යුද අපරාධ පිළිබඳ ඇමෙරිකා තානාපති ස්ටීවන් රැප්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විරෝධය පළ කිරීමට ජාතික සංවිධාන එකමුතුව පෙළපාළියකින් කොල්ලුපිටිය මංසංධියේ සිට ඇමරිකා තානාපති කාර්යාලය දක්වා ගමන් කෙළේය.
රැප් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
යුද අපරාධ පිළිබඳ ඇමෙරිකා තානාපති ස්ටීවන් රැප්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විරෝධය පළ කිරීමට ජාතික සංවිධාන එකමුතුව පෙළපාළියකින් කොල්ලුපිටිය මංසංධියේ සිට ඇමරිකා තානාපති කාර්යාලය දක්වා ගමන් කෙළේය.
රැප් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලෙන් ලියල තියෙන්නේ අපිට තේරෙන්න මිස ඒ අයට තේරෙන්න නෙමෙයි . මේක අපිට කරන ප්‍රදර්ශනයක් මිස ඒ අයට කරන දෙයක් නොවෙයි (දී)
මේ වගේ වැඩ වලින් අපි අපිටම වල කපා ගන්නවා (දී)
ඇමරිකාව ලෝකයේ ලොකුම අපරාධ කාරයා වෙලත් අපේ අය එයාලට සපෝට් එකට මෙහි ප්‍රකාශ දාල තියෙන්නෙ මොකද ? (නදී)
ජයමාල් ඔබ මෙහි දාමන්නේ ඇමරිකාවට හිතවත් ප්‍රතිචාර විතරද ? කීයක් හම්බ උනාද වැඩේට ? (නදී)
අන්තිම දවස් ටිකේ මිනිස්සු මරුනේ කොටි මිනිස්සුව පළිහක් කරගෙන පිටිපස්සේ හැංගිලා හිටපු නිසයි. පැනල දුවපු දෙමල මිනිසුන්ටම වෙඩි තියපු නිසයි. මේක ජිනීවා වලට් කියන්න. ඒගොල්ලන්ට ඒවා හොයලා කොටින්ගෙන් ඉතුරුවෙලා ඉන්න අයගෙන් වන්දි අරන් දෙන්න කියන්න. මහ ජනතාව පත්කරපු ආණ්ඩුවකට විරුද්ධව යුද්ධ කරලා එයාලා මොනවද බලාපොරොත්තු වුනේ? අපේ යුද්ධෙට තීන්දු දෙන්න ජිනීවා වලට තියෙන අයිතිය මොකක්ද? මේවා අහන්නේ නැත්තේ ඇයි ආණ්ඩුව? ඇමරිකාව එංගලන්තේ රටවල් කීයක මිනී මරනවද? ඒවත් ජිනීවා ගෙනියන්න බැරිද මේ සංවිධානෙට වත්? (නදී)
පේනවා නේද අපේ පොලිසිය කොච්චර අහිංසකද කියලා. මේවා තනිකර ගොන් පාර්ට්. ලෝකයම පිළිගත් මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන එක වැරදියි. කරන්න ඕන ඒ මිනිස්සුන්ට මෙහාට එන්න වීසා දුන්න අයව පන්නල දාන එකයි.(නදී)
ජාතික හැගීම් තියෙන මිනිස්සු එකතු වෙන එක අපේ මේ වගේ අයගෙන් රට බේරා ගන්නත් හොඳයි. අපේ රට අම්බලමක් බවට පත්කරලා. අර බොරු වීඩියෝ හදපු මිනිහට ඉන්දියාව වීසා දුන්නේ වත් නැහැ. මෙහෙ ජනාධිපතිටත් විහිලු කළා ළඟටම ඇවිත්. හරිම ලැජ්ජයි මේ ලියල තියෙන ඒවාට.(නදී)
මේ මොන විකාරයක්ද? මම නම් කියන්නේ විරෝදය දක්වන්න තිබුනේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ නොවෙයි. මේ මනුස්සයට අපේ රටට එන්න අවසර දුන්නු විදේශ ඇමති කාර්යාලය ඉස්සරහ කියලයි. හැම දාම ඔහොමයි. මොකෙක් හරි ගෙන්වනවා. රටපුරා යවනවා. නැත්නම් වඩම්මාගෙන යනවා. අන්තිමට මිනිස්සුන්ව කොළඹට හරි කටුනායකට හරි ගෙන්වාගෙන මෙහෙම උද්ගෝෂණ කරනවා.(නදී)
පාලි, යුරෝපය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයට මේ නිවුස් ගියාම සිය ගණනක් වූ මාද්‍ය ආයතනවලට පරිවර්තක නියෝජිතයෝ ඔබලා පත්කරලා තියෙනවද ? තානාධිපති කාර්යාල වැඩ කරන හැටිත් අප දන්නවා. ලංකාවේ සියලු දෙනා ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ නැතිව දේශයේ ජාතියේ ආරක්ෂාවට වැඩ කළ යුතුයි.(නදී)
යුද්දයේ අවසන් කාලයේ සිදුවූ දේ පිලිබදව සොයන්නට ක්‍රම වේදයක් සකසන බවට ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා දැන් මෙහෙම කරන කොට අපි පිස්සෝ කියල තමයි හිතන්නේ. (නදී)
ඕවාට ලංකාවේ පෙළපාළි ගිහින් කැගැහුවට වැඩක් තියෙනවද?(දිල්)
ඇමරිකාව මැදපෙරදිග කරන මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන දැන දැන උන්ට සහයෝගයට එකට මෙහි ප්‍රකාශ දැමීමට කුහක වන්නේ මන්ද ?ලොකයේ විශාලතම ලෙස මනුෂ්‍යයන් සමූල ඝාතනයවූ නාගසාකී සහ හිරෝෂිමාවට පරමාණු බෝම්බ දාපු සිද්ධියට ඇමරිකාවට දඬුවම් පැමිණවිය යුතුයි .ඉරාකයේ සිදුවූ විනාශයටද ඇමරිකාව වග කිව යුතුයි . (අ)
මේකෙන් තේරෙනවා රැකියා හිගය මොන තරම්ද කියල. (අ)
විදේශ සේවා එකේ කටුනායක ගුවන් තොටුපොළේ අපිව ගසා කන්න බලන් ඉන්න නෝනලා ටිකද මේ ඇමරිකාවට විරුද්ධව බෝඩ් උස්සන් ඉන්නේ.(නදී)
වැලිවේරියේ නිරායුධ අසරණයන්ට "පට පට ගාල" වෙඩි තියල මරන්න අණ දුන්න ඒවා මොන අපරාද ගනයටද වැටෙන්නේ? යුද අපරාධ ගනයටද නැතිනම් යුද්ධයක් නැති යුද අපරාධ ගානටද?(නදී)
බන්දුල පෙරේරාට අනුව දැන් පාරේ ගමන් කරන අයට අපහසුතාවයන් ඇති වෙන්නේ නැද්ද? (නදී)
නිල් පාටින් බෝඩ් එකක් උස්සන් එන්නේ නැත්තේ ඇයි? නිල් පාට අය යුධ අපරාධ සොයනවාට කැමතියි කියලා කියන්නද?(නදී)
බත් පැකට් එකට වදාපු අම්මව වුනත් විකුනන් කන කාලයක් ඇවිත් තියෙන්නේ කියලා පේනවා නේද? (නදී)
මේවා සිංහලෙන් ලීවේ කාට කියවන්නද? ඉනංග්‍රීසියන් ලීවේ නැත්තේ බයටද? කියන දෙයක් උන්ට තේරෙන භාෂාවකින් කියන්න. මෙහෙමත් මැට්ටෝ ජතියක්.(නදී)
ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩකරන්නේ 90% ද්‍රවිඩ පන්න්දම් කාරයෝ. (නදී)
මේ හැමෝම වැඩ කරන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පේන්න විතරයි. ජාත්‍යන්තරයේදී ලංකාව අනාත වෙන විදිහේ වැඩ ආණ්ඩුවට මුක්කු ගහන අය කරන්නේ.(නදී)
හොදම විරෝධය තමයි සද්ද නැතිව ඉන්න එක (අද කාලේ)(දී)
සිංහලෙන් සටන් පාඨ ලිව්වට කමක් නෑ තේරුම් කරලා දෙන්න කට්ටිය ඉන්නවා (දිල්)
ත්‍රස්තවාදීන් ගෙන් නම් යුධ අපරාද උනා, අන්න ඒවා සොයා බලන්නේ නම් මැනවි (දී)
තේරුමක් නැති බොරු වැඩ කරන්න එපා මහතුනේ (දී)
බන්දුල පෙරේරා පඬි තුමා මොකද කියන්නේ මේ පෙළපාලිය ගැන ? මිනිහට මේ පෙළපාලි හරිම අරහන් නේ (දී)
ඔය උද්ඝෝෂණ කලා කියල මෙතෙක් කල් වෙච්ච සෙතේ මොකක්ද? තව තවත් ඇමෙරිකාව බටහිර රටවල් අපිත් එක්ක තරහ උන එක. ඔය තමා කරන මෝඩම වැඩේ. කොටි තව තවත් ලෝක ප්‍රජාවෙ හොද හිත දිනා ගන්නවා. මට නම් දැන් හිතෙනවා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන්නෙ කොටි ඩයස්පෝරාවද කියලා.(නදී)
මීට පස්සෙවත් ඔය කිසිම කෙනෙකුට වීසා දෙන්න එපා ..ඒ දැඩි ස්ථාවරයේ ඉඳගෙන අපි ජාතියක් වශයෙන් එකට අත්වැල් බැඳගෙන එන ඕනෑම දෙයකට මුහුණ දෙමු ...මොන සම්බාධක දැම්මත් අපිට රිදවන්න ඔය කාටවත් හැකි වෙන්නේ නැහැ... (දී)
වැඩක් නැතිව කාලය කන පිරිසක්. වීසා දුන්නේ නැත්නම් ලංකාවට එන්ඩ බැහැනේ. අපේ රටට ඇතුල් වෙන්න කව්ද අවසර දුන්නේ. කාලය කන්නේ ඇතිව වැඩක් කරානම් හොද නැද්ද. (දී)
ත්‍රස්තවාදින් බර ආයුධ අරගෙන හමුදාව සමග කළේ යුද්ධයක්. යුද්ධයක් වෙනකොට මානව අයිතීන් රකින්න පුලුවන්ද? ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ ඩ්‍රෝනයාත්‍රාවලින් බෝම්බදාල කරන මිනිස් ඝාතන යුද අපරාධ නොවේද? (දී)
තව ලොකු අකුරෙන් සිංහලෙන් පොස්ටර් ලියන්න. අමෙරිකන්කාරයාට හොඳට තේරෙයි . (දී)
බලාගෙන මෙයාලගේ විරෝධ තාවයට බයවෙලා දුවයි . මෙතනින් පෙන්නේ නියමිත රැකියාවක් නැතිව නිකන් කාලය කාදමමින් කාටහරි කාටහරි කඩේ යන්න බලාගෙන ඉන්න අය කොච්චර නම් ලංකාවේ ඉන්නවද (දී)
ගෙදරට ගෙන්නගෙන ඉල්ලන් කනවා වගේ වැඩක් අපි කරන්නේ. අපි ඔහොම එක එක අයට වීසා දුන්නට ඇමෙරිකාව එහෙම හැමෝටම වීසා දෙනවද ? නැහැ ඉතින් ඇයි අපිත් ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ ?(නදී)
ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝදය පාන්න හරි ක්‍රමය පස්ස හරෝගෙන හිටගත්තම නෙවෙයි. පාරෙන් එහා පැත්තට ගොස් තානාපති කාර්යාලයට මුහුණලා සිට ගැනීමයි. (දී)
වැඩේ නම් හොඳ බව පේනවා. එත් ඉතින් අපේ මිනිස්සුන්ට මොලේ නම් අඩු බව පේනවා. සිංහලෙන් ලියපු ඒවා ඒ අයට තේරෙන්නේ නැති එක මේ අයට තේරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රශ්නය (දී)
ඔලු දෙකේ මිනිස්සුන්ට අපේ රටට ඇතුල් වෙන්න කව්ද අවසර දුන්නේ. (දී)
සිංහලෙන් ලියා වැඩක් නැහැ.(නදී)
මොකක් හරි වැදගත් එහෙම නැත්නම් උසස් යැයි සම්මත ක්‍රමයක් නැත්ද මේ වගේ ගැටළු විසදන්න. අනිත් රටවල් මොකද තවත් අයගේ වැරදි හොයන්න පෙලබෙන්නේ. එහෙම කරන කොට අපිට ඇයි බැරි ඇමරිකාව හරි ඉන්දියාව වැනි රටවල් වලට අපේ අය යවල කරුණු ඉදිරිපත් කරලා විසෙන් විස නසන්න. (දී)
දැන් පෙළ පාලි යයි. ජිනීවා සමුළුවේදී උත්තර දෙන්නේ කවු ද ?. ඔය පෙලෙපාලි යන සහ යන්න උදවු වෙන අය එහි ගිහිල්ල උත්තර දෙන්න දන්නවද ?. නිකන් බොරුවට රටට තව ප්‍රශ්න ඇති කරනවා (දී)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්. කව්රු ආවත් බෝඩ් එල්ලගෙන විරෝධේ. මෙතන ඉන්න බාගෙට බාගයක් මොකටද ඔය බෝඩ් එල්ලගෙන ඉන්නවද දන්නේ නැතුව ඇති. කව්රුහරි කියන්න ඇති බෝඩ් උස්සගෙන ඉඳපල්ලා කියල. (දී)
ඔය පෙළපාළි යන අයට රජයෙන්ද ආහාර ලබාදෙන්නේ.මොකද හැම දාම එකක් දෙකක් තියනවනේ. රස්සාවට පෙළපාලි යන එකත් අද තියන හොඳ පිළිගත් රැකියාවක් (දිල්)
ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා ? (දී)
මේ ප්‍රශ්නයට අවශ්‍ය නිවැරදි දේශපාලන විසදුමක් (දී)
ඉංග්‍රීසියෙන් සටන්පාට ලියනවා.(දී)