ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.
ඒ සඳහා වන විවාදය අද පැවැත්විණි. ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැති ධූර සංඛ්‍යාව වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළින් ඡන්දය විමසනු ලැබීය. යෝජනාවට පක්ෂව මන්ත්‍රීන් 143ක් ඡන්දය ලබාදුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 16ක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නොසිටියහ.
ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතුය.
ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු සංඛ්‍යාව ව්‍යවස්ථානුකූලව වැඩි කළ නොහැකි බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා විවාදයක් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අන්තිම අවරුදු පහ කියල හිතාගන්න (අ)
රට ගැන හැඟීමක් තියෙන බුද්දිමත් මිනිසුන් දියවන්නාවට යනතුරු මේවා මේ විදියම තමයි (අ)
යහපාලනයේ මළගම! නැවත මේ රටේ ඡන්නදයකය රවටන්න නොහැකි වන ලෙස පාංශුකූලය දෙන්න (අ)
කියනකොට වගේ නොවෙයි කරන කොට (අ)
අයියෝ මදි යහපලනෙකට නම් 225 ම ඇමතිවරු කරන්න. අපිට දෙයියන්ගේම පිහිටයි. මේ දවස්වල අපේ සෝභිත නායක හාමුදුරුවෝ කොහෙද ඉන්නේ. (අ)
එක්සත් ජාතික පක්ෂයෙන් 34 ක් ආවම මහින්ද කැබිනට් එක ලොකු කලා.මොකක්ද මෛත්‍රී කිවුවේ .මටනම් හරි ලජ්ජියි කියල මෙතරම් විසාල කැබිනට් එකක ඉන්න කියල හිටන් .දැන් කොහොමද බොලන් . (අ)
අපි හොඳක් බලාපොරොත්තුවෙනවා (අ)
කලින් ආණ්ඩුවට කිව්වා ඇමතිවරු වැඩියි කියලා.දැන් පාර්ලිමේන්තු අනුමැතියෙන්ම හිටු කියලා වැඩි කරනවා.මේක වෙන්නැති යහපාලනේ (බ)
සේරටම ඇමතිකම් දුන්නනම් හරිනේ (අ)
ගණනට වඩා රටට -හෙටට ලැබෙන ප්‍රතිලාබ වැදගත් (අ)
කෑගහල වැඩක් නෑ. මේ ක්‍රමයේ හැටි තමයි. බහුතර ආණ්ඩුවකට මන්ත්‍රීවරු අවශ්‍යයි. ඇමතිකම් නැතිව කවුරුවත් ආණ්ඩුවට එන්නේ නෑ. අස්ථාවර රජයක් පිහිටුවනවට වැඩ ඇමතිකම් දී ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන එක ආර්ථිකයට හොදයි. හැබැයි ගිය ආණ්ඩුවේ හොරකම් ඒ විදියට කරන්න ගියොත් වැඩ වරදී. (අ)
අපිට ජිවිත කාලයම මැදපෙරදිග ඉන්න වේවි. (නි)
ඇමැති ධූර නොලැබී සෑහීමකට පත්වෙන්නෙම නැද්ද? (නි)
225 න් 95 ම ඇමතිවරු..අපොයි රටට ගිය කල .මෙදාත් අපට වැරදුනනේද?. (අ)
මේ අය අවුරුදු පහන් කොහොම හරි හිටියානම් හරි (අ)
විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යංශ පිහිටවන බවත් ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බවත් මෛත්‍රී පාලනයේ එක පොරොන්දුවක් විය. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකේ එකඟත්වයෙන් සම්මුති ආණ්ඩුවක් පිහිටුවීමට සිදුව ඇති මේ අවස්ථාවේ ඇමති වරු 48ක් පත්කිරීමට අප විරුද්ධ නොවිය යුතුය. එහෙත් රටේ අමාත්‍යංශ වල සංඛ්‍යාවත් ඒවායේ විෂයයනුත් අලුතින් සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා කිරීමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ක්‍රියා කල යුතුය. රාජපක්ෂ රජයේ, උද්භිද උද්‍යාන, සීනි, මහජන සම්බන්ධතා ආදී කෝලම් සහගත විෂයන්ට අමාත්‍ය වරු පත් කෙරුන බව සිහි කිරීම වටී. ලෝකයේ දෙවන විශාලතම ජනගහනය වන බිලියන 1.2ක් සිටින යාබද ඉන්දියාවේ කැබිනට් ඇමති සංඛ්‍යාව 26කි; කැබිනට් නොවන රාජ්‍ය ඇමතිවරු 13කි; රාජ්‍ය (නියෝජ්‍ය) ඇමතිවරු 25කි. සියල්ල එකතුව 64කි. ලෝකයේ විශාලම රට වන රුසියාවේ කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 31 කි. රුසියාවේ සියලුම අමාත්‍යාංශවලට නියෝජ්‍ය ඇමතිවරු කීප දෙනා බැගින් සිටියත් ඔවුන් කිසිවෙකුත් දේශපාලනඥයන් නොවන අතර ජ්‍යෙෂ්ට අමාත්‍යංශ නිලධාරීන් වේ. ලංකාවේ සම්මුති ආණ්ඩුවේ කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරු එකතුව 93කි. මීට අමතරව කැබිනට් නොවන රාජ්‍ය ඇමතිවරු රොත්තක්ද පත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ලංකාවේ පාර්ලිමේන්තුවට පත්වන මහජන නියෝජිතයන්ට ඇමතිකම් නොමැතිව ජීවත්විය නොහැකි ලෙඩක් පසුගිය වසර 20-25ක කාලයේ සිට වැළදී ඇති අතර මේ රෝගයට බෙහෙත වන්නේ ව්‍යවස්ථාවෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය ගැන සීමාවක් පැනවීමයි. (අ)
එජපෙට බහුතරය ලැබුනා නම් ඇමතිමණඩලය අඩුකරගන්ඩ තිබ්බා. (අ)
ඇමතිලා අපේ රටේ මිනිසුන්ට ගොඩාක් ආදරෙයිනෙ. (නි)
ඕක තුනෙන් දෙකක් කරගන්න ඇමතිවරු 150 ක්ම කරමු. (අ)
මදැයි ඔයින් ගියා (නි)
ඇමති මණ්ඩලය 20 ට වැඩිවෙන්නේ නැහැ කියලා ජනවාරි 8 පොරොන්දු පත්‍රයේ පොරොන්දු වෙච්ච හින්දා අපි ලොකුවට කයිවාරු ගැහුවා. අපිට දැන් හැංගෙන්න තැනක් හදලා දෙන්න (නි)
කමෝන් කමෝන්! හොඳට දුවමු. කට්ටියම දුවමු. තව ටික දවසකින් ඔය ගණනත් වැඩිකරමු. (නි)
ඔයින් ගියා ඇති. බැරිද ඕක නීතිගත කරන්න මීට වැඩිය වැඩිවෙන්න බැහැ කියලා (නි)
මේ ගණනේ වැඩියක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)
යන්තම් මේ දවස්වල මහා පාරේ විනයක් කියලා දෙයක් තිබනා. දැන් ඉතින් මේ 48 දෙනාගේ වාහන, එස්කොට් වාහන බැක් අප් වාහන අපිව යටකරගෙන වේගයෙන් යනකොට දත්මිටිකාගෙන බලාගෙන ඉමුකෝ (නි)
තිලක්-ඩුබායි නම් ජීවිත කාලයම මැදපෙරදිග ඉන්න එක තමයි හොඳ (නි)
මම නම් කියන්නේ තව මදි කියලා. තව වැඩි කරන්න ජනාධිපතිතුමනි. අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වුණේ ඔය ගාන නෙමෙයි. අඩු ගණනේ 150ක්වත්.... එතකොට තමයි ලෝකයම දන්නේ අපේ රට දියුණුයි කියලා. (නි)
මෛත්‍රී පාලනේ ඉතුරු පොරොන්දුත් මේ වගේ කියල හිතාගන්න 62 ලක්ෂයකගේ පරිප්පු දැන් අපි කමු (අ)
අලුත්ම ගණිත සාස්තරේට අනුව 20=48. මේක දන්නේ නැත්තේ පාසල් නොගිය උගත්තුයි. (අ)
මේක 225 දක්වාම වැඩි කල යුතුයි රටක සංවර්ධනය මනින අලුත් ඒකකය තමා ඒ රටේ ඉන්න ඇමැතිවරු ගණන පිටසක්වල ග්‍රහ්ලකවල ක්‍රමයක් මම කිව්වේ (අ)
මදැයි අපිත් බැහැල වැඩ කළා. අපිට පාරට බහින්න බයයි . මිනිස්සු හු කියයි කියල. ඇයි රනිල්-මෛත්‍රී මහත්වරුනේ 20 ට අඩු කරන්න බැරිනම් කරනවා කියල පොරොන්දු දුන්නේ. දැන් අපි සමාජයට මුහුණ දෙන්නේ කොහොමද?චික් ලැජ්ජාවේ බැහැ (අ)