
(යොහාන් භාසුර)
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලි ජේ. චංග් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු තානාපතිනී ජුලි ජේ චංග් මහත්මිය ආරක්ෂක සහයෝගිතාවය පිළිබද මෙහිදි සාකච්ඡාවක නිරත වු අතර මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම හමුවීම සිහිකිරීම සඳහා දෙපාර්ශවය සමරු තිළිණ හුවමාරු කරගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබී තිබෙන ආරංචි අනුව මෙතෙක් සිටි භයානකම කෙනා මෙයයි. මෙයා ආගම් සහ ජාතීන් අතර මහ කුමන්ත්‍රණයක යෙදී සිටී යයි සිතමු. මේ ගැන මහත් විමසිල්ලෙන් සිටිය යුතුයි.