගේ මතකය අඩුයි. (ර)
කවුරු මොනවා කිවුවත් මහින්ද ජනපතිතුමා අපිට දෙවියෙක් (නි)
ඇමරිකාවට එරෙහි අදහස් දැක්වූ සමහර අවස්ථාවලදී සමහර අය ඊට එරෙහිව කියා තිබුණේ ඇමරිකාවට ලංකාව ගැන හොයනවට වඩා වෙනත් වැඩ තියන බවයි. ඇමරිකාවට ලෝක සමුළුවකදී ලංකාවේ පැවති පාලනය විවේචනය කිරීමට තරම් වැදගත්නම් වෙන මොන කතාද. (ර)
අනෙක් රටවල් ලංකාවෙන් උගතයුතු පාඩම.? (ර)
ඇමෙරිකාව තමා ලෝකෙටම තියෙන එකම බාදකය ඒ අයගේ රටේ තියෙන ප්‍රශ්න විසදගන්නෙ නැතුව අනුන්ගේ රටවල් වලට ඇගිලි ගහනවා. (ර)
දැන්වත් අපි එකතුවෙන්න ඕන. (ර)
ඇමෙරිකාවට තියෙන්නේ පුදුම කැක්කුමක්. (ර)
දුප්පත් හැම රටක්ම ඇමරිකාවට යටත්. (ර)
අපි නිවැරදි වුනානම් විදේශවලට අපිට විරුද්ධව වැඩ කරන්න බැහැ ,අපි වැරදි කරනවා නම් තම විරුද්ධ වෙන්න පුළුවන් , සමන්ත පොවෙර් කියල තියෙන දේවල් බොරු නොවේ ,ශ්‍රී ලාංකිකයෝ විදියට අපිත් පහුගිය ජනවාරි අටවෙනිදා මේවා ඇත්ත කියල පිළිගත්තනේ (අ)
අපේ රටේ ප්‍රජාතන්තරේ අපිට ඉස්තාපිත කරගන්න පුළුවන් උනානම් ඇමරිකාවට උනත් කතා කරන්න දෙයක් ඉතුරු වෙනවද ? (ර)
මේක පුදුම වැඩක්නේ. පුදුම කැක්කුමක්නේ තියෙන්නේ ලංකාව ගැන. අපිට ලංකාවට ගියාම බයක් සැකයක් නැතුව ගමනක් බිමක් යන්න වටපිටාව හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනපති තුමා. දැන් මිනිස්සු බයක් නැතුව ජීවත් වෙනවා. ලංකාවේ කවදාවත් මිනිස්සු කන්න නැතුව මරුනෙත් නැහැ මැරෙන්නෙත් නැහැ, හරියට ඇමෙරිකාවේ ප්‍රශ්න නැතුව වගේ එතුමිය කතා කරන්නේ. (ර)
දැන් ඉතින් කරන්න පුළුවන් දේ ඒකනේ.(හේ)
ඇමරිකාව තියා කවුරු කිව්වත් ඇත්ත ඇත්තම තමයි. මහින්ද රාජපක්ස යුද්දේ දිනුවා කියලා තනි ගෞරවයක් දෙන්න බැහැනේ. යුද්ධේ කරන්නම සිද්ධ වුනේ මාවිල් ආරු ප්‍රශ්නෙදි හෙළ උරුමයයි ජවිපෙයි තදින් හිටපු හින්ද. මහින්දට යුද්ධ කොරන්න මුලදී ඕන කමක් තිබුනේ නැහැ. උන්නැහේ කොටින්ට පගා ගහලා ඡන්දෙන් දිනපු කතාව දැන් රහසක් නොවෙයිනේ. සමහර මී හරක් තවම පිළිගන්නේ නැහැ (බ)
ජනක ඔයයි ඇත්ත කිව්වේ අපි අද නිදහසේ ජීවත් වෙන්නේ මහින්ද මහත්තය නිසා අනික මහින්ද කියන්නේ කාටවත් හිස නමන කෙනෙක් නෙමෙයි ඇමරිකාවට පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන ව ඇරෙන්න එයාලට වෙන වැඩක් නෑ (බ)
මේ ශුද්ධවන්ත රට ලෝකයේ අත පෙවූ රටක් ඇත්නම්, ඒ රටට උරුම වෙලා තියෙන්නේ දුක, කඳුල, වේදනාව, ලේ වැගිරීම් සහ අස්ථාවර භාවය පමණි. ඉතින් අපේ ආදරණීය මව්බිමට පමණක් අමුතු දෙයක් ලැබෙන්න විධියක් නැහැ. අදීන පාලකයන්ගේ අවශ්‍යතාව දැන්වත් අපි තේරුම් ගනිමු., ජාතියේ පියාණන් වන අනගාරික ධර්මපාල තුමාගේ නාමයෙන් ! මව්බිමට සදා ජය ! (බ)
ඇත්තද මේ කියල තියෙන්නේ ? (බ)
අන්තිම ඡේදයේ දී බළලා මල්ලෙන් එලියට පැන ඇත. (ර)
අනේ මන්දා මේවට මුකුත් ලිව්වත් වැරදි අපිමයි. නොලියම ඉන්නවා. (ර)
ඒක අපි දන්නවා. (ර)
පිට රෑටියන් කුමක් කිව්වත් ඔය කියන දේවල් හෘද සාක්ෂියට අනුව පිලිගන්න නම් ලංකාවෙ මිනිස්සු මැරිලා උපදින්න ඕන. (ර)
කලක් ලන්දේසීන්ට, තව කලක් පෘතුගීසින්ට සහ තවත් කලක් ඉංග්‍රීසින්ට අපේ රට යටත්වුණා. ඉදිරියට මොනවා වෙයිද කියලා අපිට බයයි (නි)
අම්මේ ඔව් ඔව්.... (ර)