ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට අට අවුරුද්දකට පෙර ඩොලර් දස ලක්ෂක (රුපියල් කෝටි 13.2) මිසයිල හා ඒ කේ 47 අවි හොරෙන් මිලට ගෙන උතුරට එවීමට තැත් කළ දෙමළ කොටියෙක් නිව්යෝක් අධිකරණයකින් දෙවසරක සිර දඩුවමකට යටත් කරනු ලැබීය.
කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි පිරදීපන් ‘පීටර්‘ නඩරාජා (37) වරද පිළිගත්තේය.
ටොරොන්ටෝ සිට ක්‍රියාත්මක වූ කණ්ඩායම් හොර බඩු ජාවාරම් කල්ලිය අන්තිම පුද්ගලයා වූ ඔහු වයස අවුරුදු 14 දී කැනඩාවට ගිය පුද්ගලයකි.
මෙය තමා අතින් වූ වරදක් බව අධිකරණයෙන් සමාව ගනිමින් ඔහු කෙටි ලිපියක් ඉදිරිපත් කෙළේය.
එහෙත් ඔහුට සිර දඬුවම් නියම විය.
ඔවුන්ගේ හොර අවි ජාවාරම හෙළි කර ගත හැකි වූයේ කැනඩාවේ රාජකීය අශ්වාරෝහක පොලිස් බළ ඇණිය සහ , ඇමෙරිකාවේ එෆ් බී අයි ආයතනය එක්ව කළ පරීක්ෂණ නිසාය.
යුද්ධය පැවැති සමයේ කොටි සංවිධනය ලෝක දෙමළ සංවිධානය මගින් කැනඩාවේ ටොරන්ටෝ වැන්කුවර් හා මොන්ට්‍රියල් නගරවල කාර්යාල විවෘත කර විශාල වශයෙන් මුදල් එකතු කළේය.
ශ්‍රී ලංකා ගුවන් යානාවලට බිම සිට පහර දිය හැකි මිසයිල මිලට ගැනීම සඳහා කැනඩාවේ සිට දෙමළ ජාතිකයෝ පිරිසක් 2006 දී නිව්යෝර්ක් නුවරට ගියහ.
එහි දී ඔවුන් අවි මිලට ගැනීමට සාකච්ඡා කළේ වෙස්වළාගත් එෆ්බීඅයි නිලධරයන් සමගය.
නඩරාජා ටොරොන්ටෝ නුවර දී අත්අඩංගුවට ගෙන තිබිණි.
ඊට එරෙහිව ඔහු කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ඇපෑල පරාජය විය.
ඉන් පසු ඔහු 2012 දී ඇමෙරිකාවට පිටුවහල් කැරිණි.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් සමයේ ඔහුගේ පියාගේ කඩය පිට පිටම ගිනි තබා ඇති බවත්, ත්‍රස්තවාදී කණ්ඩායමක් ඔහු පැහැරගෙන ඔහුගේ මව්පියන්ගෙන් කප්පම් ගැනීමට සැරසුණු නිසා සිය සහෝදරයා සිටි කැනඩාවට 1990 දී නඩරාජා කැනඩාවට යැවූ බවත් නඩුවේ දී කියැවිණි.
1997 දී නඩරාජා දෙමළ චිත්‍රපට වඩීයෝ බදු දීමේ වෙළෙඳසළක් ටොරොන්ටෝ නුවර මුලින්ම අරඹා තිබූ බව ද, කැනඩාවේ අයිබීඑම් බෙල් රොජර්ස් ආයතනවල සේවය කළ බව ද නඩුවේ දී සඳහන් විය.
නඩරාජා 2005 දී උතුරේ කොටියනට කැනඩාවෙන් ජංගම දුරකතන ද, අදුරේ දී භාවිත කරන ගොගල්ස් ද මිලට ගෙන ඇතැයි ද පැමිණිල්ලෙන් කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානාවලට බිම සිට පහර දෙන්න පුළුවන් මේ මිසයිල මෙහාට ගේනවා නම් මොනවා නොවෙන්න තිබුන ද (ස)
අමෙරිකාව කොටින්ට උපකාර කරනවා කියල රජයේ නායකයෝ කියන කතාව බොරුවක්නේ එතකොට.(අ)
අපට හතුරුකම් කරන බවට අපේ සමහර කට්ටිය යටි ගිරියෙන් කෑගහලා කියන රටවල් වැරදි වැඩ කළ කොටින්ට වරද පිළිගත්තාට පසුවත් දඩුවම් දෙනවා. හැබැයි ආයුධ නැවු ගණන් කොටින්ට එවපු සමහර කට්ටිය අද ලංකාවේ හොඳින් වැජඹෙනවා. අනේ කාලේ වනේ වාසේ කිවුවලු... (නි)
ලංකාවට විරුද්ධව වැඩ කරන කොටින්ට බටහිර රටවලින් මෙහෙමයි දඬුවම් දෙන්නේ. බටහිර රටවල කෙනෙක්ව දකුණේදී මරලා එයාගේ පෙම්වතියව දූෂණය කළ අයට මොකද වුණේ කියලා දන්නවා ඇතිනේ හැමදෙනාම. ඊට පස්සේ අපේ දේශප්‍රේමියෝ ගිහිල්ලා බටහිර රටවල තානාපති කාර්යාල ඉදිරියේ උද්ඝෝෂණත් කරනවා. මට හිතාගන්න බැරි ඇයි බටහිර රටවල අය ලංකාවේ තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ නොකරන්නේ කියන එකයි. (නි)
එයාලා එහෙම තමයි. ලෝකෙට පරකාසේ... එතකොට අහිංසක මිනිස්සු මරන්න අවි දෙන්නෙ කවුද? (නි)
රොෂාන් ,ප්‍රසන්න හා ලොස් මහතුන් විසින් දක්වා ඇති අදහස් අනුව අපිට පෙනී යන ප්‍රධානම කරුණ තමයි බොරු දේශප්‍රේමින් අතර සත්‍යය අවබෝධ වන සුළු පිරිසක් හෝ සිටින බව.ඇමරිකාව මීට පෙරත් කොටින්ට දඩුවම් දුන්නා. (නි)
දැන් තේරෙනවා නේද කොටි ත්‍රස්තවාදීන් මේ රටේ තව දුරටත් සිටියා නම් මේ රටට අත්වන ඉරණම මොකක්ද කියලා. (නි)
එතකොට එහෙන් ආයුධ එවූ අයට දඬුවම් දෙනවා.මං අහන්නේ ඒ ආයුධ ගෙනවිත් ජාතිය,ආගම ගැන බලන්නේ නැතුව පොකුරු පිටින් ඝාතනය කළ අයගේ පැත්ත අරගෙන අපිට මේ කරන කෙනෙහෙලිකම් හරිද කියලයි. එයාලා බයයි දවසක එයාලටත් ඔය ටිකම වෙයි කියලා. ඒකයි මේ සේරම. (නි)
එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තිබුණා නම් අපේ රටට අත් වන ඉරණම අපේ ජනතාවට හිතාගන්න පුළුවන් නේද? (නි)
ලංකාවේ දේශපාලඥයෝ හැමදාම ඇමරිකාවට කැනඩාවට බනිනවා. මේ රටවල් ත්‍රස්තවාදීන්ට නියම දඩුවම රටේ නීතිය අනුව දෙනවා. නමුත් ලංකාවේ ප්‍රධාන කොටි ඉන්නේ කොහෙද කියලා අපි දන්නවනේ. පොඩි කොටින්ට දඩුවම් දෙනවා.නමුත් ලොක්කෝ?? (නි)
මොන දේ කළත් ඇමරිකාව සුදුසු දඬුවම වැරදිකරුවන්ට ලබා දුන්නා (නි)
ඇමරිකාව මේ වෙලාවේ රටටම ආදර්ශයක් වුණා (නි)
අපේ රටෙත් දැනට ඉතුරුවෙලා ඉන්න අයට දඬුවම් දෙන්න පිටරට අයට කියමුද? (නි)