බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්‍ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය තමාගෙන් ඉවත් කර ආණ්ඩුකාරවරයා යටතට පවරා ගත් බව හෝ එය මහ ඇමැතිවරයා යටතට පැවරූ බවට කිසිම දැනුම්දීමක් තමාට මෙතෙක් කර නැතැයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
පළාත් සභාවේ ඕනෑම අමාත්‍යාංශයක් තමා යටතට පවරා ගැනීමටත්, එය වෙනත් අයකුට පවරාදීමටත් ආණ්ඩුකාරවරයාට බලයක් ඇතැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කීවේය.
තමාට මේ ගැන ලිඛිත හෝ වාචික දැනුම්දීමක් නොලැබුණු බවත් ඒ පිළිබ`ද නිල දැනුම්දීමක් ලැබුණු පසු නීතිමය හා දේශපාලනමය වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.
අයවැය සම්මත කර ගැනීම සඳහා බව කියමින් ආණ්ඩුකාරවරයා සභාව හදිසියේ මෙම මස 31 වැනිදාට කැඳවා තිබීමෙන්ම මෙවර අයවැය සම්මත කරගැනීමට මහ ඇමතිවරයා අසමත් වී ඇති බව පැහැදිලි වන්නේ යැයි ද වර්ණසිංහ මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරෙනවා නේද? ඒත් දැන් ප්‍රමාද වැඩියි (නි)
විශේෂයෙන් දැනුම් දුන්නේ නැතුව ඇති (නි)
දැන් එතකොට මේක දන්න කෙනෙක් නැද්ද? (නි)
ඔබතුමාට දැනුම් නොදුන්නාට දැන් මුලු රටම දන්නවා ඒ ගැන. (නි)
මෙයාලගෙ පම්පෝරිය විතරයි (නි)
එතකොට කවුරුවත් මේක දන්නවද කියලා හොයලා බැලුවේ නැද්ද? (නි)
බිදපු ගල් ලෙනේ කෑලි ඔලුවටම වැටිලා වගෙයි...(බ)
අපි නම් ඕවට දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලයි කියන්නේ (නි)
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)
එතුමාටම ගැළපෙන නම... (නි)
මුළු ලංකාවම දන්නවා මෙතුමා දන්නේ නැහැ කියන්නේ ඉතින් ඔය ඇමතිකම ගත්තු එකම තම හොද කියලා. මොකද දන්නේ නැතුව ඔය ඇමතිකම කරන්න බැහැනේ. කොහොමත් මෙයාලා ඔය රතු අලි පැටව් වගේ තම. සද්දේ විතරයි. (අ)
පැණි කන්ඩමයි,ට්‍රයි එක. (අ)