ලබන වසරේ සිට සෑම අමාත්‍යවරයකුම සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට සෑම දිස්ත්‍රික්කයකටම මාස්පතා යෑම අනිවාර්ය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික තිරසාර සංවර්ධන සහභාගීත්ව මණ්ඩපයට එක්වෙමින් පැවසීය.
ඇමැතිවරුන් අවම වශයෙන් මාස තුනකට වරක් හෝ සියලු දිස්ත්‍රික්කවලට ගොස් සංවර්ධන කටයුතුවල අඩුපාඩු සොයා බැලිය යුතු බවද කී ජනපති ලබන වසර දිළිඳු භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කිරීමත් සමග මෙම තීරණය ගත් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන් තැන් වල වේදිකාවල එක එක කතා කියලා වැඩක් නැහැ. ඕවා අදාළ මිනිස්සු කැඳවා ලිඛිතව දෙන්න ඕනෑ නියෝග. කැබිනට් එක එක මාසයක් අඛණ්ඩව ක්‍රියාකාරී හමුවක් තියලා රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. (නි)
බුද්ධිමත් තීරණයක්,යහපාලනයට ,ජනතාවට යම් අස්වැසිල්ලක් වේවි.(ම)
කතාව විතරයි. තාම කරපු වැඩක් නම් පේන්න නැහැ (නි)
ගිහින් සොයා බලන්න නම් එතන සංවර්ධන කටයුත්තක් සිදුවිය යුතුයි, ඒ නිසා "පළමුව සංවර්ධනය, දෙවනුව පසු විමසුම" කියලා නියෝගයක් දුන්න නම් තමා හොඳයි. (හේ)
ඇමතිවරුන්ට නියමිත රාජකාරිය කුමක්දැයි පහදා දිය යුතුව ඇත. ඔවුන් රටවටා හිතූමතේ බෙරගහමින් යන බවයි අපට පෙනෙන්නේ. (නි)
ඒ කියන්නේ අවුරුද්දකට හතර සැරයක්නේ. අවුරුද්දකට කී සැරයක් ඔය කට්ටිය පිටරට යනවද? මම දන්නවා සමහර දේශපාලකයෝ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු තියා, ප්‍රදේශයේ තියන ගම්වත් දන්නේ නැහැ. බලමු ඔය කියන වැඩේ සාර්ථක වෙනවද කියලා. අනෙක ඕක කියන්න ඕනෑ මිනිසුන්ට නොවෙයි ඔය කාණ්ඩය කැඳවා ඒ අයගේ මුහුණටයි. කොහොමටත් ඔය කට්ටිය නම් ගම්වලට යන්න බය වේවි. (නි)
වැඩේ අමාරු වෙන එකක්නම් නෑ හැබැයි, හරි ලේසි වෙයි. හොයල බලන්න, රපොර්තු කරන්න තරම් සංවර්ධනයක් වෙන්නෙත් නැහැනේ - ඔය පොඩි වැසිකිලියක්, කානුවක් හදල ඊට වඩා ලොකු ඵලකයක් ගහන එකයි ඇරෙන්න...(බ)
මේ ටිකත් කියලා දෙන්න හෙටම. මෙයාලා ඒ පළාතට යනකොට පිළිගැනීමේ උත්සවයි තේ පැන් සංග්‍රහයි වහාම නවත්වන්න කියන්න. මොකද මෙයාලා ඒ සේරම කරන්නේ මහජන මුදල් වලින්. (නි)
එ්ක නම් ඇත්තටම හොඳ දෙයක්. බලමු මේකෙන්වත් වැඩක් වෙයිද කියලා (නි)
මෙච්චරකල් ඇමතිවරුන්ට වැඩ තිබිලා නැද්ද? අයියෝ ලංකා!! වැඩ පැවරුවට කමක් නැහැ, ඒක අනවශ්‍ය වියදමක් කරගන්නේ නැතුව. යන එන එකම වියදමක් වුණොත් එ්කෙන් වැඩක් නැහැ. ගිහිල්ලා කාලා බීලා විතරක් එන එකත් වැඩක් නැහැ. යන එකේ ගුණයක් ඵලයක් තියෙනවද කියලත් බලන්න. කරන කියන දේ, හොඳ තැන වැරදි තැන ජනතාවට පෙන්නලා දෙන්න. (නි)
මොනවා කියලා බලන්නද? බලන්න වැඩක් කරන්න එපායැ (නි)
"දිළිඳුභාවයෙන් නිදහස්වීමේ වසර". ලොකු මාතෘකා දාගෙන කයිවාරු ගහනවා. කරපු වැඩක් නම් නැහැ. ගියවසරේ සංවර්ධනය 2% ට බැහැලා. ලබන වසර වෙනකොට මේ වසරේ සංවර්ධනය 1% කියාවිද දන්නේ නැහැ. අපිට අහන්න තියෙන්නේ "දැන් සතුටුද" කියලා තමයි (නි)