ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි ඇමරිකාවේ ඕනෑකමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් වාර්තාවක් හැදීමට එකඟවී ඇතැයි ද එය ඉතාමත් භයානක තත්ත්වයක් බවද දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ දොස්තර ගුණදාස අමරසේකර මහතා කීවේය.
‘අපට ප්‍රශ්නයක් තියෙනවා මේ ජාතික ආණ්ඩුව මොනතරම් වලංගුද කියලා. මේ ජාතික ආණ්ඩුව හදලා තියෙන්නේ එජාපයත් ශ්‍රීලනිපයත් එකතුවී ගිවිසුමක් අත්සන් කරලා. ඒත් මිනිස්සු ඡන්දය දුන්නේ ශ්‍රීලනිපයටවත් එජාපයටවත් නෙමෙයි. ඔවුන් ඡන්දය දුන්නේ සන්ධානයට හා එක්සත් ජාතික පෙරමුණට. ඒ නිසා ගිවිසුම අත්සන් කළ යුත්තේ ඒ දෙගොල්ලෝ එකතු වෙලා‘ යැයිද ඒ මහතා පැවසීය.
සුද්දන්ට තොරතුරුදී ඉතිහාසයේ ලොකුම පාවාදීම කිරීමට අපේ නායකයන් සූදානම් වන බව පැවසූ අමරසේකර මහතා ඇමරිකාවේ වුවමනාව අනුව කෙරෙන දේශීය යාන්ත්‍රණය ‘හයිබ්‍රිඩ්‘ වර්ගයේ කුමන්ත්‍රණයකැයිද ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර මහතාගේ ප්‍රකාශයට මම සිය දහස් වාරයක් එකගයි, නමුත් මමත් ඔබ වැනිම දේ මෙහි ප්‍රකාශ කළත් සමහර සුභවාදී ගුණාත්මක අදහස් වලට මෙහි ඉඩක් නැහැ කියලත් මට හිතෙනවා (අ)
ජතිවාදය පතුරවන්නේ නැතිව ඉන්නවානම් හොදයි නේද? (ම)
කව්ද මේ මේ කට්ටිය. අපි කවදාවත් දැකල නැහැනේ (ම)
අමරසේකර මහත්තයෝ, ඔබ පලමුවෙන් මතක තබා ගත යුතුයි උතුරේ වැසියන් ශ්‍රී ලාංකීකයන් බව.!ලංකාවේ බල පැවැත්වෙන අපරාධ නීතියක් තිබේ. ඒක ලංකාවේ සියළුම පුරවැසියන්ට එකාකාරව බල පැවැත් වෙයි. සියළුම ශ්‍රී ලාංකීය පුර වැසියනට එහි රැකවරණය හිමිය. ඔබ ඒ බව දැන ගත යුතුය. අනිත් කරුන නම් ඔබ කෙතරම් සිංහල ජාතිය ගැන අන්තවාදි ලෙස කරුනු සඳහන් කලද , සිංහලයා යනු ජාතීන් විශාල සංඛ්‍යාවකගේ සමිශ්‍රනයෙන් සෑදුනු ජන කොට්ඨාශයක්ගේ බව ඔබට මතක් කර දෙමි.එහෙයින් ශුද්ධ සිංහල ජාතියක් කියා දෙයක් නොමැති බව කරුනාකර මතක තබා ගන්න. කරුනාකර, රනිල් හා මෛත්‍රීට රට සංවර්ධනය කිරීමට ඉඩදී බන භාවනාවක් කර කියාගෙන සිටියොත් සුදුසුයි නොවේද? (අ)
මේකේ තියෙන පාටක අදහස් දැක්කම ඇතිවෙන්නේ ලොකු කලකිරීමක් අවුරුදු 30ක කාලකන්නි අතීතය මේ මිනිස්සුන්ට මෙතරම් ඉක්මනට අමතක වුණානම් අපේ රට ගැන තවත් කතාකරන එක කිසිම තේරුමක් නැති දෙයක් (අ)
අපි හැමෝම දන්නා දෙයක් තමයි වයසට ගියාම අලුතින් හිතන්න බැරි බව. වයසට යනකොට හැම ඉන්ද්‍රියක් වගේම මොළයත් දුර්වල වෙනවා.ඒ නිසා තමයි 55 දී විශ්‍රාම යවන්නේ. (අ)
බණ්ඩාර ඔබ වැනි ජාති වාදීහු හැමදාම හිටියා.මේ රටින් ජාතිවාදීන් අතුගා දැමිය යුතුයි (අ)
මොකටද මේ ජාතිවාදයක්, දෙමල, සිංහල, මුස්ලිම් කියල සුළුතරයක් රටම ගිනිතියන්න හදනවා හැම ජාතියකම බොහොම සුළු පිරිසක් කරන දේවලින් අනාගත පරපුරට, රටේ අනාගතයට තආ වල කපන්නේ. මේ ආත්මේ සිංහල ඉපදුනු මං ඊළඟ ආත්මේ දෙමල වෙලා ඉපදිලා සිංහල මිනිහට එරෙහිව කතාකරයි එතකොට මොකක්ද මේ වර්ගවාදයේ ඇති තේරුම. නචජ්ජා වසලෝ හොති .. (අ)
රට ආපස්සට හරවන්නේ ඔබ වැනි අය තමයි. ජගත් සිංහලයා වඳ වීම ගැන අන් අයට ගතු කියනවාට වඩා කළ යුත්තේ තමන්ගේ පරපුර වැඩි කිරීමෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමයි. (අ)
ශ්‍රීලනිපයයි එජාපයයි ගිවිසුමකට එකතු වුණාම ඒ පක්ෂ දෙකේ අයට ඒක බල පැවැත්වෙනවා. සන්ධානය සම්පූර්ණ කිරීමට එක් වෙච්ච අනික් අය ඒකට අනිවාර්යයෙන් කැමති විය යුතු නෑ. එතකොට ජාතික ආණ්ඩුව සමන්විත වෙන්නේ ඒ පක්ෂ දෙකෙන්. (ම)
දැන්මම පිනක් දහමක් කලොත් නේද හොඳ ? (ම)
හිස් කැට හෙලෙවුවට වැඩක් නෑ. (අ)
හා හා බලාගෙන මේ කොරහෙත් කිඔුල්ලු දකින මළගිය ඇත්තෝ.සෑම දෙයක්ම මොවුන්ට අනුව විජාතික කුමන්ත්‍රණ හා විජාතික බලවේග වල ප්‍රතිඵලයන් මේ අයට පිස්සුද නැත්තන් අපිට පිස්සුද? (අ)
මේ ජාතිවාදී සෙට් එක කුණු බාල්දියට දමන්න බැරිද (අ)
යුද අපරාද සිදුවීද නැද්ද ගැන සොයා බැලිය යුතුය යන්න දැන් යථාර්තයකි (අ)
වයස යනකොට තමන් කරන කියන දේවල් තමන්වත් දන්නේ නෑ (හේ්)
අවලංගු කාසි ටිකක් . මෙයාලගේ පක්සයට ජන්ද කීයක් තියෙනවද ?(ම)
දැන් එම්. එම්. ල ඔක්කොම සිංහල නම්වලින් කමෙන්ට් ලියන්නේ. ආනන්ද, සිංහල ජාතියේ උත්පත්තිය විතරක් නෙවෙයි. ඔය ශුද්ධයි කියන ඔක්කොම එහෙම කලවමක් තමයි. මෙතන ලංකාවේ නීතිය එක විදියට බල පැවැත්වෙනවද කියලා බලන්න මුස්ලිම් වඩිපුර ඉන්න පැත්තකට යන්න. දැන් කියන්න එපා ඉතින් නඩු දාන්න කියලා. වෙලාවට වැඩ හම්බ වෙයි ඔහොම තව ටිකක් යමුකො. (අ)
හීන් කෙදිරියක්. (ම)
මෙහි ඇති ප්‍රතිචාර දිහා බැලුවම පෙනේනේ, ප්‍රතිචාර දාපු බහුතරක් අවුරුදු 30ට අඩු අය විය යුතුයි. මෙ තරුණ පිරිස් පත්තර පොත් පත් වලින්වත් හරියට අපේ ඉතිහාසයට කියලවත් දන්නේ නැහැ කියලයි මෙම ප්‍රතිචාර කියවන විටදී තේරුම් යන්නේ. මෙහි වරද අපගේ අධ්‍යාපන ක්‍රමවේද සකස් කරන අයගෙයි. 1080 දී ඉතිහාසය , සාහිත්ත්ය යන විෂයන්ට කරන ලද අවනඩුව තමයි මේ. එතැන් සිට ඉතිහාසයක් සාහිත්ත්යක් නොදන්නාවූ පිරිසකට ජන මාධ්‍ය අදහස් දැක්වීමේ අනවශ්‍ය අයිතියක් නුතන තාක්ෂණික මෙවලම් මගින් දීමේ ප්‍රතිපල තමයි මේ. මොවුන් හෙට අනිද්දාට බුදු හාමුදුරුවන්ටත් දොස් කියාවි ආගම නොදැන. (බ)
ලංකාවේ ඉන්නෙම ගොඩ යන්න හදනකොටම කකුලෙන් අදින මිනිස්සු. එකයි තාමත් අපේ දියුණුවක් නැත්තේ.(ම)
මෙහි ගොඩක් කමෙන්ට් කරල තියෙන්නෙ සිංහලයොද කියල හිතන්න අමාරුයි. ගුණදාස අමරසේකර කියන්නෙ එදා ඉදලම රට වෙනුවෙන් පක්ෂ බේදයකින් තොරව කතා කරන කෙනෙක්. තව ටික කාලෙකින් ඔය හෑමෝටම තේරුම් යයි මේ කිව්වෙ මොනවද කියලා. මම හිතන්නෙ සිංහල නම් වලින් සිංහල නොවන විසාල පිරිසක් මුහුණු පොතේ පෙල ගෑහිල ඉන්නවා. රට ජාතිය වෙනුවෙන් කතාකරන අයව ජාතිවාදීන් විදියට හන්වඩු ගහල ජාතිමාමකත්වය අඩපන කරන්න. එයාලත් එක්ක වාදකරල වෑඩක් නෑ ඇත්ත තේරුම් ගන්නව මිසක. (නදී)
ලංකාවේ ඉන්නේ ගොඩක් පරදේශක්කාරයෝ වගේයි . .සිංහලයා ඉක්මනින් වඳ වී යන ජාතියක් . (අ)
මේ මිනිස්සු සිංහල මිනිස්සුන්ට ආදරේ නිසයි මේ කතා කරන්නේ.. නැතුව පිනක් කරගෙන ඉන්න බැරි කමකට නෙමෙයි. (අ)
කපිල , ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද බලන්න මුස්ලිම් මිනිස්සු ඉන්න පැත්තකටම යන්න ඕනේ නෑ. සිංහලයත් අල්ලසට පගාවට නීතිය යට ගහන හැටි දැකල නැද්ද (බ)
ඉතිහාසය , සාහිත්‍යය යන විෂයන්ට කරන ලද අවනඩුව වුනේ 1980 -1989 කාලයේදී. රටම අකර්මන්‍ය වී මල මිනි පාරවල් වල දිස්වුණ මේ කාලයේ ඉපදුන මේ විෂයන් වල යථාර්ථයවත් නොදන්නනාවූ පිරිසක් බිහිවීමේ ප්‍රතිපලය තමයි මේ හරසුන් කොමෙන්ට්ස්. විෂය නොදැන සහ විෂය නොහදරහා තමන් දන්නා තරම දැනගතයිතු තරම යයි සිතන අය මේ පිටුවල වැඩිපුරම සිටින බවයි පෙන්නේ. ගුණදාස අමරසේකර වැනි උගත් බුද්ධිමතුන් කියන දේ තේරුම් ගන්න බැරිනම් අඩු ගානෙ නිග්‍රහ කිරීම වැරදියි කියල වත් මොවුනට තේරුම් ගන්න බැහැනේ. . (බ)
මෙතුමා අයෙමත් කගේ හෝ කීමකට කරනවා වගේ, තමාගේ වයස හා තත්වයට අනුව වැඩ කරනවා නම් කොතරම් අගේද ?(අ)
අනේ මේ වයසක සෙට් එකට වෙන වැඩ නැද්ද? යන්තම් අපි හොද තැනකට එනකොට දිරවන් නෑ. (අ)
මෝඩ අය අපිට උගන්වන්න එනවා ..(බ)
කරුමක්කාරය (බ)
කව්ද ගණන්ගන්නේ ඔය වයසක කට හැකර හාදය කියන දේවල් ?? කරුණාකරලා තවත් මෝඩ කතා නොකිය ඉන්නවද දැන්වත් පැත්තකට වෙලා !! විමලසේනය දිනුවේ සනධානයෙන් ඉල්ලපු නිසා එයාගේ එන්එෆ් එකෙන් ඉල්ලුවානම් එක ආසනයක්වත් ලැබෙන්නේ නැහැ. දේශ හිතෛෂී, අධිරාජ්‍යවාදී , කුමන්ත්‍රන , කොටි - ඔන්න ඔය වචන ටික හැමදාම එහාට මෙහාට කරලා වැනුවම හිතන්නේ ඔක්කොම රැවටෙවී කියල!! (බ)
මෙයාල උගත් අය කියලා කිව්වට කිසිම දෙයක් ගැන නිවැරදි දැක්මක් නැති , පටු විදියට විතරක් හිතන , බාල බොළඳ විදියට කතාකරන , වැඩ කරන කොට්ටාශයක් කියලා තමයි කියන්න තියෙන්නේ . (හේ)
එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්තියෙන් පවා පිළිගෙන තිබෙනවා සාම ජාතියකටම තම අනන්‍යතාවයක් තියෙනවා සහ තිබිය යුතුයි, ඔහුගේ එම අනන්‍යතාව අනිකා පිළිගත් යුතුයි කියල. මෙම ප්‍රතිචාර දමන ඇතැමුන්ට අනුව නම් එහි අයිතිය තිබෙන්නේ අපගේ ද්‍රවිඩ ජාතියට පමණයි කියන එක ඔවුන් පිළිගෙන තිබෙනවා.. එම අයිතිය ඔවුනට සේම ශ්‍රී ලාංකික මුස්ලිම් සහ සිහලුනටද තිබිය යුත්තක් කියන එක ඔවුන් අමතක කර තිබීමෙන් පෙනෙන්නේ ඔවුනගේ වල ඔවුන් විසින්ම කපාගෙන තිබෙන බවයි. මම ජාති වාදියෙක් නොවේ. (අ)
උපාලි මහතා වැන්නවුන් අප රටේ සිටීම ගැන සතුටු වෙමි. (අ)
බහාසුට, කියන්න නෙවෙයි මට හැකියාවක් තියෙනවා නම් ඇත්තට ප්‍රංශයේ සිටින ද්‍රවිඩ ඩයස්පෝරාව මෙහි කරන කියන විජ්ජුම්බර පෙන්නන්නට හැක. එතකොට ඔබටම තේරේවී අපිද ජාතිවාදී අනිකාද කියා. 1983 කා අපරටේ සිදුවූ සිදුවීම් මා කිසිසේත් අගය නොකලත් 1990 ගණන් වලදී මෙහි පවා අපි පාරේ ගියේ කිසියම් චකිතයකිනි. මෙමෙ සහෝදර ජාතීන් අපි දෙස එකල බැලුවේ කන්න මෙනි. නමුත් අද ඔවුන් එම බැල්ම වෙනස් කර සිටින්නේ අපේම රටවැසියන් කියලාය. ස්වභාවය එයයි. එම නිසා අපි අදත් ඔවුන්ගේ කඩවලට බදු මිලදී ගන්නවා කිසිදු වෛරකින් තොරව. නමුත් රටේ සවාධීනවා පළාත් සභාවලින් තම තීරණ ගැනීමට අද ඔවුනට හැක. එය ඉතා අගය කල යුත්තකි. එමනිසා ජාතිවාදීන් වීමට අවශ්‍ය නැත. (අ)
ගුණදාසගේ මොලේ කචල් (බ)
දොස්තර ලංකාවටත් ,ඇමෙරිකාවටත් බේත් දෙයි ද ,ලෙඩා මරයි ද ,ලෙඩේ මරයි ද (අ)
විදේශිකයින් උන්ගේ ඒකපාර්ශික මානව හිමිකම් වාර්ථාව හදලා ඉවරයි. ඒක මානව හිමිකම් කොමිසමට එන්න තිබුණේ මාර්තු වල. ඒක සැප්තැම්බර් වලට කල්ගියේ මෛත්‍රී මහතා ජනාධිපති වීම නිසා. සැප්තැම්බර එම වාර්ථාව විතරක් ආවොත් ඒ අනුව රට විරුද්ධව ආර්ථික සම්බාධක වැටීමට අවධානමක් තිබුණා. එතකොට අපිට ඇඟළුම්, තේ වගේ දේවල් බටහිරට යවන්න බැහැ. චීනය අපෙන් මොනවත් ගන්නේ නැහැ. රුසියාවට තේ ඇරගන්න පුළුවන් වෙයි. ඒ උනාට ආර්ථික සම්බාධක නිසා රුසියාවත් ආර්ථික අතින් හොඳටම පිරිහිලා. රටට අපනයනය කරන්න බැහැ කියන්නෙ රටට් ඕන ආහාර, තෙල් ගෙන්න ගන්න මුදල් නැතිවෙනවා. විදේශ ණය ගෙවාගන්න මුදල් නැතිවෙනවා. අපනයන ක්ශේත්‍රයේ රැකියාවල් නැතිවෙනවා. මීට කළින් මේ තත්ත්වයට පත් වුන සුඩානය කෑලි දෙකකට කැඩුණා. රනිල් කළේ රට තුලම පරීක්ෂණයක් කරන එකඟතාවයෙන් රටට පක්ෂපාතී යෝජනාවක් ඉදිරිපත් කරගැනීමට ඇමෙරිකාව එකඟ කර ගැනීම. බටහිරට සිංහලෙන් බැනලා පපුවට ගහගෙන ඡන්ද ගන්න ලේසියි. රටක් ජාත්‍යන්තරව අාගාදයකට දාල තියෙනකොට ගොඩගන්න රාජ්‍යතාන්ත්‍රික ඥාණය අවශ්‍ය වෙනවා. (නදී)
ලංකාවේ බොහෝ දෙනෙක් බඩගෝස්තරවාදීව සුරංගනා ලෝකවල ජීවත්වෙන්නේ. මේකෙන් කී දෙනාද දන්නේ ඇමැරිකාවේ මැදිහත්වය ගැන. ඉරාකයට අද මොකද වෙලා තියෙන්නේ. උන්ගේ ප්‍රධාන අරමුණ තෙල් ලබාගැනීම. මේක අපේ අයට තේරෙන්නේ නෑ (බ)
දේශීය වාර්තාවක් විදියට ඔය යුද අපරාධ චෝදනාව මානව හිමිකම් කවුන්සිල් එකේදී ඉදිරිපත් උනාම රුසියාවටවත් චිනේටවත් එ්කට විරුද්ධ වෙන්න බැහැ. ඔය වාර්තාවටම සමුහ මිනිස් ඝාතන චෝදනාවත් ඇතුල් කරනවා. එ්කයි මේ අවුරුද්ද මුලදී විග්නේශ්වරන් එ්ක උතුරු පළාත් සභාවේ සම්මත කලේ. සමුහ මිනිස් ඝාතන චෝදනාව මානව හිමිකම් එකේදී සම්මත උනොත් අනිවාර්යයෙන් උතුර නැගෙනහිර බෙදා වෙන් කල යුතුයි. එ්ක මානව හිමිකම් ප්‍රග්ඥාප්තියේ සඳහන්. අනෙක අපේ හොඳට ඇමරිකාව ඔය පරික්ෂනේ දේශීයව කරලා නවත්තනවා නම් උතුරේ අයය තමිල්නාඩු අයයි මේ වෙනකොට හුරේ තියල ඇමෙරිකාවට විරුද්ධව පාරට බැහැලා. අපේ මෝඩ සිංහලුන්ට මේවා නොතේරෙන එකනේ වැඩේ. (නදී)
මහත්තයෝ ඔබතුමාගේ ගෞරවය තියාගෙන ඉන්න. වීරවංශගේ පසුපස ගියාට කමක් නැහැ ,ඔය කුඩුකීඩුකම් අතහැරලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. (බ)
කොහෙද හිටියේ මෙච්චර කල්. අපි දනගාන කලේ ඉඳන්ම ඔය සටන්පාට අහනවා. දැන් අපේ ඉහ නිකටත් පැහෙන්න ඇවිල්ල.(ම)
අපිට අධිරාජ්‍යවාදීන් ගැන කියන ඔය කියන දේශප්‍රේමින් බඩේ අමාරුවක් හැදුනත් දුවන්නෙම ඇමරිකාවටනේ.මේ අපිව අන්දන්නයි හදන්නේ. (බ)
ජාතිය ගලවන්න තමයි දැන් බලන්නේ (නදී)
ඔන්න දැන් මෙයාලට බිස්නස් 1ක් ලැබිල කාලෙකින්. මොන නැකතකින් උපන් අයද දන්නේ නැ. හැමදාමත් කුමන්ත්‍රණ. (බ)
ඔබ තුමාට ඕන ඇමෙරිකා පරීක්ෂණයක්ද? පහුගිය දවස්වල ඔබතුමාලා කිව්වේ.. මිනිස්සු නොමඟයවන්න එපා..මහාචාර්ර්ය වුණාට කමක් නැ... පාට පක්ෂ වලට මිනිස්සු බෙදන්නේ ඔයගොල්ලෝ.. මොකද මිනිස්සු හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා කියල හැම දේම... මොන මහාචාර්ය කියන එක අහන්නද මන්ද. (අ)
මෙහි ඇති ප්‍රතිචාර දිහා බැලුවම පෙනේනේ, ප්‍රතිචාර දාපු බහුතරක් අවුරුදු 30ට අඩු අය වියයුතුයි. මෙ තරුණ පිරිස් පත්තර පොත් පත් වලින්වත් හරියට අපේ ඉතිහාසයට කියලවත් දන්නේ නැහැ කියලයි මෙම ප්‍රතිචාර කියවන විටදී තේරුම් යන්නේ. මෙහි වරද අපගේ අධ්‍යාපන ක්‍රමවේද සකස් කරන අයගෙයි. මොවුන් අදුරේ අතපත ගැන කොටසක්. කවුරු හරි දෙයක් කීව පලියට පිළිගෙන තරුණ පිරිසට ගැලපෙන ආකාරයට අඩුම තරමේ බ්‍රේස්ලට් කතාවක් වත් කී පමණින් අසා ඒවා ගැන පැහැදී තම අදහස් දුරුදිග නොබලා ප්‍රකාශ කිරීමෙන් වන්නේ රටේ අනාගතය භාර පිරිසකගේ ස්ථානය ඔවුන් විසින්ම නසා ගැනීමක් කියලයි මට පෙනෙන්නේ. මේ පිළිබද සාධාරණ තර්ක ඉදිරිපත් කරන්නේ නම් මා සතුටු වෙමි. (අ)
අනුර මේක උසාවියට ගිහින් පැමිණිලි කළ යුතු තත්ත්වයක්
උපාලි ඔබ හරි. මෙතැන 95% අලුත් පරපුරේ කට්ටිය ඉන්නේ. ඇමෙරිකාව ගැන බිංදුවක්වත් දන්නේ නැහැ. හරිම කණගාටුයි. කොහොමත් කට්ටියට තේරෙද්දී වෙන්න ඕන දේ වෙලා ඉවරයි (නදී)
ඔබ ලියන නවකතා වලත් ඔබ දකින්නේ ජීවිතයේ අඳුරු බව පමණි. ඒවගේම හොඳ නවකතා කරුවන් ජීවිතයේ එලිය පැත්ත අපට පෙන්නනවා. අපව තව දුරටත් බය කරන්න එපා. (නදී)
දරුවෝ යහමින් සෙමින් ජීවත් වෙන්නේ නවසීලන්තයේ. ඒවත් ධනවාදී රටවල් තමා. අලුත් ආණ්ඩුවක් ආව ගමන් බකල් කරන්න තමා මේ දඟලන්නේ (නදී)
ඇමෙරිකාව කියන්නේ මහා පොලොව නුහුලන යුද්ද අපරාද කරපු අය හොයල දඬුවම් දෙන්න කියල. ඕනෙම සාදාරන ආණ්ඩුවක් තියෙන රටක වෙන වියයුතු දෙයක් ඒක. ඒක ලංකාවේ වෙන්නේ නැති හින්දයි පිට කට්ටියට කියන්න වෙලා තියෙන්නේ (අ)
මේ මහතුන්ට තංගල්ලේ කාල්ටන් මන්දිරයෙන් සරණාගත කදවුරක් සාදා දෙන්න. (නදී)
මේ රට විනාශ කරන පාලකයෝ ඉන්න කොට ඇමෙරිකාව එයාලගේ න්‍යාය පත්‍රය කරගෙන යනවා.ප්‍රතිචාර දමන සමහර නිවටයින්ට නොතේරුනාට බුද්ධිමත් ජනතාවට වැටහේ. (බ)
බොහෝ අදහස් මෙම ලිපියේ හරය ගැන ලියු ඒවා නොවේ. ඔහු පෙන්වා දෙන පැතිකඩත් ඉවත දැමිය නොහැක. (අ)
ඔයා හරි බණ්ඩාර, අවුරුදු 30කට අඩු සියලුම තරුණ පිරිස්ගේ මනස අවතක්සේරුවක් තමයි අදහස් දක්වන්නේ (අ)
නීතිය කාටත් සමසේ අවශ්‍යයි (නදී)
මේ අර මහින්ද නැතුව බැහැ කියපු සෙට් එක නේද. දැන් ඉතින් කොරහේ කිඹුල්ලු දකින කාලේ වගේ. ඔහොම කියව කියව යමු වෙන කරන්න වැදගත් වැඩකුත් නැතිව ඇතිනේ? (නදී)
මේ කමෙන්ට්ස් දැක්කම මේ මිනිස්සු කොච්චර ගුණමකුද කියලා හිතෙනවා. ගුණදාස අමරසේකර වගේ අය ගැනත් කියලා දෙන්න වේලා. ඇයි ඒ ගොල්ලෝ දන්නේ ඩොලර් වලට රට පාවා දෙන අය ගැන නේ. (නදී)
අනේ මේ ගුණදාස මහත්තයෝ ගෙදරට වෙලා තියෙන දෙයක් කාල ඉන්නවද ජාති වාදය අවුස්සන්නේ නැතුව (අ)
බල්ලෝ බිරුවට තවලම ඇදෙ කියල අගමැති තුමා කිව්වේ මේක අහල වෙන්න ඇති (අ)
බණ්ඩාර වගේ මහලොකුවට කයිය ගහනවා අපි අදුරේ අතපත ගානවා කියල ? ඔයා නොනවද දන්නේ ජාත්‍යාන්තර දේශපාලනේ ගැන ? කෙස්පැහිලා තට්ටේ පදුනේ නැති වුණාට අපි ජාත්‍යාන්තර දේශපාලනේ හරියට ඉගෙන ගෙන ඒවායේ නියැලිලා ඉන්න අය. ඇමෙරිකානුවෝ ළඟ ප්‍රජතන්ත්‍රවාදය තිබෙනවා. චීන්නු ළඟ තිබෙන්නේ කසිකබල් ඒකාධිපති සමාජවාදය. සමාජවාදී උතුරු කොරියාව වගේ ඇමෙරිකාවට තර්ජනය කරලා අමෙරික්වෙන්ම ආහාරත් හිගා කන රටවල් වගේ වෙන්නද ඕනේ අපේ රටත් ? (අ)
ගුණදාස අමරසේකර මහත්තයෝ අර සක්විති ෆිනෑන්ස් කොම්පැනියේ මිනිසුන්ගේ සල්ලි ටික දීල දාන්න ඕව කරන්න කලින් (අ)
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. යුද අපරාධ ගැන පරීක්ෂණ තියන්නත් ඕනි. වැරදි කාරයන්ට දඬුවම් දෙන්නත් ඕනි. විනිවිද භාවයක් ඇතුව අපේ රටේ අපේ අධිකරණය, අපේ නීතිය ක්‍රියාත්මක කරමු. එතකොට ජාත්‍යන්තරය ඇඟිලි ගහන්නේ නෑ. හැබැයි අමතක කරන්න එපා අපේ රටේ තිබුනේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු යුද්ධයක්. ඒ යුද්ධෙ කරපු රජයේ හමුදා සෙබළුන් ගැනත් සානුකම්පිතව බලන්න වෙනවා. (බ)