රතුපස්වල ළිං වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ කළමනාකාරීත්වය සමග කතා කරීමෙන් පසු කම්හල බදාද උදේ 10.00 වන තෙක් වසා දැමීමට තීරණය කළ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
බදාදා උදේ උදේ 10.00ට අධිකරණ නියෝගයක් ගන්නා තෙන් එලෙස වසා දමන බවත්, එහි සේවයක් ඉවත් කරන බවත් ඇමැති මර්වින් කියයි.
කම්හල වසා දැමීමට තමා කටයුතු කළ බවත්, හෙට උදේ දහය වන තෙක් විරෝධතාවය නවතා දමන ලෙසත් ඇමැතිවරයා කීවේය.
ඊට එකඟ නොවූ උද්ඝෝෂකයෝ තමන් බදාදා 10 වන තුරු කර්මාන්ත ශාලාව ඉදිරිපිටින නොයන බව කීහ.
‘මා ගැන විශ්වාසයක් නැතිදැයි‘ ඇසූ මර්වින් සිල්වා මහතා පොලිසිය එම ස්ථානයේ සිටිතියි කියමින් පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙර්වින් කියන්නේ ලංකාවේ කවුද දන්නේ නැති නිසා ද අහුවේ (අ)
'කැළණියේ ප්‍රාදේශීය දේශපාලඥයෙක් පල්ලා, මම ගැන විශ්වාසයක් නැද්ද?' කියලනේ අහන්න තිබුණේ (නි)
දැන් එයාටත් වෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ විසඳන්න.(අ)
රැකියා අවශ්‍යයි තමයි. ඊට වැඩ වටිනවා මිනිස් ජීවිත. රැකියා නැති වුණොත් ඊට වන්දි ගෙවයි. අපේ ලක්ෂ සංඛ්‍යාත ජීවිත වලට වග කියන්නේ කවුද? වහාම ඔය ආයතනය ඔතනින් ඉවත් කළ යුතුයි. අපි අපේ ගම රට රැක ගත යුතුයි. ජීවිතය පරදුවට තබා හෝ අපි අපේ ගම රට පරිසරය රැකගන්නවා. පරිසර සම්බන්ධ නිලදාරීන් නිදිද? අපේ සටන කම්හල වසන තුරු ගෙන යා යුතුයි. (නි)
ඔන්න ආවා! ජය වේවා! ජය වේවා! (නි)
ඇමතිතුමාට ගොඩක් ස්තූතියි. ඔබතුමා පමණයි පැමිණියේ. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.සදා ජය! (නි)
කෙලින්ම ගිහිල්ල කර්මාන්ත ශාලා පාලකයන්ට කිවුවා නම් බැහැර කරන ජලය පිරිපහදු ක්‍රියාවලිය බලන්න ඕනෑ කියලා, ඉවරනේ. කර්මාන්ත ශාලා වලින් එහෙම නිකම්ම ජලය ඉවතට දාන්න බැහැ. ඒවායේ පී. එච්. අගය , වතුරවල අම්ල භෂ්මතාවය නියමානුකුලව තිබිය යුතුයි. ඇමතිතුමාට තිබුනේ කෙලින්ම ඇතුලට ගිහින් වතුර සාම්පලයක් අරගෙන නර්ඩ් එකෙන් හරි මොරටුව සරසවියෙන් හරි පරීක්ෂා කරවන්න. (නි)
මේවට නීතියෙන් කටයුතු කරන්න ඕනෑ. පරිසර ඇමතිතුමා කෝ? (නි)
මේ හිමිනමට ගරු ජනාධිපතිතුමාට මේ ගැටළුව ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා නේද? (නි)
මට පොඩි කාලේ බලපු 'ටින් ටින් ගේ විර ක්‍රියා' දර්ශන මාලාව එක්වරම මතකයට ආවා (නි)
දේශපාලඥයෝ නම් කොහොමත් විශ්වාස නැහැ (නි)
මේ වගේ ගැටළු වලට විසදුම් දෙන්න ඕනෑ පරිසර අධිකාරිය හරි අධිකරණය හරි නේද? දේශපාලකයෙක් කොහොමද විසදුම් දෙන්නේ? (නි)
මට හැගෙන ලෙසට නම් මෙම චරිතය දේශපාලනයට නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.ඒත් ගැළපෙන වෙන සුදුසු දේකුත් නැහැ. (නි)
ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඇයි නිලධාරීන් පරක්‌කු? කම්හල කියනවා එහෙම අපද්‍රව්‍ය යන්නෙ නැහැ කියලා. ගමේ කට්ටිය කියනවා යනවා කියලා. හරිම ලෙහෙසියි නේ විසදුම. බලන්න කව්ද හරි කියලා පරික්ෂණයක් පවත්වලා. අන්තිමට ගමේ කට්ටියට විසදුමක් තියෙන්නම ඕනෑ. (නි)
ප්‍රශ්නෙට අදාල නැති අය ගිහින් මැදිහත් වෙලා තවත් අවුල් කරනවා. නිසි ප්‍රමිතියකට තියෙනවද බලන්න ආයතන තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළා නම් ඉවරනේ. (නි)
මිනිසෙක් නම් විශ්වාස කල හැකියි! (ස)
මෙතරම් වටිනා ආයතනයක් නම් මේක හම්බන්තොටට රැගෙන යන්න පුළුවන් නේද? අහිංසක අපිව බිල්ලට ගන්න එපා (නි)
පැලැස්තර දමා මෙම ප්‍රශ්නය විසදන්න බැහැ,ජනතාව ලෙඩවී මිය යනතෙක් පැලැස්තර දමදමා ඉදීවි,මානව හිමිකම් වලටත් දැනුම් දෙන්න. (දී)
මහජන නියෝජිතයෝ ඉන්නේ ඡන්ද ගන්න විතරද? අන්තිමට ගමේ මිනිස්සුන්ට ගමේ හාමුදුරුවෝ විතරයි පිහිටට ඉන්නේ. (නි)
අනේ රටකට ගිය කලක්. (නි)
අපේ ජොබ් නැතිවුනාම අපේ දරුවෝ එක්ක ඇවිල්ල අපේ දිවි නහ ගන්නවා කර්මාන්තශාලාව ඇතුලේ (දී)
අපෙව පාරට දණ්ඩ එපා මත්ත්යෝ.අපිට රැකියා දෙන්න (අ)
මට නම් මතක් වුණේ අරයාව (අ)
මර්වින් වගේ අයට ලකුණු දාගන්න අවස්ථාවක් මේක,කෝ අනිත් බළධාරීන් (අ)
සදුන්..ඔබ තුමාගේ ජීවිතේ බේරගන්න කී දෙනෙක් ජීවිතේ දෙන්න ඕනේ ද (අ)
පොලිස් නිලධාරීන් 500 කුත් මෙතැනට ගිහින් , ජනතාව 3000 විතර එතනට රැස් වෙලා , නමුත් තවම බැරි උන පරිසර ඇමතිට මේතැනට ඇවිත් මේ පිළිබඳව සොයා බලන හෝ නිලධාරීන් යව පරීක්ෂණ ආරම්භ කරන්න , අඩුම තරමේ මේ සම්බන්ධව ජනමාධ්‍ය වලට ප්‍රකාශයක් කරන්න , පාරකට බැස්සොත් ඇමතිලා සහ පරිවාරක රථ , නමුත් තමන්ගේ විෂයට අදාල ප්‍රශ්නයකදී මේ ගොල්ල හොයා ගන්නවත් නැහැ , මතකනේ අර ධිවර ප්‍රශ්නෙදි වුණ දේ ?(අ)
තමන්ගේ දරුවා පරෙස්සම් කරගන්න බැරි ඇමති තුමා කොහොමද අප්පා ජනතාවගේ ප්‍රසන විසඳන්නේ ? (දී)
සඳුන් , ඔයා හරි. මමත් මගේ මහත්තය කුඩු විකුනනකොට පොලිසියෙන් ඇල්ලුවොත් දරුවොඑක්ක ඇවිත් පොලිසිය ඉදිරිපිට දිවි නහ ගන්නවා . (දී)
හරි හරි. කම්හල වහපුවාම. ඔක්කොම හරියි..බලාගෙන ඉන්න. (දී)
මේ ප්‍රශ්නේ විසදන්න තිබුනේ මීට ගොඩක් කලින්. මේ ආයතනය පටන් ගත් කාලේම මිනිස්සු දක්වපු විරෝධතා ගැන හොයා බලා වැඩ කළා නම් මේවා මේ තරම් දුරදිග යන්නේ නැහැ. සල්ලි වලින් හැමදේම යටපත් කරන්න පුළුවන් රටක මිනිස්සු ගැන හිතලා කර්මාන්ත ශාලා දාන්න තරම් අපේ අය හිතන්නේ නැහැ. මේ වගේ කර්මාන්ත ශාලා දාන්න ඕනෑ කර්මාන්ත පුරවල. ගම්මාන වල නෙමෙයි. ඔය කර්මාන්ත ශාලාව තිබෙන තැන කලින් තිබුනේ ලොකු පොල් ඉඩමක්.හොඳට වතුර තිබෙන තැනක්. අනේ අපෝයි! මෙහෙම ගියොත් අපට බොන්න ඉතුරු වෙන්නේ පොල් වතුර තමයි (නි)
සදුන් ,රන්ජිත් ඔබලාට රැකියා නැතිවෙන්නේ නැහැ රජය මෙයට නිසි ලෙස මැදිහත් උවහොත් .ආයතනය ඉවත් කර වෙන තැනක පිහිටුවාවී කෙනෙකුගේ රැකියාව අහිමි වීම මෙතන අදහස් දාන අයට නොතේරෙනවා නෙමේ ..වසර කීපයකට පෙර වැලිවේරියේ එම.එස් එච් ආයතනය වසා දැමීමෙන් බොහෝදෙනෙක් අසරණ උනා.අපිට සේවකයෝන්ගේ රැකියාත් ඕන ප්‍රශ්නෙට විසදුමත් ඕනේ (දී)
මේ මම වගේ සාමාන්‍ය දුප්පත් කෙනෙකුට ගමේ කඩේ ඉස්සරහ වට කරලා ගැහුවොත් පොලිසියේ මහත්වරු මේ වගේ සැලකිල්ලෙන් සොයා බලාවිද? ප්‍රජාතන්ත්‍රවාදී රටේ හැකි බැරි බේදය... බලය තියෙන කෙනා පරිස්සම් කරන්න මහජනතාවගේ හැකියාව යෙදීම. අයි අපේ පාඨකයන්ට මේ අසාධාරණය නොපෙනෙන්නේ.. (දී)
මෙතරම් ප්‍රශ්නයක් වෙලත් පරිසර ඇමති හෝ රජයේ වගකියන පුද්ගලයෙක් හට මේ ප්‍රශ්නෙට ඉදිරිපත්වන්න බැරිද? ඡන්ද කාලෙට අහලගම් හතකටවත් මොවුන්ට එන්න දෙන්න එපා. මර්වින් මහත්තයට විතරක් පුළුවන්ද ජනතාවදේ අත්‍යවශ්‍යම කාරණයකට මැදිහත් වෙන්න.අඩුම ගානේ ජනතාවට තාවකාලික ජල සැපයීම් සේවාවක් දීමට මැදිහත්වෙන්න ඇයි රජයට බැරි (නි)
බදාදා 10 න් පස්සේ ආයෙත් අරි කම්හල.(ස)
හරිනම් මේවට මැදිහත් වෙන්න ඕනේ පරිසර ඇමති , කෝ එතුමා ?දැන් මිනිස්සු ඉස්සරවගේ මෝඩ නැහැ , මිනිස්සු ඉන්නේ පරිසර ඇමති හෝ අධිකරණ නියෝගයක් එනකන් වෙන්න ඇති .(දී)
මේවට මැදිහත් වෙන්න වගකිවයුතු පුද්ගලයෝ කවුරුවත්ම නැද්ද ? (නි)
කලින් නෑවෙ පාට පාට වතුර. මේ සැරේ නාගන්නේ ඇසිඩ් සමග මඩ වතුර. (ස)
මෙතුමත් පුදුම මනුස්සයෙක් තමයි (නි)
මෙයා මොනවද මේ හිතාගෙන ඉන්නේ. (ස)
එකත් එකටම කම්හල දේශ පාලකයෙක්ගේ එකක්, වහන්න බැරි ඒකයි. (ස)
දැන් ඉතින් "පැරදිලා පලා ගියේ නෑ" සින්දුව කියාගෙන මාරු උනානම් හරි.(ස)
අත් යටින් ගාණක් අරගෙන වෙන්න ඇති. (ස)
ගරු ජනාධිපතිතුමා මැදිහත් වී මීට විසදුමක් ලබා දීම ඔවුන්ගේ ඉලක්කය වන්නට ඇත (නි)
ඔය කර්මාන්ත ශාලාව පාලනය කරන පිරිසෙන් ඉතාමත්ම සුළු පිරිසක් තමා ඕකේ මෝඩ තීරණ ගන්නේ.ලෝකයේ කොහෙවත් නැති කොහෙත්ම ප්‍රායෝගික නැති තීරණ අරගෙන ඔය වටිනා කර්මාන්ත ශාලාව වැසෙන තැනට කටයුතු කළ එම කීපදෙනාට ශාප වේවා. (නි)
අපේ රටවල් දියුණු වෙනවට අකමැති සුද්දෝ අපිට හදපු බාදක තමයි මානව ඓතිවාසිකම් පරිසර දුසනය කම්කරු නීති වගේ දේවල්.එම රටවල් දියුණු වුනේ ඕව ගෙන සලක බලල නෙවෙයි .1800 ගණන්වල එංගලන්තයේ කර්මාන්ත ශාලා වලින් නැගුන දුම් නිසා ඉර අව්වත් වැටිලා නැහැ පොළොවට. එහෙම දියුණු වුන රටවල් අපි දියුනුවෙයි කියල අපේ කීප දෙනෙක් අල්ලාගෙන රාජ්‍ය නොවන සංවිධාන හදාගෙන සංවර්ධනය නවත්වන්න තමයි මේ හදන්නේ. (දී)
මේවා බොරු ෂෝ..දියුණු රටවල කර්මාන්තශාලා වලින් අපජලය පරිසරයට මුදා හරින්නේ ෆිල්ටර් කරලයි.ඒවා පිළිබද සෞඛ්‍ය නිලධාරීන් නීති විමර්ශනය කරනවා.අපේරටේ නිලධාරීන් අල්ලසට ඕන දෙයක් කරයි. (දී)
‘මා ගැන විශ්වාසයක් නැද්දැයි...‘ කොහෙත්ම නැහැ! බිංදුවක්වත් නැහැ! දෙමාපියන්ගේ නාමෙන් දිවුරුවත් අපිට ඔබ විශ්වාස නැහැ! ඔබ පමණක් නොවේ, එක ඇමතියෙක්, එක මන්ත්‍රී කෙනෙක් අපට විශ්වාස නැහැ (නි)
අපේ රට පුංචියි. ඒකෙ සම්පත් අඩුයි. ඒ වගේම තිබෙන පරිසරය දෙවියෝ වගේ රැකගන්න ඕනෑ. ව්‍යාපාර නිසි ප්‍රමිතියට තිබෙන්නෙ ඕනෑ (නි)
මෙතුමා පිටව ගිය එක නම් හොද දෙයක්..(ස)
යන යකා කොරහත් බිදගෙන යනවා වගේ. (ස)
මාතෘකාව දුටු ගමන් මම හිතුවේ පුතාට ගහපු කට්ටියට අමතිතුමා විසදුම් දීලා කියලා. (නි)
මම නම් හිතන්නේ මේ කර්මාන්ත ශාලාව හම්බන්තොට පිහිටෙවුවොත් හොඳයි. කැමති කට්ටියට එහෙ ගිහින් වැඩකළ හැකිනේ. රජයෙන් ඉඩම් කොටසකුත් දුන්නොත් මිනිස්සු එහෙ යාවි.එවිට මේ ප්‍රදේශයට රසායනික දියර පිටවීමේ ප්‍රශ්නයත් නැතිවෙනවා. (නි)
මේකෙන්ම පේනවා රට සංවර්ධනය කරන්නේ සාමාන්‍ය ජනතාව වන අපි සදහාද නැත්නම් මැති-ඇමතිවරුන්ගේ සුඛ විහරණය සදහාද කියන එක. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති අනෙකුත් ගම් වගේම තවමත් ගමේකම සුරැකිව තිබෙන ප්‍රදේශයක්ම මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීම ගැන හුගක් කණගාටුයි. බැසිල් ඇමැතිතුමාත් ලංකාවේ වැඩිම මනාප ගත්තේ ගම්පහින් නේද? (නි)
කැකිල්ලේ රජතුමා (අ)
උපදෙස් දී ඇති ආකාරයට මෙම ළිං ජලය උණුකර හෝ පානය කිරීමට සුදුසු නැත. එහි ඇති රසායනිකයන් ජලය උණු කිරීමේදී සීග්‍රයෙන් වර්ධනය වීම මෙයට හේතුවයි. මේ මිනිස්සු මෙපමණ දවසක් එදිනෙදා කටයුතු කළ වතුර ටික නැතුව මොන දුකක් විදිනවා ඇද්ද? (නි)
මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයේදී නුසුදුසු යයි සලකා ඉවත්කරන රබර් ග්ලවුස් සමහර වෙළෙන්දෝ ලොරි ගණන් පටවාගෙන ගිහින් ගම්වල නිවාසයන් අතරේ වේලනවා. සෝදනවා. ඒවා පරිහරණය සදහා වෙළඳ පොලට යවනවා. මේවා අතරේ සර්ජිකල් ග්ලවුස් පවා තියෙනවා. ඒවා පුද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට ගෙන යනවා. මේවායින් ඉතිරිවන රබර් කොටස් ගම්මානවල පාලු වතුවල, ඇළවල් වලට, වැඩ නොකරන කුඹුරු වලට ලොරි ගණන් ගිහින් දානවා. මේවත් ඉදිරියේදී රටට කරදරයක් වේවි. බියගම,රතුපස්වල,කටුපොත අවිස්සාවේල්ල යන කර්මාන්ත පුරවලින් තමයි මෙම පරිසර දූෂණය සිදු කරන්නේ. (නි)
හැමදේටම 'බොරු ෂෝ' විතරයි කියන මිනිස්සුන්ට කිසිම දෙයකට නිවැරදි ක්‍රමවේදයක් හදාගෙන දුෂණයෙන් වංචාවෙන් තොරව ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කරගන්න බැරිකම තමයි මේ රටේ ලොකුම ගැටලුව. හැබැයි කයිවාරුවට නම් ඒ වගේ පණ්ඩිතයෝ ලෝකේ වෙන කොහෙවත් නැහැ. (නි)
ජය වේවා අපේ ඇමතිතුමාට! (නි)