
(සුජිත් හේවාජුලිගේ)
ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය.
මේ අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.
ඇමතිවරුන් වෙනුවෙන් කොළඹ වෙන්කර තිබූ බංගලා සංඛ්‍යාව 35කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පිටරට අයට විතරක්? දේශීය අයටත් දෙන්නකෝ? ඇයි වෙනස්කමක්? කොහොමත් ලංකාවට එන සංචාරකයෝ ලොකු ගණන් ගෙවලා ඉන්න ලෑස්ති අය නෙවෙයි. එහෙම ලෑස්ති ලෑස්ති අතලොස්සට ඉන්න තරු පහේ නවාතැන් හෝටල් ඕනතරම් තියෙනවා.
එය විදේශිකයන්ට සීමා නොකරන්න. ගෙවීමට හැකියාව ඇති ඕනෑම කෙනෙකුට වෙන්කරවා ගැනීමට හැකි විය යුතුය...
සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවියට දැම්මා නම් හොඳ ඉල්ලුමක් තියේවි අනිවාර්යයෙන්ම.
දේශීය සංචාරකයන් සඳහා ද එම අවස්ථාව උදාකර දෙන්නේ නම් මැනවි යැයි සිතමි.
දීල විතරක් මදි. ඒවා නිසි පරිදි නඩත්තු කරන්නත් අවශ්‍ය පහසුකම් සහිතව පවත්වාගෙන යන්නත් ඕනෑ. සංචාරකයෝ එන්නේ අපට පිහිටවෙන්න හිතාගෙන නොවේ. වියදම් කරන මුදලට හරියන අන්දමට හොඳ නිවාඩුවක් ගත කරන්න බලාගෙනයි. ලංකාවේ අයටත් දුන්නට කිසිම වරදක් නැහැ.
අදහස නම් හොඳයි... ලංකාවේ අයටද ඒ පහසුකම් සැලසේනවා නම් හොඳයි. සංචාරකයින් සඳහා වෙන්කරද්දී අපේ අයටද එහි රැකියාවන් සලසා දෙන්නට පුළුවන්.. cleaning staf එකක් සහිතව දීමෙන් අපේ ජනතාවටද රැකියා ලබා දිය හැකියි.
ඕවා ටුවරිස්ට් බෝර්ඩ් එක මගින් පාලනය කරන්න ගියොත් අපේ තානායම් වලට ලබපු කල දසාවම ලබාවි... අන්තිමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය වගේ අපේ බදු මුදලින් නඩත්තු වෙන සුදු අලි බවට පත්වේවි. ඕවා ටෙන්ඩර් කැඳවලා වසර 5ක පමණ කාලෙකට දැඩි කොන්දේසි සහිතව පුද්ගලික අංශයට බදු දෙන්න.. එහෙම කලොත් ආදායමක් ලැබේවි. ඕවා දෙන්නේ විදේශික සංචාරකයින්ට පමණක් කියලා සීමා කිරීම... අපේ රටේ ව්‍යවස්ථාව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දකිමි. අදාල මුදල ගෙවනවා නම් ශ්‍රී ලාංකිකයින්ටත් පුළුවන් වෙන්න ඕනේ ඕකේ ඉන්න.