‘25 ට වඩා අමාත්‍යධූර වැඩි කිරීමේ කිසිදු නෛතික අයිතියක් රජයට නැහැ. මේ අය පරාද වෙලත් විශාල ඇමැතිවරු සංඛ්‍යාවකට කේවල් කරනවා. එහෙම ආවම මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙනවද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.‘ යැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (26) කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘19 වැනි සංශෝධනයේ ඉතා පැහැදිලිව තියෙනවා එක පක්ෂයක් හදන ආණ්ඩුවකට කැබිනට් අමාත්‍යධූර 30ට වඩා වැඩිකරන්න බැරි බව. හැබැයි ඊළඟ පිටුවේ තියෙනවා ජාතික ආණ්ඩුවක්නම් පාර්ලිමේන්තුව රැස්වෙලා සති 2ක් ඇතුළත් යෝජනාවක් සම්මත කරලා මේක වැඩිකරන්න පුළුවන් කියලා. අපි ඉල්ලා සිටිනවා බහුතර බලය ගන්න පක්ෂයට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න කියලා. එතකොටයි රටකට ඉස්සරහට යන්න පුළුවන්‘ යැයි රත්නප්‍රිය මහතා එහිදී කීවේය.
වීඩියෝ හා ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රතිචාර දමන සමහර අය විරුද්ධ මතයක් දැරීමට විරුද්ධවදියට ඇති අයිතිය ගැන ගරුකිරීමට ඉගෙනගත යුතුය. ඡන්දදායකයා මහින්දගේ ආණ්ඩුව පරාජය කිරීමට එක හේතුවක් තමා ඔහුගේ අති විශාල මෙගා කැබිනෙට්ටුව හා එහි මහා මුදල් නාස්තිය. රනිලුත් එයම කරන්නේ නම් ඡන්දදයකයාගේ අපේක්ෂාවන් බංගත්වයට පත්වේ. ඒ සදහා රනිල්ට ජනවරමක් නැත (අ)
සමන් රත්නප්‍රියට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. කැබිනෙට්ටුව 25 සිමා කරනවට විරුද්ධ මෙගා කබිනේට්ටුවට පත්වෙන තමුන්ගේ හිතවතා මගින් වරප්‍රසාද බලාපොරුත්තු වන අය (අ)
ජාතික ආණ්ඩුව නිර්වචනය කරන්න කිව්වා නම් ඔයිට වඩා ලේසි නේද (බ)
එක පක්ෂයක් හදන ආණ්ඩුවකටනේ 30 ට වඩා බැරි. පක්ෂ 2ක් එකතු වුනොත් 60යි. තව පක්ෂයක් එකතු වුනොත් 90යි. පුරවැසි බලයත් මැතිවරණයට ඉදිරිපත් වුනානම් බලන්න තිබුණා ලැබෙන ඡන්ද ගණන. (බ)
ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකද්ද ,නීතිමය අර්ත දැක්වීම මොකද්ද? (අ)
ඔව් ඔව් දැන් ඔයා කියන විදියටම කරයි (අ)
අපේ රටේ පව්කාරකම කාලකන්නිකම ... ඔක්කොම එකතු වෙලා රට හදන්න නෙවෙයි ඕනේ හැමදාම ඇනකොටාගන්න .. තවමත් ගොඩක් මිනිස්සු ඉන්නේ යුද්ද මානසිකත්වයෙන්.. එක තමයි ලොකුම කරුමේ (අ)
තාම ඇමැති මණ්ඩලය පත් කරලා නෑනේ.පත් කරාම බලමුකෝ.(හේ)
මේ කතාව හරි.අපේ රටට ඇමැතිවරුන් 25ක් හිටියොත් හොදටම ඇති.(හේ)
ජාතික ආණ්ඩුව ඇත්නම් විජාතික ආණ්ඩුද තිබේද (හේ)
25 න් තෝරන්න බෑ.(හේ)
සෑම එකාටම ඕනේ කරන්නේ ලොකු ලොකු ඇමතිකම් ඕ ලෙවල් පාස් කට්ටිය කී දෙනෙක් ඉන්නවද? පැරදුණු උන්ට මොන ඇමැති තනතුරුද? ගෙදර පලයව් . පව් නොදී (බ)
අවුලක් (බ)
දිස්ත්‍රික්ක 25 තියෙන නිසා එක දිස්ත්‍රික්කයකට එක ගානේ ඇමැති වරුන් පත් කරාම හොදටම ඇති.(හේ)
අනේ සමන් රත්න(අ)ප්‍රිය දැන් බොරු මාධ්‍ය සංදර්ශන එපා.දේශපාලනය නොවෙයි රස්සාව කරගෙන හෙද හෙදියන්ගේ ගැටලු වලට උත්තර හොයනවා.නිකන් පොරක් වෙන්ඩ හදන්නේ නැතිව. (බ)
තැන තැන පිස්සු කියව කියව යන්නේ නැතුව තමන් හොද රස්සාව කරොත් නරකද .....(හේ)
තමුන් තමාගේ සීමාව දැනගෙන පැත්තකට වෙලා ඉන්න. රටේ නීතිත් තමුන්ට ඕනි විදියට වෙනස් කරන්න හදන පිස්සු තකතිරුවන්. (අ)
රට ගැන හිතනවානම් 30ක් හොදටම ඇති (බ)
ජනාධිපතියි අගමැතියි විතරක් ඇති.(හේ)
අනේ යන්න. ඔයා කවුද? (බ)
ඇමැති මණ්ඩලය අඩුම තරමේ 50 න් වත් සීමා වුනොත් හොදටම ඇති මේ යන හැටියට. නියෝජ්‍ය ඇමැති වරුත් එක්ක 100 ක විතර පිරිසක් හිඳීවි. මේක අපේ දේශපාලන සංස්කෘතිය. කොච්චර බලධාරීන් හිටියත් අනාගත ඉලක්කයක් තියන එකම එක අමාත්‍යංශයක්, මණ්ඩලයක්, හෝ වෙනත් කිසිම ආයතනයක් තියනවනම් කියන්න පුලුවන්නම්. අඩුම තරමේ අපේ ප්‍රවාහන සේවයටවත් ඉදිරි අවරුදු 05 පිළිබද දැක්මක් තියනවද. අපි තවම රටක් විදිහට ගොඩනැගිල නැහැ. රටක සියලු ක්‍රියාදාමයන් සදහා ඉදිරි දැක්මක් තියනව. නමුත් අපි තවම මේ කිසිම දෙයක් ගොඩනගාගන නැහැ. (බ)
දිනපු හා පැරදුනු හැමෝම පාර්ලිමේන්තුවට රිංගන්න දඟලන්නේ අපේ බඩවල් පුරවනවාට වඩා ඒ ගොල්ලන්ගේ සහ පවුලේ කට්ටියගේ බඩවල් පුරවන්නයි (අ)
පුර වැසි බලයට වඩා දේසපලකයන්ගේ තුරුම්පු බලවත් බව දැන් වත් තේරෙනවද (හේ)
මහින්ද පාර්ලිමේන්තුවට ආවේ 1. මෛත්‍රී ආන්ඩුව ගෙනයන එක නවත්තන්ට. 2. පුතාල බේරගන්ට 3. තමන්ගෙ වංචා වලින් බේරෙන්න 4. මිතුරන් වංචා චෝදනා වලින් බේරාගන්න (බ)
ඔබ තුමා කියන කතාව ටිකක් හරි වගේ.(හේ)
නිවට, හොර,තක්කඩි රැලක්. (අ)