මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිංදුවකුත් කියාගෙන වැලිවේරිය රතුපස්වල පිට්ටනියට අද උදේ පැමිණියේය. ඒ වන විට රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසයේ දෙවැනි දිනය උදාවී තිබිණි.
අත්තනගලු ඔය ජල පෝෂක ප්‍රදේශයේ දස දහසක් පමණ දෙනාට තම ළිංවලින් පානීය ජලය ලබා ගැනීමට ඇති අවහිරය වළක්වන ලෙස ඒ හිමියෝ උපවාසය ආරම්භ කළහ.
සිරිධම්ම හිමියනට සහයෝගය දක්වමින් ගැමියෝ ද පිට්ටනියේම උයාගෙන කමින් රැය එහි පහන් කළහ.
‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා‘ යන සිංදුව කියාගෙන ආ ඇමැති හාමුදුරුවන් ළඟට ගොස් වැඳ අද සවස දෙකට ගම්පහ දිසාපති කාර්යාලයයේ රැස්වීමක් පැවැත්වෙන බැවින් එතෙක් උපවාසය අත්හරින්නැයි ඉල්ලා සිටියේය.
සිරිධම්ම හිමියෝ ඊට පිළිතුරක් නුදුන්හ.
‘අපි මේක දෙක වෙනකම් නවත්වමු. දහවල් දෙකට තියන රැස්වීමට යන්න 50 දෙනකු සූදානම් කරමු. ඒ රැස්වීමෙදි බැසිල් රාජපක්ෂ මහතාගෙන් සාධාරණයක් ඉෂඨ වුණේ නැතිනම් මමත් එනවා ඔබවහන්සේත් එක්ක පාරේ වාඩි වෙලා උපවාස කරන්න.
මම ඉරිදා හිටියේ නෑ. අද මෙතනට එද්දී මට දුරකතන ඇමතුම් දහයකට වැඩිය ආවා. ඒත් මම බය නැතිව ආවා. අපි වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕනේ නෑ. මට ගල් මුල් ගැසුවොත් ඒවාත් බලා පොරොත්තුවෙන් තමයි මා ආවේ.‘
පස්වරු දෙකට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන බව කියමින් ඇමැති පිටවී ගියේය.
ඉරිදා සත්‍යග්‍රහය ආරම්භ කළ මොහොතේ සිට එතැනට ආ එකම මහජන නියෝජිතයා ඇමැති මර්වින් සිල්වා පමණි.
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමතිතුමනි, තවුරු ඔබතුමා ගැන මොනවා කිවුවත් මම ඔබතුමාගේ සමහර වැඩ ඉහළින්ම අගය කරනවා. මම ඔබතුමාගේ අංකය දන්නෙ නැහැ. නැත්නම් අමතනවා (නි)
සවස 2.00 ට රැස්විම පැවෙත්තුව ද දන්නේ නෑ (අ)
ඔබ කුමක් සදහා මෙහි පැමිණියේද? (නි)
මෙතුමා ආව නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැ (නි)
බලමු මෙයාගේ සර්විස් එක... (නි)
කෝ සුමේධ... (දී)
අම්මෝ! මේ මොකද මේ වෙන්නේ? (නි)
කවුරු බැන්නත් තැනෙ හැටියට ඇනේ ගහන්න දන්නා එකම පුද්ගලයා. (අ)
ආයෙමත් වැඩ පටන් අරගෙන වගේ. (නි)
ඇමති තුමා ඔබෙගේ පුතාට කවුද ගහල , (දී)
පොඩි එකා කල්පනා කරනවා ඇති කවුද මේ කියලා.... (නි)
ඇමතිතුමනි, ඔන්න ඔබතුමාට පවුලේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් පැමිණිලා නේද? ඕවා ඉතින් කොලු වැඩ. (නි)
මෙයා චන්ඩියා වගේම බොහොම හොද කෙනෙක්. (නි)
මෙතුමට බනින හැම කෙනාම මෙතුමගේ ආසනේ අය නෙවෙයිනේ. කිරිබත්ගොඩ අයට චණ්ඩිපාට් එකෙන් හරි වැඩක් කරපු හොද ඇමතිවරයෙක්,රටේ ඉන්නා අනෙක් දේශපාලකයින්ට වඩා අවංකවම හොද ඇමතිවරයෙක්. (නි)
කම්හලේ අයව ගස් බදීද ??? (නි)
‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා‘ හාහ්..හාහ්..හාහ්.. (නි)
මර්වින් සිල්වා කෙලින් කතා කරන කෙනෙක්. මම ඒකට නම් හරිම කැමතියි (නි)
"'කව්ද කිව්වේ මරුන කියල කවට අන්දරේ කියපු කෙනා දන්නේ නැහැනේ හරි කතන්දරේ"'..... කියාගෙන තව මිනිහෙක් එතෙනට ගියාලු (දී)
සෝබන වැඩ..අදාල කෙනා එන්නේ නැතුව මෙය ඇවිත් වැඩක් නැහැ (දී)
ඔන්න වීරයා ආවා (නි)
අපිට ආරංචි උනේ ..කම්හලෙන් අස්කරපු කිහිප දෙනෙකුගේ වැඩක් කියලා. අපිනම් දන්නේ නැහැ. (ස)
දැන් ඉතින් සම හරක් මර්වින් සිල්වාව පතුරු ගහයි, හැබැයි ඉතින් කාටත් බැරි වැඩ කරන්න එතුමාට පුළුවන්. (නි)
මිට කලිනුත් අත්තනගලු ඔයේ අත්තක් වන දඬුගම් ඔයේ මාළු මැරෙණ ප්‍රශ්නයක් තිබුනා.ඒ වෙලාවේ ගඟට රසායන ද්‍රව්‍ය මුදාහරින කර්මාන්ත ශාලා ගැන මහජනයා පැමිණිලි කලත් එය යට ගැහුවා. (නි)
කෝ කව්රුවත් වතුර බෝතල් ගල් එහෙම ගෙනාවේ නැද්ද, අර ජීවන් ඇමතිතුමාට වගේ .... (නි)
එහෙනම් ප්‍රශ්නේ විසදෙයි (නි)
ඔබතුමා සිංදුවක් එහෙම කියලා කල් යල් බලලා තව අවුලක පැටලිලා... අලුත් වැඩක් කරන්න හදනකොටම , පුතාට කවුද ගහලා. මේකට තමයි කියන්නේ පුදනකොටම කාපි යකා කියලා (නි)
බොරු කයිවාරු නම් අපිට වැඩක් නැහැ ඔන්න (නි)
කම්හලින් අස්කරපු කිහිප දෙනකු කොහොමද ගම් කිහිපයක ලිං වතුර අපිරිසිදු කරන්නේ? (නි)
මොකද මේ ජනතාවට මේචචර කරුණාව.. (නි)
මිනිසුන්ගේ අසරණකමක මහත! (නි)
උපවාසකරුවන්ට හිතෙයිද දන්නේ නෑ කදුළු ගෑස් ගැහුව නම් මීට වඩා හොඳයි කියල. (දී)
මිනිස්සුන්ට කවුරු හරි කමක් නැහැ කාගෙන් හරි නිසි පිළිතුරක් තමයි ඕනේ (දී)
කම්හලෙන් අස්කරපු කිහිප දෙනා තමා මේක හෙළිකලේ , දන්නෝ දනිතී (දී)
ජනතා ප්‍රශ්නයකනේ ඔබතුමා මැදිහත් වූ එක හොදයි (දී)
මේකට සිංහල භාෂාවේ වෙනම වචනයක් තියෙනවා විස්තර කරන්න. (දී)
දන්නෝ දනිති ..නොදන්නා දේ කියන්න එපා. වතුර සාම්පල් බලන්නේ නැතිව දඩුවම් ලබපු අයගෙන් අහල වෙඩක් තියෙනවද. ඔහොම විරෝදතා කරන්න ගියොත් ලංකාවේ සේරම කම්හල් වහන්න වීවී. (දී)
ඇමතිතුමා මෙතෙන මොනවා කරනවාද මන්ද? අන්න අරහේ පුතාට ගහලා (දී)
"සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා". අනේ මට හරියට තේරුනේ නැහැ මේක කිව්වේ කවුද කියලා. මේක කිය කියා ආවේ ඇමතිතුමාද? නැත්නම් ඇමතිතුමා එනවා දැකල උපවාසකාරයෝ කිව්වද? (නි)
කම්හලෙන් අස් කල අයද වතුර දුෂණය කලේ? නැත්නම් ඒ අය ජලය දුෂණය වෙන ආකාරය හෙළි කළාද? නිවැරදි සහ පිළිගත හැකි පර්යේෂණයක් මගින් ජලය දුෂණය වූ ආකාරය වහාම සොයා බැලිය යුතුයි.කර්මාන්තෂලවකින් භූ ගත ජලයට අපද්‍රව්‍ය එකතු වන්නේ නම් නියමිත ක්‍රමවේදය අනුගමනය නොකිරීම පිලිබඳ වගකීම කම්හල බාරගත යුතු අතර ප්‍රදේශවාසී මහජනතාවට සිදුවූ අලාබයට වන්දි ගෙවීමත් කල යුතුය. පරිසර අදිකාරිය සතුව තිබෙන බලතල අනුව එවැනි කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමීමේ හැකියාව ඇති අතර ඔවුන් තම යුතුකම හා රාජකාරිය පැහැර ඇත්තේ ඇයිද යන්නත් සොයා බැලිය යුතුය. මේ සඳහා ප්‍රදේශවාසීන්ගේ එකමුතුව ඉතා වැදගත් වන අතර පරිසරය දුෂණය කරමින් මුදල් සොයන කර්මාන්ත කරුවන ගේ ඇස් අරවන සහ ඔවුන් නිවැරදි කරවන තීන්දුවක් ලැබෙන තුරු සටන ඇත නොහරින මෙන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිමි (දී)
දිගටම සටන කරගෙන යන්න සාධාරණය වෙනුවෙන් කැප වෙන්න (දී)
ඔන්න මෙර්වින් ඇමති තුමෝ තවත් වැඩක් පෙන්නවන්න හොද අවස්තාවක් (දී)
අපිට ඕනේ ප්‍රස්නේ විසදා ගන්න මිසක් කොහෙවත් යන ඇමති වරුනට ප්‍රස්සිද වෙන්න නෙමේ.. (දී)
මෙම රැස්වීමෙන් පසු කෙටිකාලීන සහ දිගුකාලීන විසදුම් දෙකක් අපේක්ෂා කරමු.කෙටිකාලීනව පානීය ජල කළමනාකරණ ඇමති නමින් තවත් ඇමතිවරයෙක් නම් කිරීම. දිගුකාලීනව ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ තම මිනරල් පානීය ජල ව්‍යාපෘතියකට අත දීම.. (නි)
ඔබයි අපේ අනාගතය... (නි)
අනේ බලන්න මුනේ තියෙන අහිංසක කම, (දී)
මෙතුමාට කළ නොහැක්කක් නොමැත (නි)
චමිලට පිස්සු හොදටම වැඩිවෙලා. වතුර සාම්පල් බලපු නිසා දැනගත්තේ වතුරට විස මුසුවෙලා කියලා. (නි)
ඇත්තටම මෙතුමා ආවානම් මේ ප්‍රශ්නය විසදනවා (දී)
රැස්වීමේ විස්තර පලකරන්න. යටගහයි මේකත්? ඒ ගැන පත්තර වලින් හොයන්න ඕනේ. (දී)
නියම වැඩකාරයෙක්.....අවංකවම හොද ඇමතිතුමෙක්...... (දී)
ආණ්ඩුවේ ඉන්න හොදම වැඩකාරයා ගේමට බැස්සා... (නි)
සමහර අයගේ අදහස් වලින් පේනවා කොයිතරම් බුද්ධිමත් මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා. (නි)
ඔන්න එතනටත් ආවා! (නි)