
ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් විරෝධය දක්වන තුර්කියේ පලස්තීන හිතවාදීන් සිය ගණනක්, තුර්කියේ අන්කාරා අගනුවර ඇමෙරිකන් හමුදා සෙබළුන් රැඳී සිටින ගුවන් කඳවුරකට කඩා වැදීමට උත්සාහ ගත් නමුත් තුර්කි පොලිසිය ඊට එරෙහි විය.
තුර්කි පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අන්කාරා අගනුවර ඇමෙරිකන් හමුදාවට මෙසේ විරෝධයක් එල්ල වූයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට තුර්කියට පැමිණීමට පැය කීපයකට පෙරය.
ගාසා තීරයට පහර දෙමින් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇත. කිසිසේත් සටන් විරාමයකට නොයන බවත්, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමෙන් පසු යුද්ධය අවසන් කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා තිබේ.
ඇමෙරිකාව ද පවසා ඇත්තේ කොන්දේසි විරහිතව තමන් ඊශ්‍රායලයට සහාය දක්වන බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd