IMG-LOGO

ඇමරිකානු ඓතිහාසික නාට්‍යමය සිනමාපටයක්

2016-10-10-ent-15

2016-10-10-ent-17ඇමරිකානු ඓතිහාසික යුගයට අයත් නාට්‍යමය සිනමාපටයක් වන "The Birth of a Nation" පසුගියදා සිනමාහල් 2100කට ආසන්න ප්‍රමාණයකදී තිරගත වීම ආරම්භ වීමට නියමිතය. වහල් කැරලිකරුවන් පාදක වූ නාට්‍යමය නිර්මාණයක් වන මෙය විටෙක අති සාර්ථකත්වයට පත්වූ "12 Years a Slave" සිනමා නිර්මාණය මෙන්ම සාර්ථක වේයැයි අනුමාන කරන අතර, ඉහළ ආදායමක් උපයනු ඇතැයිද නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුවයි. වහල්බවට පත්වූවකු වූ "නැට් ටර්නර්"ගේ නායකත්වයෙන් 1831 දී වර්ජිනියාහි සවුත්ඇම්ප්ටන් ජනපදයේ ඇතිවූ ඓතිහාසික වහල් කැරැල්ල පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය, තිර රචනය "නේට් පාකර්" විසින් සිදුකර ඇති අතර, ඔහු මෙහි සම නිෂ්පාදනයෙන්ද දායක වෙයි. මේ නේට්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වීමද සුවිශේෂත්වයකි.

ළමා කාලයේ සිටම බයිබලය ඉගෙන ගත්තෙකු වන නැට් ටර්නර් හට තමන්ගේ අනෙකුත් වහල් සාමාජිකයන්ට දේශනා කිරීමේ හැකියාව හොඳින් පවතී. මේ අතර ටර්නර්ගේ ස්වාමියා ඔහුගේ මෙම දේශනා ශක්තිය ප්‍රයෝජනයට ගෙන වාසි ලබාගැනීමේ අටියෙන් රටපුරා දේශනා සංචාරයක් රැගෙන යන අතර, එහිදී ටර්නර් වහල් බව පිළිබඳ අධ්‍යයනය කර ඒ ඔස්සේ වෙනස් ආකාරයේ නායකයෙක් වීමට තීරණය කරයි. මොහු විසින් නායකත්වය දෙමින් ගෙනයන කැරැල්ල ඔස්සේ නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය සිනමාලෝලීන්ට වෙනස් ආරක රසාස්වාදයක් ගෙන එන්නක් විය හැකි බව නිර්මාණකරුවන්ගේද විශ්වාසයයි.

මෙහි ප්‍රධාන චරිතය වන නැට් ටර්නර් චරිතයටද "නේට් පාකර්" විසින් පණ පොවන අතර, සෙසු චරිතයන්ගෙන් ආමි හැමර්, අජා නඕමි කින්ග්, ජැකී අර්ල් හැලී, පෙන්ලොප් ඈන් මිලර් සහ ගේබ්‍රියල් යූනියන් රංගන දායකත්වය ලබාදෙයි. ඇ.ඩො මිලියන 10ක් පමණ වැය කරමින් ඉංග්‍රීසි බසින් නිර්මාණය කර ඇති මෙම සිනමා නිර්මාණය මිනිත්තු 120ක පමණ කාල පරාසයක් ඔස්සේ දිවෙන්නකි.

2016 ජනවාරි 25 %සන්ඩාන්ස්^ සිනමා උලෙළේදී මෙහි මංගල දර්ශනය සිදුකෙරුණු අතර, එහිදී මෙම සිනමාපටය උදෙසා ප්‍රේක්ෂක සම්මානය සහ ජූරියේ සම්මානයද හිමි විය. එසේම එහිදී මෙහි අධ්‍යක්ෂණය, රංගනය, ශබ්දපථය මෙන්ම සිනමාරූපණය පිළිබඳ ඉතා ඉහළින් වර්ණනා වූ බවද වාර්තා වෙයි.

 

අනුෂි දන්තනාරායන

 

2016-10-10-ent-16



අදහස් (0)

ඇමරිකානු ඓතිහාසික නාට්‍යමය සිනමාපටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 226 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 567 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site