බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න , බිරිය දොස්තර සුජාතා සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සියලු චෝදනාවලින් නිදහස් කරන බව කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) ප්‍රකාශ කළේය.
දැරියගේ මව්පියන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙස්සම මහාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන ඇති හෙයින් තව දුරටත් මහේස්ත්‍රාත් උසාවියේ විභාගයෙන් පළක් නැති බව මහේස්ත්‍රාත් කීවේය.
මහේස්ත්‍රාවරයා පැවසුයේ පෙත්සම්කරුවන් මහාධිකරණයේ පෙත්සම ඉවත් කරගත් හෙයින් නඩුව ඉවත දමා ඇති බවයි.
ඒ අනුව සැකකරුවන් නිදහස් කරන බව ද මහේස්ත්‍රාත් කීවේය.
දැරිය මහේස්ත්‍රාත් උසාවියේ දී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තව දෙසතියකින් තමා වැඩිහිටියකු වන බවයි. තමා මව්පියන් සමග ජීවත් වීමට අකමැති බවත් ඇය කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ ඉතින්. ඒ දරුවාත් යන්න අකමැති නම් තවත් මොන කතාද? (නි)
කිසිවක් නොකියා ඉන්නට සිතුවෙමි (නි)
අපේ රටේ නීතිය තවමත් අසරණ යැයි මට සිතේ (නි)
අද බලය තියෙන්නේ චෝදනා ලබපු අය ළඟ. මොනවා කරන්න බැරිද?(රේ)
පෙත්සම්කරුවන් මහාධිකරණයේ පෙත්සම ඉවත් කරගත්තා නම් අපි මොකටද මේ කලබලවෙලා කෑ ගහන්නේ? (නි)
මෙවැනි ජරා දේශපාලනය රට විනාශ කරනවා (අ)
අනේ මන්ද, බාල වයස්කාර වැරදි ඉල්ලා අස්කර ගන්නේ කොහොමද? එතකොට වැරදි කරලා කියලා චෝදනා කරලා පස්සේ වැරදි කලේ නෑ කියලා අයින් කර ගන්න පුලුවන්ද? මේ අලුත් නීති ඇහුවමයි. අපි දන්නා හැටියට වෙන රටවල දෙපැත්තටම දඬුවම් කරනවා නිතිය බාල්දු කළාට. (අ)
නිදහස් වෙන බව රටම දන්නවා.(රේ)
නීතිය සධාරණව ඉස්ට කරන්නේ කොහොමද බාලවයස් කාරියගේ දෙමාපියන් තම දියණිය බලෙන් රදවගනීමේ චෝදනා ඉල්ලාඅස්කරගත් විට.බලමුකො ය වයස් පිරෙන විට තම පෙම්වතාට කරනදේ (රේ)
බඩුත් හමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඕක තම(රේ)
එත කොට තව සති දෙකක් යන්න ඕන එය වැඩිහිටියෙක් වෙන්න .මෙච්චර කල් බල වයස් කාරියක් තබාගෙන හිටියේ ලෝකෙටම නීතිය කියල දෙන්න යන ඇමති තාත්තා කෙනෙකුයි හිටපු ජනාධිපතිටත් චල්ලේන්ජ් කරපු මන්ත්‍රි i අයිය කෙනෙකුයි නේද ;එ්ව වැරදී නෙමේද? (රේ)
බලය අත ඇති අය ලොව වැරදි කරුවන් වන්නේ කලාතුරකිනි. එයට යම් පිළිතුරක් ඇත්නම් අගමධර්මයක් තුළ පමණි.(රේ)
මම ඉන්නේ වේනත් රටක නමුත් මා ඉපදුන ලංකාව. අද මට හිතනේව ලකාවේ අය ගෙවන්නේ දුකක් කියල .මට කියමන්නක් තිබුනා හොටු ගෑණි දීල කැහි ගත්ත වගේ කියලා මම හිතන්නේ හොටු ගැනී හොඳය කියල .(රේ)
ඔතන ප්‍රශ්නයක් වෙන්නේ බාල වයස්කාරියක් බලෙන් රදවා ගත්තොත් විතරයි.මට පේන්නේ නඩුව දාලා තියෙන්නේ දේශපාලන පළි ගැනීමකට වගේ (රේ)
රන්ජිත් මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. ඔය ටිකම තමයි පහුගිය අවුරුදු 20 ත් සිද්ධ උනේ. අදත් එහෙමයි. ඉදිරියටත් ඔය ටිකම වෙයි. (රේ)
එත් මේ ප්‍රශ්නය දිහා කිසිම පාට පක්ෂ බේදයක් නැතුව බැලුවොත් පෙනේවි, අපේ සමාජයේ ජනවාරි 8 වෙනිදා මහා ලොකු පරිවර්තනයක් වුණාය කියලා කෑ ගැහුවට අඩියකින්වත් ඉස්සරහට ගිහිල්ලා නැති බව. එක පැත්තකින් විමල්ව අත්අඩංගුවට ගන්නකොට, මෙතුමා සියලු චෝදනා වලින් නිදහස් වෙනවා. තව පැත්තකින් මහා බැංකුවේ දුෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සාක්කි දුන් නිලධාරීන්ට වෙන දේවල්.මට කවුරුහරි කියන්න මේ ආණ්ඩුව පැවති එකට වඩා වෙනස් වුණේ කොහොමද කියලා. (නි)
මම හිතුවා මොකුත් නොකියාම ඉන්න එක හොඳයි කියලා (නි)
මම නම් මේ ගැන පුදුම නොවෙමි (නි)
අයියෝ! ඒකත් එහෙම විසඳුනාද? (නි)
ජනවාරි 8 පසුව කිසි වෙනසක්වී නොමැත අවබෝධ කරගත යුතු සත්‍ය එයයි (බ)
නැත්නම් ඉතින් යහපාලානේ ගෙනාපු එකෙන් වැඩක් තියෙනවැයි..මේ අහිංසක සත් ගුණවත් බෝ පල වගේ දරු පැටවූ ඉන්න පවුලට බොරු චෝදනා කරපු සියල්ලන්ට ඒ පව ආත්ම ගානකට ගෙවා ගන්නන්නම් බැරි වේවි.(රේ්)
පොඩි මිහිහෙක් කලානම් කොහොමද සැප වැලිකඩ .....(රේ්)
මේ අහන කොට හිනාත් යනවා.(බ)
පුදුම රටක අපිත් ජීවත් වෙන්නේ. (බ)
අන්ධයින් හා බිහිරන්ට නම් ජනවාරි 8 න් වෙනසක් වීදැයි නොතේරේ (බ)
ඇයි අපේ රටේ නීතිය හැමෝටම සමානව නැත්තේ කියා සිතෙනවා. බාලවයස්කාරියක් කැමැත්ත දීමේ වයසට පෙර රඳවා තබාගැනීම නීතියෙන් වරදක් නොවේද? (නි)
හරියට තමන්ම ගස් බැඳගෙන තමන්ටම ගහගත්තාවගේ නාටකයක් තමයි මේකටත් වෙලා තියෙන්නේ. (බ)
බාල වයස්කාර දරුවන් ට යම්කිසි වරදක් කළානම් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීම වරදක් කියලයි මම දන්නේ (බ)
මේ වැරැද්ද අපේ අතින් වුණා නම්? (නි)