IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා කතට ටෙඩි බෙයාර් දරුවෝ 8000ක්

පෙර අපර ළමා ලෝකයේ සුරතලා “ටෙඩි බෙයාර්“ ය.

ටෙඩි බෙයාර් නැති සිගිත්තෙක් සොයාගැනීමත් දුෂ්කරය.එහෙත් ළමා ලෝකය අහිමි 48 හැවිරිදි කාන්තාවක් මේ ළමා සුරතලා වන ටෙඩි බෙයාර් සමග ජීවත්වන්නීය.

ඒ ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ  ය.දැනට ටෙඩි බෙයාර් වෙනුවෙන් වියදම් කර ඇති මුදල  ඩොලර් ලක්ෂයකි(රුපියල් ලක්ෂ 128කි).ඈ තම නිවසේ කාමර 4ක් ටෙඩි බෙයාර් වෙනුවෙන් වෙන්කර තිබේ.ඇදුම් මෝස්තර 479ක් ටෙඩ් බෙයාර් වෙනුවෙන් සකස් කර දී තිබේ.ලෝකයේ එකම තැනක මෙතරම් විශාල සංඛ්‍යාවක් ටෙඩි බෙයාර් සිටින්නේ ඇගෙ නිවසේය.විවිධ වර්ණයන්ගෙන් යුත් විවිධ හැඩයන්ගෙන් ටෙඩි බෙයාර් ලා 8309 දෙනෙක් ඈ සමග වෙසෙති.

වෘත්තියෙන් මෘදුකාංග සැළසුම් ශිල්පිනියක් වන ඇයට මේ ටෙඩි බෙයාර්ලා එකතු කර ගැනීම සදහා ඇගේ සැමියාගෙන්ද නොමද සහායක් ලැබේ.

 



අදහස් (0)

ඇමෙරිකා කතට ටෙඩි බෙයාර් දරුවෝ 8000ක්

රංජනී Thursday, 30 May 2013 01:48 AM

මෙයාට දරුවෝ නැති එකනම් පව්. (නි)

:       0       0

පද්මිණි Thursday, 30 May 2013 10:28 AM

අප්‍රිකාවේ දුප්පත් ළමයින්ට මේවා බෙදලා දුන්නා නම්, දරුවෝ 8000ක් හිනා වෙනවනේ. (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 03:49 AM

මාර්කෝස් පිලිපීනයෙන් එලවපු වෙලාවේ ජනාධිපති මාලිගයේ තිබී හමුවුනා ඉමෙල්ඩා සතුව තිබුණු සපත්තු කුට්ටම් 6000 ක්. ඒ මහජන මුදල්. ඒ අතින් මේ කාන්තාව තමන්ගේ ආශාව සපුරාගෙන තියෙන්නේ කාටවත් කරදරයක් නොවී. ආදර්ශයට ගන්න වටිනවා. (නි)

:       0       0

සජිත් Saturday, 01 June 2013 06:25 PM

පද්මිණි, අප්‍රිකාවේ දරුවන්ට ටෙඩි බෙයාර්ලා නෙමෙයි ඕනෑ. මේ අම්මට කාගේ හරි ළමයෙක් අරන් හදාගන්න තිබ්බා. පව් (නි)

:       0       0

චන්දන Wednesday, 29 May 2013 08:54 PM

අයියෝ සල්ලි (අ)

:       0       0

නීල් Wednesday, 29 May 2013 08:58 PM

මෙතරම් දියුණු රටක මෙහෙමත් පුවතක්?? (නි)

:       0       0

අමිල Wednesday, 29 May 2013 09:10 PM

පව් නේද කොච්චර හිතට අමාරු ඇත්ද දරු දුකට මතු බවයකදී මෙවෙනි දෙයක් නොමවේවා පතමි (අ)

:       0       0

සමන් පෙරේරා Wednesday, 29 May 2013 09:16 PM

එයාට සල්ලි තියෙන නිසා මේවා කරන්න පුළුවන්, අපි එච්චර පින් කරලා නැහැ (නි)

:       0       0

ජෝසප් පෙරේරා Thursday, 30 May 2013 08:33 AM

ටෙඩි බෙයාලා ගන්න සල්ලි නැති අයට පුලුවන් ඒවා හදලා මේ වගේ අයට විකුනන්න. (නි)

:       0       0

ජීවන්ත Wednesday, 29 May 2013 10:33 PM

ඔය ටෙඩියෝ ටික දුප්පත් දරුවන්ට බෙදා දුන්නා නම් කොච්චර හොදද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site