ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාල වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදැක්වූ බව එම තානාපති කාර්යාලය කියයි.
දේශීය ප‍්‍රවෘත්ති සහ තොරතුරු ඇතුළත් lk.usembassy.gov මේ වෙබ් අඩවිය නව ආකාරයෙන් යාවත්කාලීන කර ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මෙම වෙබ් අඩවිය අන්තර් ජාල පිවිසුම් වැඩි වශයෙන් සිදුවන ජංගම දුරකථන භාවිතාකරන්නටද පහසුවෙන් පිවිසිය හැකි ආකාරයෙන් සකසා තිබීම විශේෂත්වයකි.
මෙම නව සැකැසුමට අනුව ඇමෙරිකා තානපති කාර්යාලයේ වෙබ් අඩවියට ප‍්‍රවේශ වන්නන්ට එහි මුල් පිටුව හරහා වීසා සම්බන්ධයෙන් ඇති ප‍්‍රශ්න ,ඇමෙරිකානු පුරවැසි සේවාවන් රැකියා අවස්ථා හා ව්‍යාපාරික අවස්ථා පිළිබඳවත්, තානාපති කාර්යාලය විසින් නිකුත් කර නිවේදන පිළිබඳ තොරතුරුද ලබා ගැනීමේ හැකියාව පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd