ඇමැතිවරුන්ගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම අතර ‘කථානායක කුසලානය‘ සදහා දෙවැනි වරටත් පැවැති වාර්ෂික ක්‍රිකට් තරගය අද (15) විස්සයි විස්ස තරගයක් ලෙස ටොරින්ටන් පෙදෙස් ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී ඇමැතිවරුන්ගේ කණ්ඩායම පරදවා කඩුලු 4 ක පහසු ජයක් අත්කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සමත් විය.
මෙහිදී ඇමැතිවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමි වී තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබුණේ රවී කරුණානායක මහතාටයි.
තරගයේ හොදම පන්දු යවන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හොදම පන්දු රකින්නා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ,දක්ෂතම පිතිකරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක ද තරඟයේ වීරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද සම්මාන ලැබීය .
2025 දෙසැම්බර් මස 18
669
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැතිවරු මන්ත්‍රීවරුනට පරදිති
මල්කා Monday, 16 December 2013 10:41 AM
හැබැයි වෙන දෙයකින් නම් මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ට පරාද වෙනවා (නි)
තුවාන් තාජුදීන් Monday, 16 December 2013 01:19 PM
අනේ කරුණාකරලා ඔබ තුමාලගේ බඩ අඩුකර ගන්න.(නදී)
නාත් රණසිංහ Monday, 16 December 2013 01:26 PM
රොෂාන් ඔබ හරි. මන්ත්‍රී පිලට කට්ටිය අඩු නිසා තමයි විපක්ෂයට චාන්ස් එක ලැබිල තියෙන්නේ.(නදී)
පිටබැද්දර ජයා Monday, 16 December 2013 01:55 PM
ඡන්දෙකදී මේ දෙගොල්ලොම ජනතාවට පරාදයි ඔන්න කීවා ! (නදී)
චමත් ඉතාලිය Sunday, 15 December 2013 11:07 PM
මේකෙන් මන්ත්‍රීවරු දින්නාට අනිත් ගැහිලිවලින් ඇමතිවරු දිනුම්නේ නේද?(නදී)
නීලා Monday, 16 December 2013 12:20 AM
පිරිත් නුලක් නැති එක ඇමති කෙනෙක් පෙන්වන්න පුළුවන් නම්.(නදී)
ශාන්ති Monday, 16 December 2013 12:26 AM
බලන්නකෝ අර තුන් වෙනි රුපය අපේ ඇමතිවරු කොච්චර හැඩද කියලා.(නදී)
අචිනි Monday, 16 December 2013 03:20 PM
කව්ද කෙනෙක් තරුවක් ගහගෙන චේටත් අපහසකරනවා වගේ (දිල්)
ලේක්කෝ ගලබඩ Monday, 16 December 2013 01:56 AM
ඇති යාන්තම්...ආයිත් ලංකාවට නම් යන්නේ නිවාඩුවකට පමණයි. (දිල්)
ශාන් Monday, 16 December 2013 01:58 AM
ලබන සැරේ දෙනවා බැටේ (දිල්)
කුමා Monday, 16 December 2013 04:37 AM
මෙච්චරද කරන්න තියෙන්නේ රට වෙනුවෙන්.(නදී)
උපාලි Monday, 16 December 2013 05:11 AM
කොහොමත් රවී කරුණානායකට ඉහලින් කප් ගහන්න කෙනෙක් මෙතන නම් නැහැ. වෙන තැන්වල ඉන්නවද මං දන්නේ නැහැ. (නදී)
රොෂාන් Monday, 16 December 2013 07:18 AM
මන්ත්‍රීවරුත් තාම ඉන්නවා එහෙනම්. මම හිතන් හිටියෙ දැන් ඔක්කොමලා ඇමතිලා කියලා.(නදී)
ශක්ති Monday, 16 December 2013 08:23 AM
වෙලාවක් තිබේ නම් ඔය අය එකතුවෙලා රටට වෙලා තිබෙන පරිහානිය ගැන කතා කරොත් නේද හොද. ළමා අපචාර ,ස්ත්‍රී දුෂණ ,මිනීමැරුම් ,අල්ලස් ,මත්ද්‍රව්‍ය ,බඩු මිල ගැන එහෙම.(නදී)
බන්දුල Monday, 16 December 2013 09:06 AM
නියම ක්‍රීඩා ශරීර ටික. බඩවල් ටික දැක්කම දුකේ බැහැ.(නදී)
කොලිත Sunday, 15 December 2013 06:53 PM
තරග විනිසුරු වරු වශයෙන් ටී.එන්.ඒ එකේ අයට එන්න කිව්වේ නැද්ද ? (නදී)
රිස්වාන් ඩුබායි Monday, 16 December 2013 09:41 AM
අයියෝ වැඩ නැතුවට වැඩ නේද. (නදී)
මිලින්ද Monday, 16 December 2013 09:46 AM
මේ අයට ඉස්සෙල්ලම බඩු මිළ අඩු කරන්න කිව්වොත් හොඳයි නේද? (නදී)
නදී ලොකුබන්ඩාර Sunday, 15 December 2013 07:42 PM
ඩලස් ඇමතිතුමාට ලැබිලා තියෙන පිත්ත හරි නැහැ. (නදී)
වරුණ Sunday, 15 December 2013 07:48 PM
අපොයි දෙයියනේ.(නදී)