(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ව්‍යවස්ථාදායකයන් පත්වූවාට ඇමැතිවරුන් විධායකයේ දිගුවක් හෙයින් ඔවුනට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩකඩක් ලබාදීම වැරදි යැයි පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ තිබිය යුත්තේ නියෝජිත වරප්‍රසාදයක් පමණක් බවත් බොහෝ අයට පාර්ලිමේන්තුව විහිළුවක් වී ඇත්තේ මෙවැනි කාරණා හේතුවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.
හේරත් මහතා මෙසේ පැවසූවේ ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
පාර්ලිමේන්තුව තුළ සිදුවන්නා වූ බොහෝ සිදුවීම් සහ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුවක් තුළ නොවන තත්වයක් මත බොහෝඅයට නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම වර්තමාන පාර්ලිමේන්තුව විහිළුවක් වී තිබේ...
රාජපක්ෂලා විසින් දේශපාලනයට හදුන්වාදුන් වියත්මග ඔබ ඇතුළු කණඩායම රාජපක්ෂලාගේ සියලු ජයග්‍රහණ ඉතාම ඉහලින් අගයකරමින් සිට ඔවුන්ගේ පරාජයන් අවස්ථවේදී ඔවුන්ව විවේචනය කිරීමම ඔබලාගේ සුක්ෂම දේශපාලන අවස්ථාවාදිත්වය සහ දෙබිඩි පිළිවෙත ඔබලාගේ විසින්ම නිරුවත් කිරීම අගය කරමු. "එදා" රාජපක්ෂලා නොමැතිව වෙනත් කිසිවකුට ලංකාවේ දේශපාලනය සහ රට සංවර්දනය කල නොහැකි බව අදහස් ප්‍රකාශ කල ඔබල "අද" දේශපාලනයෙන් අසරනවු අවස්ථවේ රාජපක්ෂලා නිසා දේශපාලනය කල නොහැකිබව ජනතව ඉදිරි ප්‍රකශ නිකුත් කිරීමම ඔබලාගේ දේශපාලන තත්වයන්, අවස්ථවන් සහ ඔබලා සිටින්නේ කොතනකද කියා සිත ගැනීමට ජනතවට අපහසු නැත.