දික්වැල්ල ඉඳිගස්ආරේ කුමාරතුංග මුනිදාස පඬිවරයා උපන් බිමට ඇතුළු වීම වළක්වමින් යොදා තිබු ගේට්ටුව අද (16) ඉවත් කළ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා එහි සංවර්ධන කටයුතු කැරගෙන යන ලෙස වැවුරුකන්නල රජ මහා විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නාහිමියනට දැන්වීය.
ගැටළුවක් පැන නැඟුනහොත් තමා එය බලා ගන්නා බව ද ඇමැති පැවසීය.
කමිටුවේ සභාපති ධුරයට ඇමැති මර්වින් සිල්වා මහතා පත් කැර ගැනිණී.
මෙම භූමිය සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය සඳහා රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇති බැවින් රජයේ සැලැස්මකින් පිට එහි අනවසරයෙන් ඉදිකිරීම් නොකරන ලෙස දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් ජන්ම භූමි සංකල්පනා කමිටුව වෙත දන්වා තිබිණි.
මාර්තු 02 කුමරතුංග මුනිදාස සමරුවට එහි යාමට නොහැකි වු බැවින් පාරේ එම සැමරුම පැවැත්විණි
මේ පිළිබඳව විමසීමට දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් සම්බන්ධ කැර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නෑ සත්‍යා (දිල්)
මේකනම් ඉතාම හොද වැඩක් හෙළයේ මහා පඩි රුවන් මුනිදාස කුමරතුගුවන්ට කල උපහාරයක්. (නදී)
අන්න අපේ ඇමති තුමාගේ ජාතිය වෙනුවෙන් තියෙන හැඟීම (දී)
ඇමැති තුමනි මාතර කට්ටියක් ජනාධිපති තුමා දීපු ලංගම බස් ධාවනය කරන්න දෙන්නේ නැහැලු , නරකද මාතරට ගිහින් හොයල බැලුවොත් ? දික්වැල්ලේ ඉදන් මාතරට එතරම් දුරකුත් නැහැනේ?(දිල්)
ඇමති තුමා කල වැඩේට මම නම් කැමතියි (දී)
අපේ ඇමති තුමාට ජයවේවා(දිල්)
උතුරටත් යවන්න හොඳ මේ වගේ ඇමතිවරුයි. (දිල්)
පුරන් අප්පු තුමාට ජයවේවා! (නදී)
මට පුදුමයි ජනාධ්පති තුමාටත් හිස රදයක් වෙලා ඉන්න " ඇමතියෙක්" වර්චස් දැම්මත් යහපති කියන්න බලා ගෙන ඉන්න පිරිසක් මේ රටේ තවමත් ඉතිරි වෙලා ඉන්න එක ගැන. (නදී)
අද අපේ රටේ නීතියක් නැද්ද ? රටේ නිතිය නොතකා ඇමතියෙකුට මෙසේ කල හැකිද ? රටේ ආණ්ඩුක්‍රම ව්‍ය්වස්තාවක් තිබෙන්නේ කුමකටද ?මේවා කල යුතු ක්‍රම වේදයක් තිබෙනවා නේද ? හැරල්ඩ් ලැස්කි නම් ප්‍රජාතන්තුවාදය ගැන හසල දැනුමක් තිබු විද්වතා පහත සදහන් වැකිය පැවසුවේ අපිටමදැයි දැන් සිතේ. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය." හැරල්ඩ් ජේ. ලැස්කි(1893-1950) (නදී)
සත්‍ය, අංගුලිමාල කියන මිනීමරුවටත් බුද්ද සාසනයේ ඉඩක් තිබුනා. කොතරම් නරක මිනිහෙක් වුනත් යම් හොද දෙයක් කලොත් එය ඇගයීම නරකද?.(නදී)
දුරකතනයෙන් කතා කරලා නවත්වල පසුව ගිහින්ම ජනතා ප්‍රීති ගෝෂා මැද්දේ අවසර දෙනවා. දේශපාලක හිවල්ලුන්ගේ ගැට වලට අපි කව්රුත් අහුවෙනවා. (නදී)