පේරාදෙණිය සරසවියේ කලමනාකරණ පීඨය විවෘත කළ දා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසට හූ කියමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන භික්ෂූන් දෙනමක ඇතුළු සිසුහු සිවු දෙනෙක් මහනුවර මහේස්ත‍්‍රාත් එස්.යූ.බී. කරල්ලියද්ද මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. ශාස්ත‍්‍ර පීටයේ වටරක්ගොඩ සුමන අක්කරගොඩ පියධම්ම හිමිවරු හා එම සෞඛ්‍ය පීඨයේ එස්.ඒ. ඉලංග හා ටී. රුවන් කුමාර ඔවුහුය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ ! ඇයි මේ බුදු දහමට නිගරු කරන්නේ ඔබ වහනසේලා මොන තරම් ප්‍රශ්න මැදද ඔය චීවර දිවියට පිවිසුනේ මම කියන්නේ ඇමති හරි කියලා නොවෙයි මට දේහපාලකයො තිත්තයි නමුත් හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ කරන වැඩ මුල ධර්මවාදින්ට පනින රිලවුන්ට ඉණිමං වගෙයි අපේ අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෙක්ව මහන කරන්නේ මේ වගේ රැඩිකල්වාදීයෝ වෙන්න කියලා නෙවෙයි බඩට කන්න නැති පවුල් වල ජීවත් කරවන්න බැරි දරුවෙත් නොවෙයි ඔය මහණ කමට ගන්නේ පිං වත් කුළ කුමාරයා කියන දරුවන්වයි නමුත් ඒ අය රටට පිළිල ඇති කරන්න හදන අය වෙනවානම් .???? ඇයි ඔබ වහන්සේලාට තමන්ගේ ප්‍රශ්න නොබියව කථාකරන්න බැරි හූ කියන එකද භික්ෂුවගේ වගකිම.....?
හිතවත් හිමාලි ඔබේ අදහස් වලට කවුරුත් එකග වෙනවා හූ කිව්ව හාමුදුරුවන්ගේ නායකහාමුරුවරුන් පවා ඔබේ අදහස් අනුමත කරාවි