කොළඹ 2, මැලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සිව්මහල් නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පෙරවරුවේ සිදුකෙරිණි.
ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතීන් ඇතුළු නිලධාරීහුද ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති ඇතුළු ගුරු මණ්ඩලයද එම අවස්ථාවට එක්ව සිටියහ.
රුපියල් කෝටි හැටක වියදමින් ඉදිකිරිමට නියමිත මෙම නේවාසිකාගාරයේ සිසුන් 554 දෙනෙකුට පහසුකම් සැලසීමට යයි.
චිත්‍රපට ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන, මුළුතැන්ගෙය, බාබර් සාප්පු ඇතුළු පහසුකම් රැසක් එහි සැපයීමට නියමිතය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් කමක් නැහැ අර කලින් හදල තියන ගොඩනැගිලි වල පෙනුමට හානියක් නැති වෙන්න කරනවා නම් හොදයි නිසි ප්‍රමිතියට (ම)
ඉතා හොද වැඩක්. දුර පලාත්වල අහිංසක දරුවන්ටත් පාසලට එන්න පුලුවන්. (බ)