
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටත් තානාපති කාර්යාලවලටත් ලබාදීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්්‍ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව දැනගන්නට ඇත දැනට ඇමති බංගලා හතරක් විශේෂ අධිකරණ පවත්වාගෙන යෑමට අධිකරණ අමාත්‍යාංශයටද තවත් බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටද දැනටමත් බාරදී ඇත.
රජය සතු බංගලා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.
හිටපු අමාත්‍යවරුන් විසින් නිල නිවාස ලෙස භාවිත කරනු ලැබූ බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව භාවිත කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනාගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් 2024 දෙසැම්බර් 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව පත් කෙරිණ.
නිලධාරි කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව එම බංගලා නිවාස තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිත ආයතන මෙන්ම අවන්හල් (High-end Restaurant හා Boutique Hotel ) ඇතුළු වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා උපයෝජනය කළ හැකි බවට නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd