ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (04) ඇමති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙයි.

රටේ ආර්ථිකය ගැන එහිදී සාකච්ඡා කැරෙන බව දැනගන්නට ඇත.

බ්‍රහස්පතින්දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ පසුගිය රජය සමයේ ලබාගත් ණය ප්‍රමාණය සහ ඒවා පියවීමට ගත හැකි පියවර මොනවාද යන්න පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි.

පසුගිය රජය රටට දරාගත නොහැකි පරිදි අසීමිත ලෙස ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පුකාශ කළේ පසුගිය දා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රටේ ආර්ථිකය ගැන කතා කැරෙන මෙම සාකච්ඡාව දැන් පැවැත්වෙයි.