මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක විය යුතුම යැයි ජාතික එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා පවසයි.
ඔහු නොවන්නේ නම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සුදුසු බව ජාතික එකමුතුවේ මතය බව නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය හමුවක දී අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ හිඳගත්තත් විපක්ෂය නියෝජනය කරමින් රජය විවේචනය නොකළ යුතු යැයි සන්ධානයේ පක්ෂවලට ජනාධිපති නියෝග කර ඇතැයි කී අමරසේකර මහතා, රජය විවේචනය කළ නොහැකි නම් විපක්ෂයක් කුමකට දැයි ප්‍රශ්න කළේය.
මේ ජාතික ආණ්ඩුව එජාපයේ හෝ විපක්ෂයේ වුවමනාවක් නොව පිටස්තර යම් බලවේගයක් විසින් මොවුන් පිට බලහත්කාරයෙන් පැටවුණු එකකැයි ද හෙතෙම සඳහන් කළේය.
‘එජාපයට ඕනෑ නම් ආණ්ඩුවක් හදන්න තිබුණා. මෛත්‍රිපාල සිරිසේන මහතාට ඕනෑ නම් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් හදන්න තිබුණා. නමුත් ඔහු තමන්ගේ පක්ෂය පරාජය කර එජාපය දිනවන්න කටයුතු කළා. මේ සියල්ල කළා නොවෙයි කරවූයේ ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු බලවේග විසින් විය හැකියි.‘ යයි ද අමරසේකර මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඇයි අර පළාත් සභාවේ ඉඳල ඇවිල්ල අද පාර්ලිමේන්තුවේ දී රනිල් ගේ රීති ප්‍රශ්නෙන් කිච වුනු ගොම්මන්පිල හොඳ නැද්ද? (බ)
ජේ. ආර්. 1977 බලයට ඇවිල්ලා 1987 වෙනකොට රටේ ත්‍රස්තවාදියෝ ආයුධ අරගෙන බලවත් වුණා. අපි බලමු ඉදිරියට වෙන දේ ගැනත්... (නි)
මේ අය දැන්වත් කටවල් ටික වහගෙන වැඩක් කරන මිනිස්සුන්ට වැඩක් කරන්න කාලයක් දීල ඉන්න ඕනනේ විවේචනය කරන්න කලින්. (අ)
පැරණි රසාංග නැවතත් පටන්ගෙන වගේ. (අ)
මොනවා හරි කියනවා ඉතින්. කාලෙකින් එලිබැහැල අයිත් මන්තරේ ජප කරන්ට පටන් අරන්. (අ)
මේ මහත්තයා කියපු දේවල් එකක්වත් මේ රටේ කෙරෙන දේවල් නොවෙයි කියායි මට නම් හිතෙන්නේ (නි)
ඔය අර්චාර්ය මහාචාර්ය මොන පට්ටම් තිබුණත් වැඩක් නැහැ මොලය කළදක් වත් නැතිනම්.දැන්වත් ඔය ජතිවදයි අගම් වාදයි ගදගස් වන්නේ නැතිව ඔය නුගත්කම පෙන්වන්නේ නැතිව ඉන්න. (අ)
රටකට ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් ඕන . විපක්ෂයක් නැත්නම් රට නිකම්ම ඒකාදිපති වෙනවා .(අ)
ඔබ හොඳ නිර්භීත පුද්ගලයෙකු නම් ඉංග්‍රීසි පුවරු පමණක් ප්‍රදර්ශනය කරමින් ඉංග්‍රීසියෙන් ඔවුන්ට හොඳට ඇසෙන සේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට විරුද්ධත්වය ප්‍රකාශ කරන ලෙස මම අභියෝග කරමි. ඔබ එසේ කළා නම් ඔබට මහජන ප්‍රසාදය ලැබෙනු ඇත. (නි)
මේ මුණු දැක්කමත් අප්‍රසන්නයි (අ)
මේගේ මොලේට මොකද වෙලා තියෙන්නේ (අ)
බුලත්සිංහල, ඔබ හරි. අපි අනාගතයේදී බලමු (නි)
මේ නම් විමල්ගේ ගිය ආත්මේ පියා වෙන්න එති අනිවාර.... (ම)
මේ නඩයට ජාතිවාදයයි , ජාත්‍යන්තර කුමන්ත්‍රණයි ඇරුණාම වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ . (ම)
මේ රටට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය කරලා තිබ්බේ. යුධ සමයේ දැන් එහෙම අවශ්‍යතාවයක් නැ... අවශ්‍ය වෙන්නේ.. ව්‍යවස්ථානුකුල නීතිගරුකව .. බෞද්ධ පදනමක් මත සියලු ජාතින්ට සාමකාමිව ඉන්න පුළුවන් ඒකීය රටක් පමණි. (බ)
මේවා නවත්වන්න කවුරුත් නැද්ද? නැත්නම් මේ රට හදන්න වෙන්නෙ නැහැ (නි)
මේ අය ඉතින් පරණ උදවියනේ. ඔලුවේ තාම තියෙන්නේ හණමිටි අදහස්. මුලදි මම මෙතුමා ගැන හිතාගෙන හිටියේ මෙහෙම නෙමෙයි. ඒත් ඉතින් මොනවා කරන්නද? (නි)
එතකොට ඔබතුමාට පෙනුනේ නැද්ද පහුගිය කාලේ චීනයෙන් දාපු නූල් සූත්තර? ඒවා නූල් සූත්තර නෙමෙයිද? චීනයෙන් හැමදේම කළේ අපිට තියෙන පුදුමසහගත ආදරේටද? (නි)
අනේ දැන් කතා ඇති! (නි)
පන තිබෙන තුරුම බලයේ සිටින්නට ව්‍යවස්ථා නුල් සුත්තර දානකොට ඔයාල හිටියේ කොහෙද අමෙරිකාවේද (බ)
අමරේ අද නැත පුන්සද - පාලු කැපෙන ගනදුර බිඳ - එන්න විමලේ පාළුව බිඳ - පැල් කවි කියමු (බ)
ඒකාධිපති බලයක් රටේ පැහැදිලිවම ගොඩ නැඟෙද්දී හිටියේ කොහෙද? ජනතාව වෙනුවෙන් හිතන්න පුරුදුවෙන්න (නි)
අබුද්දස්ස යුගය අපි දැන් පහුකළානේ මහත්තයෝ (නි)
මෙහෙ ඉන්න සමහරු බලා ඉන්නේ ලංකාවත් ඉන්දියාවත් එකට එකතු කරන පාලම හදනකම්.එවන් පාලමක් මොන විදිහකින්වත් හදන්න දෙන්න එපා.අපිට අපේ දරුවන්ට තවත් අවුරුදු ගණනාවක් යනතුරු දිවයිනක් වශයෙන් ජීවත්වෙන්න ඉඩ තියන්න. (නි)
දැන් මිනිස්සු බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)
ඔබව විශ්වාස කරලා වුණ දේ අපිට මතකයි (නි)
මහින්ද මහත්තයාට තවත් නින්දා කරන්න එපා (නි)
මේ අදහස් ටික දැක්කහම මේ රටේ ඉන්න අය ගැන හිතාගන්න පුලුවන්. බඩ ගැන විතරක් හිතුවහම ඇති (නි)
1960 ගණන් වල ඉඳලා ඇමරිකන් කුමන්ත්‍රණ, විදේශීය බලවේග කිය කියා හිටිය මිසක් එකතුවෙලා රට ගොඩදාන්න හිතුවේ නැහැ කවුරුවත්. ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔක්කොම එකතුවෙලා රට ගොඩදාන්න ජනාධිපතිතුමාට උදවු කරමු. (නි)
අනේ මොකටද මගේ කට? (නි)
මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)
දුර දිග පෙනෙන මිනිසුන්ට මෙලෙස අපහාස කරන අන්දබාලයන්ගේ ප්‍රකාශ බලන කොට අනගාරික ධර්මපාලතුමාට කළ දේ සිහිවෙනවා (අ)
රටේ ජනතාව බොරුවෙන් මුලා කරන්න එපා (නි)
දැන් ඉතින් ඉන්දියාවයි ඇමරිකාවයි පතුරු ගහනවා.කලාපේ බලවතුන් එක්ක හැප්පිලා කරගත්තු හරිය මදැයි පසුගිය කාලේ. (අ)
අනේ මහත්තයෝ ඔබ ඇතුළු සෙට් එක ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ.ඔය නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන යහතින් ඉන්න(ම)
මම මේ මෝඩයන්ට වෛර කරනවා (බ)
නදී සහ තවත් ටික දෙනෙක් ඇර; මේකේ කමෙන්ට්ස් දාල තියෙන හැටි දැක්කම පුදුම හිතෙන්නේ නැහැ. මොලේ කොහෙද තියෙන්නේ කියල පෙනෙයි මේක සුඩානය ට කළදේ අමෙරිකාවෙන් කරාට පස්සේ. ලෝක දේශපාලනය ගෙන දන්නා තරම පේනවා ලංකාවේ බඩ ජාරින්ගේ.. දුකයි එත් ඇත්ත තිත්තයි..(බ)
අනේ රට අවුස්සන්නේ නැතුව හිටියනම් හොඳ නැද්ද..(බ)
සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතිකත්වය වෙනස් විෂයකි (ම)
ජාතික ආණ්ඩුවක් යනු යුගයේ අවශ්‍යතාවක් ..එහාට මෙහාට ඇදල කල් මරන ගමන් ජනතාවගේ සල්ලි වලින් තමන්ගේ මඩි පුරවා ගන්න එකයි නිදහසින් පස්සෙ බිහි වුණ සෑම පර්ලිමේන්තුවකින්ම සිදූ වුණේ...මේ විදියටවත් ජනතාවට ,රටට යමක් වේද බලමු..අමරසේකර මහත්තයා සුභවාදීව මේ දෙස බලමු..(ම)
ඩුබායි තිලක්, මේ ඇත්තටමයි කියන්නේ. ඔයාගේ මොළය පරීක්ෂා කරගන්න. (නි)
ඔබලාගේ හා විමල්ලාගේ බොරු වල වලංගු නැහැ . දැන්වත් ජනතාව නොමග යවන්න එපා. (ම)
ප්‍රස්තා පිරුළක් තිබෙනවා "බල්ලෝ බිරුවට තවලම ඉදිරියට යනවා" කියලා. (නි)
ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රෝහණ විජේවීර සහෝදරයා කිවුවේ දැනට අවුරුදු 30 කට 40කට ඉස්සර. ඉන්දියාව ඔවුන්දේ විදේශ ප්‍රතිපත්තිය බොහොම ලස්සනට කරගෙන යනවා. අප රටේ සිටින අයට කිවුවාට වැඩක් නැහැ. ඉන්දියානුවෙකු හමුවුණාම ඔහු තම රට ගැන දක්වන අභිමානය සහ ආදරය දුටුවාම පුදුම හිතෙනවා. ඒ වගේම ඇමරිකාව කියලා කිවුවාට එහේ නියම ජාතියක් නැහැ. ඒ නිසානේ ඇමරිකාවේ ජනපද එක්සත් වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් කතාකරන විට ඔවුන්ගේ අභිමානය, අපි තමයි ලෝකයේ ශක්තිමත්ම ජාතිය, බලවත්ම ජාතිය කියලා කෙළින් නොකිවුවත් හරහට හරි කියනවා. මම කියන්නේ අත්දැකීමෙන්. යුරෝපයේ හෝටල් වල පිළිගැනීමේ නිලධාරියෙක් ලෙස මේ ලැබූ අත්දැකීම්. ප්‍රශ්නය එය නොවෙයි. අපේ රටේ ඉන්න බොහෝ දෙනෙකු තම රටට ආදර කරන්න කියලා කවුරුහරි කිවුවාම ඒක හරියට පොතක ලියපු දෙයක් කියවනවා වගේ දෙයක්. වැඩිහිටියන්ට ගරුකිරීම අද දිනයේ පිරිහී ඇති බව මෙම අදහස් කියවනවිටදී තේරුම් යනවා. ඒ ගැන දුකයි. අද කාලයේ අම්මා තාත්තා නොහඳුනන තම දරුවන් වැරදි මඟ යන රටක ඉන්න දරුවන්ට අපි දේශයට ආදරය කරන්න කියලා කියන එකත් වැරදිවීමට හැක. ගුණදාස අමරසේකරයන් කරන්නේ කාටවත් කඩේ යාමක් නොවේ, ඔහුට තානාන්තර අනවශ්‍ය බව මම පෞද්ගලිකවම දනිමි. ඔහු කරන්නේ ජාතියට අද අවශ්‍ය මෙහෙවරකි. (නි)
එයාගේ අදහස් රට පිළිගන්න ඕනෑමයි කියලා කොහෙවත් කියලා නැහැනේ. (නි)
මේවා ගතානුගතික අදහස් ලෙස ඉවත දැමීම සුදුසු නැහැ.කල්පනාකාරී වියයුතුයි.අමතක කරන්න එපා,අප රටේ ඒකීයභාවයට හා සංවර්ධනයට අකමැති විදේශීය බලවේග යම්කිසි ආකාරයකින් හිස ඔසවන්න මාන බලනවා.ජනතාවට ඉතා සුන්දර චිත්‍රයක් මවා පෑවත් තිරය පිටුපස ඇත්තේ ගිනිගෙඩි. (නි)
ඩුබායි තිලක්ගේ විරෝධයට මාත් 500% එකඟයි.අපිට ඉන්දියාවට පාලම් එපා (නි)
ගුණදාස අමරසේකර යනු උගත් වියතෙක්. නමුත් අපිට ඔහුගේ දෙසුම් දැන් එපාවෙලා. ඡන්දෙ කාලෙට විතරක් නෙමෙයි හැමදාම දේශයේ මිනිසුන් දැනුවත් කරනවා නම් හොඳයි (නි)
ඇමෙරිකාව හරි ඉන්දියාව හරි නම ඇහුන ගමන් සමහරු භූමිතෙල් වැදුන අර මොකාද වගේ තමා. (නි)
දැන්වත් කටවල් ටික වහ ගත්තොත් රටට හොඳක් වේවි.(ම)
මේ කථාව සම්පුර්ණ ඇත්ත. ඒත් ඇයි අහවලා ගැන සඳහනක් මෙහි නැත්තේ? (නි)
ඇමෙරිකාවට ඕනෑ විදියට වැඩකරන බවයි මට නම් පැහැදිලි වෙන්නේ (නි)
ලැජ්ජා වෙන්න ඕනෑ.ඇමෙරිකාවට ඕනෑ විදියට මොකටද අපි වැඩ කරන්නේ? (නි)
අමරසේකර මැතිතුමනි දතක් ගලවාගෙන ඔය නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන යහතින් ඉන්න! කඩේ යන්න වයසක් නෙවිනේ (බ)
අනේ සාමි දැන් වත් බේගල් දෙසන එක නතර කරලා බ්රේන් වොෂ් එකක් ගන්න, (බ)
මහින්ද මත්තය ආණ්ඩුව ගෙනිච්චේ තග් සිස්ටම් එකට , මෛත්‍රී ජනපති ගෙනියන්නේ සම්මුතිවාදිව වෙනස එකයි හැබැයි එතුමාට යන්න ඕන දිසාවට මෙහෙයවන්න කාගෙන් බාදා ආවත් එතුමා නොසැලී ගමන් යනවා එතැනයි වැදගත්කම , තවලම ඉදිරියටම (බ)