පෙර අපර ළමා ලෝකයේ සුරතලා “ටෙඩි බෙයාර්“ ය.
ටෙඩි බෙයාර් නැති සිගිත්තෙක් සොයාගැනීමත් දුෂ්කරය.එහෙත් ළමා ලෝකය අහිමි 48 හැවිරිදි කාන්තාවක් මේ ළමා සුරතලා වන ටෙඩි බෙයාර් සමග ජීවත්වන්නීය.
ඒ ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ ය.දැනට ටෙඩි බෙයාර් වෙනුවෙන් වියදම් කර ඇති මුදල ඩොලර් ලක්ෂයකි(රුපියල් ලක්ෂ 128කි).ඈ තම නිවසේ කාමර 4ක් ටෙඩි බෙයාර් වෙනුවෙන් වෙන්කර තිබේ.ඇදුම් මෝස්තර 479ක් ටෙඩ් බෙයාර් වෙනුවෙන් සකස් කර දී තිබේ.ලෝකයේ එකම තැනක මෙතරම් විශාල සංඛ්‍යාවක් ටෙඩි බෙයාර් සිටින්නේ ඇගෙ නිවසේය.විවිධ වර්ණයන්ගෙන් යුත් විවිධ හැඩයන්ගෙන් ටෙඩි බෙයාර් ලා 8309 දෙනෙක් ඈ සමග වෙසෙති.
වෘත්තියෙන් මෘදුකාංග සැළසුම් ශිල්පිනියක් වන ඇයට මේ ටෙඩි බෙයාර්ලා එකතු කර ගැනීම සදහා ඇගේ සැමියාගෙන්ද නොමද සහායක් ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට දරුවෝ නැති එකනම් පව්. (නි)
අප්‍රිකාවේ දුප්පත් ළමයින්ට මේවා බෙදලා දුන්නා නම්, දරුවෝ 8000ක් හිනා වෙනවනේ. (නි)
මාර්කෝස් පිලිපීනයෙන් එලවපු වෙලාවේ ජනාධිපති මාලිගයේ තිබී හමුවුනා ඉමෙල්ඩා සතුව තිබුණු සපත්තු කුට්ටම් 6000 ක්. ඒ මහජන මුදල්. ඒ අතින් මේ කාන්තාව තමන්ගේ ආශාව සපුරාගෙන තියෙන්නේ කාටවත් කරදරයක් නොවී. ආදර්ශයට ගන්න වටිනවා. (නි)
පද්මිණි, අප්‍රිකාවේ දරුවන්ට ටෙඩි බෙයාර්ලා නෙමෙයි ඕනෑ. මේ අම්මට කාගේ හරි ළමයෙක් අරන් හදාගන්න තිබ්බා. පව් (නි)
අයියෝ සල්ලි (අ)
මෙතරම් දියුණු රටක මෙහෙමත් පුවතක්?? (නි)
පව් නේද කොච්චර හිතට අමාරු ඇත්ද දරු දුකට මතු බවයකදී මෙවෙනි දෙයක් නොමවේවා පතමි (අ)
එයාට සල්ලි තියෙන නිසා මේවා කරන්න පුළුවන්, අපි එච්චර පින් කරලා නැහැ (නි)
ටෙඩි බෙයාලා ගන්න සල්ලි නැති අයට පුලුවන් ඒවා හදලා මේ වගේ අයට විකුනන්න. (නි)
ඔය ටෙඩියෝ ටික දුප්පත් දරුවන්ට බෙදා දුන්නා නම් කොච්චර හොදද? (නි)