ලංකා ගුරු සේවා සංගමය මගින් අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ගෙදර යවන ලෙස ඉල්ලමින් අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් සහ අත්පති‍්‍රකා බෙදීමක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහ බොරු වැඩ
වැඩක් ඇති දෙයක් නෙමෙයි..ඒ උනත් හොද අදහසක්, දෙන්න විතරක් නෙවෙ කට්ටියම යවන්න ඕන..
මේ දෙන්නා ගැන කියනකොට අනේ හැබෑටම අර රයිගමයයි ගම්පොළයයි කාලේ වෙළෙඳාම මතක් වෙනවා.
බලාගෙන, ඒ දෙන්නා කෙසේවෙතත් මේකේ ප්‍රතිචාර දාපු අයට සුදු වෑන් එකක නැගලා යන්න වෙයිද දන්නෑ
තව අවුරුදු 50 ක් යනකම් තියාගනිමුකෝ....
දෙන්නම හොදයි.ඒත් ඔලුවේ පොඩි ගල් තැලුමක් තියෙනවලු
මම කාටවත් කඩේ යන කෙනෙක්නම් නෙමෙයි... ඔබ තුමන්ලම කියන්න බලන්න මේ දෙන්නව අයින් කරලා කාවද පත් කරන්න ඕන කියලා..? අත්සන් ගන්න අය උනත් මේ දෙන්නව අයින් කරලා ඒ වෙනුවට දාන්න ඕන දෙන්නෙක්ව නම් කරලා අත්සන් ගත්තනම් හොදයි, මොකද මේ රජයේම ඉන්න වෙනත් ඇමති කෙනෙක්ව හරි, මන්ත්‍රී කෙනෙක්ව හරිනේ ආයේ පත්කරන්න වෙන්නේ..
දන්නවනේ අත්තෙන් අත්තට පනින කුරුල්ලන් හාම්පුතුන්ට හීල නැහැ.
මෙන්න නියම වැඩක්වෙලා.. විදුහල්පතිවරුන්ට හමුදාවෙ උසස් තනතුරැ දෙනවා.. ඇමතිවරුන්ට මොනවා වෙලාද මන්දා...
මේ අය නිසා නිදහස් අධයාපනේ වැනසිලා යනකල් බලා ඉන්න අපිට බෑ.මේ අයව ගෙදර යවන්න මෙන්න මගේ අත්සනත් එකතු කර ගන්න
බන්දුල ඇමතිතුමා මුල් කාලේ හොදට හිටිය.. ඒත් දැන්නම් මොනවා වෙලාද මන්දා.. ටික කලකට නිඩාඩු ගන්න..
අධිකරණ විසින් වරදකරුවන් ලෙස තීන්දු කරපු රාජ්‍ය සේවකයන් යලිත් සේවයේ පිහිටුවන, දුෂිත නිලධාරීන් පරීක්ෂණ නිසියාකාරව නොපවත්වා සේවයේ තබා ගන්නා, ප්‍රසිද්ධියේ පෙනීසිටින අධිකරණ වරෙන්තුකරුවන් අල්ලා අධිකරණය හමුවට නොපමුණුවන පරිසරයක් ඇති රටක අත්සන් දස ලක්ෂ ගණන් ගත්තත් අධිකරණ තීන්දුවක් ලබා දුන්නත් ඔය දෙපළ ගෙදර යාවිද කියන එක සැක සහිතයි. කොන්ද කෙලින් තියෙන, ජනතාවට අවංකව සේවය කරනවානම් ඔවුන් විසින්ම තම හෘද සාක්ෂියට එකඟව ඉල්ලා අස්විය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදු වුවහොත් එය "ආශ්චර්යක්" වනවාට නොඅනුමානය.
අපේ රටට පුද්ගලික සරසවි අවශ්‍යයි. රජයේ විශ්ව විද්‍යාල වල කරන්නේ මාස 6ක් 7ක් වහලා තියලා උපාධිය ටිකේන් ටික කල් යවන එක විතරයි
නිකන් කාලය කන්නේ නැතිව ඔය සංගමයේ අය කොළයත් අරං පෙළපාළියකින් ගිහින් ජනපතිතුමාට දුන්නනම් වැඩේ කෙරෙයි.
මේ දෙන්නටම මොල ගෙඩි දෙකක් බද්ද කළ යුතුයි.. අධ්‍යාපනය ඉවරයි..
මොනවා වුණත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුයි. නමුත් විභාග ප්‍රතිඵල වරද්දපු එකට නම් උල තියන්න ඕනි
බහුබූතයා ඉතිං කවදත් ඔහොමයි. භූතයට කවදද යමක් තේරුනේ?
මෙන්න කියලම යයි දැන්
බහුභූත ඒ නම හොදයි.. හැම දේකටම විජාතික බලවේගත්... ආණ්ඩුවෙ වැඩ කරන්නේ ඒ අයත් එක්කම තමයි..
අන්තිම වතාවට හිසකුඩිච්චියක්වත් දාලා තව ටිකක් බැලුවොත් නරකද?
දේ දෙන්නා විතරක් නෙමෙයි, තවත් කට්ටිය ගොඩක් ඉන්නවා
වැඩක් කරන්න පුලුවන් එක ඇමති කෙනෙක්වත් ඔය ඇමති මණ්ඩලේ නෑ
එහෙනම් හෙට ඉල්ලා අස්වෙයි..
කරැණාකර රටේ ඉදිරිගමනට වැදගත් වන වරාය, අධ්‍යාපන, මුදල් වැනි අමාත්‍යංශවලට ඒ පිළිබදව දැනුමක් සහිත කාලය කැපවීම තියෙන ජනතාවට වග කියන ඇමතිවරැ පත් කරන්න.. ජනතාවට විහිළු සපයන්නන් සමග රට ඉදිරියට යා නොහැක..
අධිකරණයට අහාසකර සිරබත් කෑ මිනිසෙක් රටේ උසස් අධ්‍යාපන ඇමති.. රටකට ගිය කළ...
අනේ මන්දා, මොනවා වෙයිද මේ ලංකාවට
ආචාරිය තුමා නෙගටිව් වචන තමයි කියන්නේ
හොද වැඩක්
කරුණාකරලා මමත් අත්සන් කළ බවට සටහන් කර ගන්න
පාසල් 1000කට සියලු පහසුකම්.එතකොට අනික් පාසල්???
අනේ සුජිත් ආචාර්යතුමෝ, මම ගැන වරදවා හිතන්න එපා.ඔබතුමා දාන ප්‍රතිචාර වල දිග බැලුවහම මට හිතෙනවා ඔබතුමා ඇත්තටම රැකියාවක් කරනවමද කියලා.තෙරුවන් සරණයි!
පෙත්සං ගැහුවට වැඩක් නැතිවෙයි.. ඉහළින් අයින් කරන එකක් නැහැ...
මම බහුබූතයාව අනුමත කරනවා
මේ දෙන්නා මෙතනට පත්කළේ කවුද හැබෑටම..
ඔය කිවුවට යන්නෑ අනේ.බලමුද මෝර්ටීන් කොයිල් එකක්වත් පත්තු කරලා
ඔය දෙන්නම වෙනුවට එක අධ්‍යාපන ඇමති කෙනෙක් පත් කරන්න
හැමෝම වෙනසකට ලක් කර යුතුයි...
මොනවද මේ විහිලු නේද? මේක ලංකාව. ආශ්වර්යමත් ශ්‍රී ලංකාව
මේ දෙන්නට ආචාර්ය උපාධි තියෙනවද?අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
අත්සන් කලාට යන්නෙ නැහැනෙ...
ලාල් ගලබඩ ඉතාලියේ සිට.... රටක වටින අමාත්‍යයන්ස වන,අධ්‍යාපන / වරයා ගුවන් / මුදල් /ගමනාගමන , මේසදහා සුදුසු ඇමති වරු පත්කරන්න කිසිම නායකයකුට ....උතුමාණන්,...ශ්‍රීමත් ...මැඩම්...අතිගරු ...කාටවත් බැරි උන එක තමයි රටට වුන හේනේ..
දැන් ඉන්න කට්ටිය හොදයි කුබුරක් මඩවන්න යවන්න.
ඇමතිවරුන් මොනවා කරන්නද? ගුරුවරු බොහෝ දෙනෙක් අකාර්යක්ෂමයි.ඒක හැමෝම වගේ දන්නවා
මුළු ඇමතිමණ්ඩලයේම ගෙදර යවන්න ඕන..
මට පුලුවන් ලේ වලින් වුණත් අත්සන් කරන්න
මේ දෙන්න එපා කියන්නේත් මිනිස්සුමයි. එත් අද ඡන්දයක් තියලා බලන්න මිනිස්සු මේ දෙන්නට ආයෙත් වැඩිම මනාප ලබාදීලා පාර්ලිමේන්තු යවන්නේ නැද්ද කියලා. අපේ මිනිස්සු ඔය විරෝධය දක්වන්නේ අපිට පේන්න බොරුවට. ඕකට තමයි බොරුව කියන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේම බොරුවම තමයි. දේශපාලකයනුත් මොකද කරන්නේ මේ බොරුවම භාවිතා කරලා මිනිස්සු ගොනාට ඇන්දුවහම චන්දේ දෙන බව දන්නවා. ඒ නිසා මම මේ මිනිස්සුන්ගේ මේ විරෝධතා සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒවා ගණන් ගත්තොත් අපියි මෝඩයෝ වෙන්නේ. මට නම් කවුරුවත්ම දේශපාලකයෙක් උදව් කරලා නැහැ. අපි මහන්සිවෙලා රස්සාව කරලා හම්බ කරන් කාලා ඇදලා ඉන්නවා. අමාරුවෙන් දහදුක් විඳලා විශ්වවිද්‍යාලයට ගිහින් උසස් අධ්‍යාපනයත් ලැබුවා. ආපස්සට හැරිලා බැලුවාම මට මේ රවේ මිනිස්සු ගැන දුකයි. ආර්ථික අතින් උදව්කරන්න තරම් මගේ ආර්ථිකය ශක්තිමත් නොවුනට මගේ ශ්‍රමයෙන් දැනුමෙන් තාම මම මේ රටේ මිනිස්සුන්ට උදව් කරනවා. මේක කිව්වේ කොහේ හරි අමාත්‍යාංශයක උපදේශක තනතුරක් ගන්න බලාගෙන කියලා මා ගැන වරදවා හිතන්න එපා හොඳේ. තෙරුවන් සරණයි !!!
ඔන්න මමත් අත්සන් කරා කියලා සඳහන්කර ගන්න...
1994 සිට මෙතෙක් මේ රටේ අධ්‍යාපන අමාත්‍යධුර දැරෑ සියලු දෙනා කළේ අධයාපනය ටික ටික විනාශ කරන එක.. දැන් එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇත නිදහස් අධ්‍යාපනය විකුණමින් යන අතරම ඇමතිවරැ දෙන්නෙක්ම පත් කළා.. ඒ දෙකම එකතුවෙලා කැද හැලියක් බවට පත් කර ඇත..
මෙතෙක් කල් හිටපු හැම දෙනාම වගේ කළේ අපේ අධ්‍යාපනය වනසපු එක විතරයි. වෙනස තියෙන්නේ දැන් ඒකේ උච්චම අවස්ථාටව ඇවිල්ලා ඉන්න එකයි
දෙන්නම එකයි.
ෂා.... නියම වැඩකටනේ අත ගහලා තියෙන්නෙ.මමත් උපරිම සහාය දෙනවා
මේ අය අපිට වැඩ පෙන්නනවා
අනේ මටත් අත්සන් කරන්න බැරිද දොහා කටාර්වල සිට..
අනේ ඔක්කොම වෙනසකට ලක් කරන්න බැරිද ????
ඒ දෙපළත් ඔතෙන්ට ගියේ නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් නේද? මුල අමතක කරලා තියෙන හැටි දැන්.....?????
මේ දෙන්නා ඉක්මනට ඉවත් කළේ නැත්නම් අපේ රටේ දරැවන්ට අනාගතයක් නැහැ.
ඇයි අධිකරණය නිවැරදි නම් රටේ වැරදි කරන ලොකු ලොකු ඇමති ගොල්ලන්ට දඩුවම් නොදෙන්නේ?
මේ දෙන්නම ගැන අපි දන්නවනේ
මේ දෙන්න හොදයි. අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල දෙනවා Z-score නැති කළා.. තව පස්සට තව දෙයි.. අපිනම් ඕවට අත්සන් කරන්නෙ නැහැ.ඕව ආණ්ඩුවිරෝධී අධිරාජ්‍යවාදී UNP සහ JVP වැඩ
බොහොම හොද ක්‍රියාවක් හැකි ඉක්මනට වෙන්න ඔනේ දෙයක්.
අත්සන් ඇතත් නැතත් ඒ වැඩේනම් කල යුතුමයි.
මේ දෙන්නම ගියොත් දුප්පතුන්ගේ අධ්‍යාපනේට නම් හොද කලක් යාවි
සුරඟන වැඩ කරන්න එපා
මෙයාලා කවදද රටේ දියුණුවට වැඩක් කලේ? අපි දන්නවා මේ ගොල්ලෝ ගැන හොදට
ටිකක් හරි ඉගෙනගත්ත දෙන්නෙකුට ඉන්නේ මෙච්චරයි.අපි මේ අයව ජාතික වස්තු විදියට හිතලා රැක ගන්න ඕනි
ගෙදර අයටත් මේයාලව එපා වෙලාද දන්නෑ..
නරකද අපි මේ දෙන්නගේ තනතුරු දෙක මාරු කළොත්? සමහරවිට සාර්ථක වෙන්නත් බැරිනෑ
කෝ ආචාර්යය තුමා මොකද අදහස් නැත්තේ
ලෙහෙසියෙන් එලවන්නෑ කූඩැල්ලෝ වගේ රහ දැනිලනේ තියෙන්නේ.
ගෙදර නෙවෙයි යවන්න තියෙන්නේ
මේ දෙන්නම ගියොත් අපි කාගේ කාගේත් අධ්‍යාපනේට හොද වෙයි නේද?
වැරැද්දක් උනාම වැරැද්ද කලේ කවුද කියන හොයන එක නෙමේ කරන්න ඕනේ..වැරැද්ද කොතනද කියන එක හොයලා වැරැද්ද නිවැරදි කරන එක. ඒක සමාජවාදයේම මූලික සිද්ධාන්තයක් මම දන්න විදියට. මෙතන කමෙන්ට්ස් දාපු ඔක්කොම අය කියන්නේ, මේ ඇමති වරු දෙන්නා පේපර්ස් මාක් කරලා වැරදි ප්‍රථිපල දුන්නා කියලාද? පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එක වැරදි දෙයක් කියලාද? අපිත් කැම්පස් යන කාලේ නම් සල්ලි වලට පිටරට උපාධි අරගෙන අය රස්සා අරගෙන වැජඹෙන එකට විරුද්ධ උනා. ඒත් සල්ලි හම්බ කරන කොට, ෆීල්ඩ් එකට බහින කොට දක්ෂයාට තමයි තැන එන්නේ...සල්ලි දීලා ඉගෙන ගත්තාද, නිදහස් අධ්‍යාපනය ලැබුවාද, ස්වයං අධ්‍යාපනය ලැබුවාද වැදගත් නැහැ. වරද ඔය කොතනකවත් නෙවේ. මේ ධනවාදී ආර්ථික රටාව. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සල්ලි උඩ බවට පත් වෙලා. මේ කට්ටිය ඇමති වරු ගෙදර යවන්න මහන්සි ගන්නෙත් තමන්ට ලැබෙන කුට්ටිය අඩු වෙන නිසා හෝ වෙන මාර්ගයකින් මේ වැඩේ කරන්න කුට්ටි පිටින් හම්බ වෙන නිසා...මේ අය මෙහෙයවන දේශපාලන පක්ෂ දිහා බලන්න, කොච්චර රටට ආදරෙයි කිව්වත් පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත් පඩි ගන්නේ නැතුව ඉන්නවද? තමන්ට ලැබෙන වාහන බලපත්‍රය එපා කියන එක්කෙනෙක් ඉන්නවාද? රට පාලනය කළ එක පක්ෂයක් වත් (ජ.වි.පෙ.ත් රටේ පාලනයට සම්බන්ද උනා) වචනයක් ඇහුවේ නැතුව පාලනය ගෙන ගියාද? ඔක්කොම එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කරමු.
අනේ කරුණාකරල මගේ අත්සනත් ඒකට එකතු කරන්නකෝ....
ඔන්න මගේ අත්සනත්...වැඩසටහන සාර්ථක වේවා !!
ඕනෙම නෑ අපිට.අහක් කරලා දාන්න
වැඩ බැරිනම් මේ අය ගෙදර යවනවා ඇරෙන්න මොනවා කරන්නද මහජන මුදල් වලින් පඩි ගෙවා මුදල් නාස්ති කරනවට වඩා ගෙදර යවන එකම තමා හොදම දේ
මේ දෙන්නව විතරක් නෙමෙයි ගෙදර යවන්න ඕන ගොඩක් අය ඉන්නවා.. ඒත් ඒකට තව අවුරුදු 3 ක් 4 ක් තියනවා, ඒ වෙනකොට කට්ටියට මේවා අමතක වෙලා තියේවිද කියලයි ප්‍රශ්ණෙ...
මොලේ කුරැවල්වුණු, පළපුරැදු ඇමතිල ආවාම ඔහොම තමයි.. අපිමනෙ වරද්ද ගත්තෙ.. අපිට මේවා හොද පාඩම්..
මොළේ කුරුවල් වුණු, පළපුරුදු ඇමතිලා ආවහම මෙහෙම වෙනවා.අපිමනේ වරද්ද ගත්තේ.අපිට මේවා හොද පාඩම්
දෙන්නගෙම උනන්දුව අඩුයි...
මෙයාලා කොයි කොයි ලෝකවල යයිද ????
මේ අයත් ක්‍රියාත්මක කරන්නේ ඉහළ නියෝග.පොලිසිය, උසාවිය වගේම මේ අයත් අසරණයි
බූරු කුට්ටම කොහොම ඇණුවත් කොළ 52 ඇතුළේ ඉදලා අන්තිමට එළියට එන්නේ ඒක ඇතුළේ කවදත් ඉන්න බූරුවාමනේ
වැඩේ දුරදිග යන්න කලින් තීරණයක් ගන්නවෙයි....?
බොරු වැඩ තමයි.. ඔයිට වඩා හොදයි රට ගැන හිතන්න ඔය විකාර අත්සන් කරන්නෙ නැතිව...
ඔන්න වෙලාව, කල දුටු කල වල ඉහගන්න.
යවයි යවයි බලන් ඉන්න මුලු ලංකාවම අත්සන් කරලා දුන්නත් ..
ඡන්දේ දුන්නනම් විදවන එකයි ඇත්තේ..
ඔක්කොම වෙනස් විය යුතු කාලයයි මේ...
මෙරටේ හිටපු උගත් හොඳම අධ්‍යාපන ඇමති වරයා ආචාර්ය .බදිඋදීන් මෝහමෙඩ්
මේ ඇමතිලාට මොළේ තියෙයි නම් කියාවිද "රුපියල් 2500කින් එක් කෙනෙකුට මාසයක් කන්න පුලුවන් කියලා" වගේ කතාවක්
ගෙදර යවලා ඊළඟට කාවද පත්කරන්න හදන්නේ....????
අපේ ගෙදර අය වැය හදාගන්න එවන්න බැරිද එක්කෙනෙක්ව
අනේ අරයව අපේ ගෙදරට එවන්නකො ගෙදර බජට් එක සාදවා ගන්න
ඔය වැඩේට අපිටත් හවුල් වෙන්න ඇත්නම් ලොකු පිනක් මොකද දන්නවද අපේ දරුවන්ගේ අනාගතේ මේ අය විනාශ කරනව බලන්න අපිට බැහැ. අපි ඉන්නේ විදේශයක නිසා තමයි දුක.
ඔන්න මාත් ඇත දෙකම උත්සනවා මේ දෙන්නට විරුද්දව
දෙන්නගෙම ඇති හොදක් නෑ
ගුරු සංගමය අපි දන්නවා . අනේ කෝ අර සංවාදය.
කවුරුන් පත්වූවත් මුන්නැහැලා කියයි අස්කරන්න කියලා....හරි නම් මේගොල්ලන්ගෙන්ම අහමු කාවද පත්කරන්න ඕන කියලා....එතකොට රටේ ප්‍රශ්න සියල්ල අහවරයි....
සිරා, හවසට ඇවිල්ලා අත්සන් කරලා යන්න
මොන බොරු වැඩද මේවා ? ඔයිට හොදයි මඩුවක් ගහගෙන නියන් සහනාදාර එකතු කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදුව නම් ..නිකන් කොළ නාස්ති නොකර ..