
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායිකාවක වන ටේලර් ස්විෆ්ට්, සියැටල් නගරයේ පසුගිය දා පැවැත්වූ සංගීත සංදර්ශන මාලාවකදී එයට සහභාගී වූ ඇයගේ රසික රසිකාවියන් රික්ටර් මාපකයේ 2.3 ක අගය ගත් භූ කම්පනයකට සමාන කම්පනයක් සංගීත සංදර්ශන පැවති භූමියට ඇති කරමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ජූලි 22 සහ 23 සියැටල් නගරයේ ලූම්ෆීල්ඩ් හි මෙම සංගීත සංදර්ශන මාලාව පවත්වා ඇති අතර එම සංගීත සංදර්ශනවල සියලුම ටිකට් පත් අලෙවි වී අවසන්ව තිබී ඇත. එක් සංදර්ශනයක් සඳහා 144000 රසික රසිකාවියන් පිරිසක සහභාගී වී තිබිණ.
භූ කම්පන විද්‍යාඥවරියක වන ජැකී කැප්ලන් ඕර්බැක් සංගීත සංදර්ශනවල පැය 10 ක දත්ත එකතු කර විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නිගමනය කර ඇත්තේ භූමිය කම්පනය වීමට රසික රසිකාවියන්ගේ රිද්මයානුකූල ක්‍රියාකාරකම්, සංගීතය සහ ශබ්දවාහිනී යන්ත්‍ර හේතු වී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නම් සහභාගි වෙන අය නොවෙයි..., පොලිසිය තමයි භූ කම්පනයකට සමාන කම්පනයක් ඇති කරන්නේ...