අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන (27) යළි අත්අඩංගුවට ගත් බවත්  අද මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියසමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මාතර බ්‍රවුන්ස් හිල් හිදී පසුගිය 20 වැනිදා ඔහු පැද වු රියේ හැපී තලල්ලේ අගම්පොඩි රංජිත් (52) මාතර  රෝහලේදී මියයෑමෙන් පසු  චතුර  මාතර පොලීසියට කැඳැවිණි.