IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇමැති දළ ඇතා රකී

හබරණ  දිගම්පතහ රක්ෂිතයේ  දළ ඇතාගේ  ආරක්ෂාවට  ඒ අවට පොලිසිවලද යුද හමුදා කඳවුරුවලද සහායෙන් ආරක්ෂාව සලසන බව  වන ජීවී  අමාත්‍ය විජීත් විජයමුනි සොයිසා මහතා  කියයි.

මේ පුවත පළ කිරීමෙන් ලංකාදීප කළ මෙහෙය අගයන බවද ඇමැතිවරයා පවසයි.

මේ පිළිබදව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සමගද සාකච්ඡා කැර ඇතා පිළිබදව සොයා බැලීමට සීගිරිය වනජීවී කාර්යාලයයට දැනුම් දුන් බවත්  නිලධාරීන්ට අවශ්‍ය සහන සලසා දෙන බවත් ඇමැතිවරයා සදහන් කරයි.

 

 

 

 

 

 

 



අදහස් (0)

ඇමැති දළ ඇතා රකී

ප්‍රභාත් Friday, 26 July 2013 12:16 AM

කරුණාකර ප්‍රතිචාර වලට උඩින් කිලෝ මීටරයක් විතර දිග ඇඩ් එක ටිකක් කුඩා කලොත් නරකද?(නදී)

:       0       0

රොෂාන් සංජී කුමාර Friday, 26 July 2013 12:39 AM

පින්නවලට දෙනවට වඩා හොඳයි ඌව අපා ගත කිරීම.(නදී)

:       0       0

උපාලි Friday, 26 July 2013 01:13 AM

පිටිගල හරි. බොහොමයක් රට වල ජනමාධ්‍යයට පාලකයෝ ඇත්තටම බයයි. අකමැති වුනත් ඒවායේ විවේචන තමන්ගේ ඡන්දෙට බලපාන බව ඔවුන් දන්නවා. අපේ තවම එහෙම නැහැ. එත් ලංකාදීපේ එසැණ මගින් ලොක්කන්ගේ වැරදි රැසක්ම නිවැරදි කල බව අපි දන්නවා. ඔබතුමන් මේ ඇතාට හොඳ ආරකෂකයෙක් වෙන්න. ඔන්න දිල්රුක්ෂි, ඔබට බාරයි.(නදී)

:       0       0

ඩියෝ Friday, 26 July 2013 12:17 PM

ඇයි දන්නෙ නැහැ මෙච්චර ආරක්ෂා කරන්නේ? (නි)

:       0       0

වෙනුර Friday, 26 July 2013 12:46 PM

පසු ප්‍රයෝජනය සදහා නොවනවානම් උතුම් ක්‍රියාවක් .ඒත් දේශපාලකයෙක් නම් දෙපාරක් හිතන්න ඕනෑ.මොකද අද ඉන්න හුගක් දේශපාලකයෝ මහත්වරු නෙමෙයි මහත්වූ හොරු . (නි)

:       0       0

ලුම්බිණි Friday, 26 July 2013 05:50 AM

මෙවැනි සතුන් ආරක්ෂා කරන එක අප සියලු දෙනාගේම යුතුකමක්. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 25 July 2013 07:21 PM

පින්නවල අලි අනාථාගාරය තියෙනවානේ. එහාට ගෙනත් ඇරලුවා නම් ඒ ඇත්තෝ හොඳට රැකවරණය දීලා බලා ගනී නේද? (නි)

:       0       0

හුසේන් Thursday, 25 July 2013 07:26 PM

දල දෙක වටිනවා ඇති නේද උගේ? පවු. හොදින් බලාගන්න (නි)

:       0       0

නාමලී Thursday, 25 July 2013 07:27 PM

කොහොමත් දළ ඇතුන්ව බලාගන්න ඕනෑ (නි)

:       0       0

වරුණ Friday, 26 July 2013 08:20 AM

දැනටත් කළු පාට ඩබල් කැබ් එකක් මේ ඇතා පස්සේ කැරකෙනවාද දන්නෙ නැහැ. අන්තිමට අර දලපූට්ටුවට අත්වෙච්ච ඉරණම නම් අත් නොවේවා! (නි)

:       0       0

වසන්ත Friday, 26 July 2013 02:52 PM

කෝකටත් ඇතාට කිව්වා නම් හරි පරිස්සම් වෙලා ඉන්න කියලා. (නි)

:       0       0

විකී Thursday, 25 July 2013 07:44 PM

නරින්ට කුකුල්ලු බාර දුන්නාවගේ නේද පොලිසියට දල ඇතා බාර දුන්න එක (අ)

:       0       0

ගමගේ Friday, 26 July 2013 03:06 PM

මේ දවස් වල කට්ටිය දල කඩන්න උත්සහ කරන අවස්ථාවක මොකද ඇමතිතුමා දල තියෙන අය රකින්න උත්සහ කරන්නේ. අනේ අනිච්චන් කිව්වලු.(නදී)

:       0       0

අනුර නාවලපිටිය Thursday, 25 July 2013 08:12 PM

ඔය කැලේ හිටියොත් ඇතාව මරලා දාලා දප දෙක ගනීවි. ඇමති තුමනි හැකි ඉක්මනින් පින්නවලට ගෙන ගොස් දාන්න පියවර ගන්න.(නදී)

:       0       0

උදය Friday, 26 July 2013 09:17 AM

පරිස්සමින් (නි)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 08:28 PM

මේ ඇතාට පිහිට උන ලංකාදීප පුවත් පත මේ වගේම මේ වටිනා සම්පත දිහා ඇහැ ගහගෙන ඉන්න. වෙන නම් පිහිටක් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ.කැලේ වගේ නිදහස් තැනක් ඇතෙකුට තවත් නැහැ. උට නිදහසේ කැලේ ඉන්න ඉඩ දෙන්න. (දී)

:       0       0

බණ්ඩාර Thursday, 25 July 2013 08:35 PM

ඔය කියන්නේ කා ගැනද (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 25 July 2013 08:47 PM

කොහී හිටියත් ඔය දල අර්තාගේ ජීවිතය තීරණය කරන්නේ කවුද කියල දන්නවා. (අ)

:       0       0

රන්දි Friday, 26 July 2013 03:50 PM

කව්රු ඉදිරිපත්වී හෝ මේ සතාගේ ජීවිතේ ආරක්ෂා වේවා.? ඔහුට සියලුම දෙවියන්ගේ බැල්ම වැටී ආරක්ෂා කරත්වා..? (ස)

:       0       0

හේමන්ත Friday, 26 July 2013 09:53 AM

මේ ඇතා වසර තුනකට පමණ පෙර මට හමුඋනා. හරිම ලස්සන දළ දෙකක් තියෙන්නේ. මා ලඟ පින්තුරත් තියනවා.(නි)

:       0       0

චමින්ද Thursday, 25 July 2013 09:52 PM

මේ ඇතා පින්නවල ගෙනියන්න එපා. එහෙම උනොත් අර දල පුට්ටුවට උන දේ තමා මේ ඇතාටත් වෙන්නේ. නිලදාරීන් කියයි ලොරියේ තට්ටුව දිරල කඩා වැටුන කියල. (දී)

:       0       0

ඉන්ද්‍රලාල් Thursday, 25 July 2013 09:58 PM

කෝකටත් ඇතාට කිව්වා නම් හරි පරිස්සම් වෙලා ඉන්න කියලා.(නදී)

:       0       0

ලීල් ගුණරත්න Thursday, 25 July 2013 10:20 PM

මේ සතා ගන දෙවියන්ට දෙන්න. වෙනත් වනයකට යවන්න නිදහසේ ජිවත්වෙන්න දෙන්න.(නදී)

:       0       0

බණ්ඩාර Friday, 26 July 2013 11:10 AM

පින්නවල අලි අනාථාගාරය ආසියාවේ හොඳම එකක්. එය හෑල්ලුවට ලක්කරන්න එපා (නි)

:       0       0

කුමාර Friday, 26 July 2013 11:40 AM

දල දෙක නෙවෙයි සතාගේ ජීවිතයයි වටින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site