(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්‍රොත් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම රොබට් කැප්‍රොත් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව චන්ග් මහත්මිය තැබූ ට්විටර් සටහනේ දැක්වේ.