තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා මොරටුව උද්ඝෝෂණය කරන වඩු කාර්මිකයන් හමුවට ගිය නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
විරෝධතාකරුවෝ ඔහු සිටි දෙසට වතුර බොතල් විසි කරන්නට වුහ. බොතලයක් දෙකක් ඔහු ළගටම වැටුණහ. මේ අතරතුර පොලීසිය පැමිණ වාහන විකල්ප මාර්ග වලට යොමු කළේය. එහෙත් ගාලු පාරේ තද බදට බොහෝ දුරට පැවැතිණි.
උද්ඝෝෂකයෝ කුරුස හන්දිය දක්වා ගමන් කරමින් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස. දිසානායක , ඔයා කියන එක සීයට සීයක්ම නිවැරදියි. අපි බෝතල් ප්‍රහාර නෙමෙයි මොන විදිහට මෙයාලට බැන්නත් අනිතිමට අපි චන්දෙ දෙන්නෙත් මෙයාලටමයි. (නි)
මොරටුවේ ලී බඩු අන්තිමයි. පාවිච්චියට නෙමෙයි ලස්සනට තියා ගන්නවත් හොද නැහැ. (අ)
මොනවා වුනත් ජීවන් කියන්නේ මැර ඇමතියෙක් නෙවෙයි. හරි හිත හොද මිනිහෙක්. මම දන්නා තරමට එයා ගමන් බිමන් යන්නෙත් බොඩි ගාඩ් ලා නැතිවයි. හරිම සිම්පල් මනුස්සයෙක්. එයා වගේ කෙනෙකුට මෙහෙම කරන එක හරි නැහැ.(නදී)
මේවට ජීවන් මොනවා කරන්නද මිනිසුන්නට සල්ලි නැහැ වැඩිපුර ලීබඩු ගන්න, අනිත් එක්ක වැඩිපුර මිනිසු දැන් ඉන්නේ කුලියට, පොඩ්ඩක් ලී බදු තිබුනම ඇති, මොරටුවේ හද සමහර ලී බදු වංචාවෙන් හදන්නේ (අ)
එල එල (අ)
මාත් අහුවෙලා තියෙනවා අටවපු මොරටු ලී බඩුවලට. මෙතන අදහස් දාල තියෙන වැඩි දෙනෙක් බාල බඩුවලින් බැටකාපු අය බව පේනවා. උසස් තත්වයේ බඩු හදල හොඳ මිලක් ගන්නවා වෙනුවට මේ මිනිස්සු මොකද කරන්නේ, ප්‍රශ්නේ විසඳන්න ආපු ඇමතිට ගහනවා, හූ කියනවා. ඒ වඩු බාස්ලගේ මොලේ ගැන මං පුදුම වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ අමාත්‍යංශයට අයත් නොවී තිබියදීත් මේ ප්‍රශ්නෙ විසඳන්න උත්සාහයක් දරපු මනුස්සයට ගහපු එක හොඳයි කියල අදහස් දාපු කට්ටියගේ මොලේ ගැන නම් මං පුදුම වෙනවා. (නදී)
මහා පදුම ලස්සණ මිනිහෙක්.(අ)
මොනවා කලත් අන්තිමේදී තෙමෙන්න වෙන්නේ අපේ පොලිසියේ මහත්වරුන්ට තමයි. (අ)
වතුර බෝතලෙන් ගහලා බේරුණා ඇති (නි)
උද්ඝෝෂොණයක් කරමුද? (අ)
මොරටු ලීබඩු වල තියෙන්නේ හොර වැඩම තමයි බාල ලී දාලා තේක්ක පාට ගාලා මිනිසුන්ට රවටල දෙන්නේ මම පුටු වගයක් ගත්තා හරහා වැටුනගමන් ඇන්ද කඩලා ගීයා. අනිත් ඒවා දැන් ගුල්ලෝ ගහනවා .මේවගේ ප්‍රමිතියක් බලන්න කවුරුත් නෑ (අ)
සිනමාවේ මල් කුමාර උනාටත්,මොරටු ජනතාවගේ චන්ද ටිකක් ගත්තත් ,ඔයා තාම මොරටු වඩු කාර්මිකයන් හරිහැටි හදුනා ගත්තේ නැහැ . ඔය පෙන්නුවේ පොඩි ළමුන්ගේ සෙල්ලමක් පමණයි . ඒකත් වතුර බෝතල් සෙල්ලම . එක පොඩි දෙයක් , කොහොමද ඔයාව වඩු බැංකුවේ මුනින් තියල යතු ගාන සෙල්ලම පෙන්නුවොත් ,බලාගෙන ප්‍රවේශමෙන් (අ)
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් ඉදිරියේදී. (අ)
ඔතනටඅර ඇමති තුමා ගියානම් වඩුවන්ගේ අත් කකුල් ගලවල පුටු මේස හදන්න තිබුන. (අ)
මේ දවස්වල ගං වතුර නිසා වැඩි වතුර ඔහොම ඉවත් කරනවා ඇති (අ)
මේවා හොද නැහැ එතුමත් ඇමති කෙනෙක් එයාගේ ගරුත්වය තියන්න ඕනේ නේද (අ)
ඉදිරියට ඔය ඇමතිලට ගමට යන්න බැරි වෙන බව පේනවා. දැන් මිනිස්සුන්ට ඇත්ත තේරිලා. ඔය ලකුණු දාගන්න ඇවිත්.(නදී)
උණූසුම් පිළිගැනීමක් (නි)
ඇත්තටම ,කනගාටු දායක සිදුවීමක්. පත්තරේකින් වත් ජීවන් ගැන නරක දෙයක් දැකල අහල නැහැ මේ මිනිස්සුන්ට මොලයක් නැති මෝඩ රැලක්. (ස)
උණුසුම් පිළිගැනීමක් (නි)
වැඩේ කැතයි (නි)
වැඩේ කැතයි (නි)
ඇයි ඒ ? (නදී)
අපරාදේ මෙර්වින් සිල්වා මහත්තයාව අරින්න තිබුනේ. (අ)
ඇමති තුමා ගස් වටේ කැරකි කැරකී රගපාන්න දක්ෂ බව පිළිගන්නවා. ඒත් දේශපාලනය සම්බන්ධයෙන් කටයුතු කරන්න, උපදෙස් දෙන්න තවම මෝරලා මදි වගේ. (නදී)
ඒහෙම හරි මැදිහත් වෙච්ච මිනිහට සලකපු විදියනම් හරි නෑ. මෙහෙම කොහොමද විසඳුම් හොයන්නේ. (දී)
ප්‍රතිචාර හොඳයි , සුභ අනාගතයක්! (නි)
උණුසුම් පිළිගැනීම සිතල කරන්න වතුර එවන්න ඇත්තේ (නි)
ලී බඩු වල මිල තීරණය කරන්නේ කවුද? බඩු වල කොලිටි එක අපි දන්නේ නැද්ද? කොලිටි එක අඩු වුනාම මිනිස්සු ගන්නේ නැහැ. ඒකට උද්ගෝෂණ කරලා වැඩක් නැහැ. (නි)
ජීවන් චිත්‍රපටයක් එකක් කියල හිතුවද? ඇති ඔයින් ගියා (අ)
දැන් මෙයාලා මොනවද මේ ඉල්ලන්නේ? (නි)
ඉන්දික නිවැරදියි. හදන බඩු වල තත්වය අන්තිමයි ඒ උනාට ඉල්ලනේ උපරිම මිල.(නදී)
දැන් වැඩිපුර පාවිච්චි වෙන්නේ ප්ලස්ටික්නේ. ඉතින් ලී බදු විකිනෙන්නේ නැහැ. (අ)
ජනතාව දන්න නිසා තමයි උණුසුම් විදියට පිලි අරගෙන තිබෙන්නෙ (නි)
මේවා ස්ට්‍රයික් කරලා, වතුර බෝතල් ගහලා විසදන්න පුළුවන් ඒවා නෙමෙයි (නි)
මේවා කඩාකප්පල් කාරින්ගේ වැඩ. (නි)
මිනිස්සු ගැනනම් කතා කරලා වැඩක් නැහැ.ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක නෙමෙයි කරන්නේ (නි)
මේ පැතිවල ඉන්න සමහරක් මිනිස්සු ගැනනම් කතා කරලා වැඩක් නැහැ.ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ නැහැ තමන්ගේ ගතිය පෙන්වනවා. පේනවනේ හුවේ තරම.නුගත්කම ලොවට පෙන්වන ජාතියක්. (නි)
කණගාටුව මොන වැඩේ කළත් මිනිස්සු අන්තිමේ මෙයාලටම ඡන්දෙ දෙන එකයි. ගහන්න ඕනෑ වතුරෙන් නෙමෙයි, ඡන්දෙන්. (නි)
ඔය හෝටල් ගැහිල්ල නිසා තමා මොරටුවේ මිනිසුන්ට සල්ලි මදිවුනේ (නි)
ලංකාවේ මිනිස්සු අතේ හොඳට සල්ලි තියෙනවා. බැංකු වලට දාන්නෙත් නැහැ. ඒ ෂුවර් නැති හින්දා. මේක බලාගන්න පුළුවන් පාරේ තියෙන වාහන ටික දැක්කමයි , සීසන් එකට ඇඳුම් ගන්න ඉන්න පෝලිම දැක්කමයි. හැබැයි බාල දේවල් සල්ලි දීලා ගන්න තරම් මෝඩ නැහැ. බලන්නකෝ මොරටු ලී බඩු වල හැටි ගොඩක් බාලයි දැන්. (නි)
වතුර බෝතල් එකකින් දෙකකින් ප්‍රහාරයක් ආවට තාම ජනතාව අතරට යන්න පුළුවන් එක ගැන ජීවන් ඇමතිතුමා සතුටු විය යුතුයි (නි)
බලෙන් නොවේ මොළෙන් ජනතාවට අමතන්න ඇමැතිතුමා.එවිට යහපත් ප්‍රතිචාර ලැබෙවි. (අ)
හබැයි පනින අයත් ඉන්නවා (අ)
මෙන්න ඔබට මහජනයාගෙන් ලැබෙන උපහාර (නි)
මිනිසුන් ලග සල්ලි තිබුනොත් නේද ලී බඩු හරි වීදුරු බඩු හරි ගන්නේ.රට වටේ තියෙන උකස් බඩු කඩවල් වල කැරකිලා අද ජනතාව ජීවත් වෙන්නේ.සල්ලිකාරයෝ ලොකු තැන් වලින් ලී බඩු ගන්නේ.අනික මොරටුවේ වුනත් බාල බඩු තමයි වැඩියෙන් දැන් හදන්නේ,හොද බඩු පරිබෝගිකයින් වඩු බාස්ලා,ලී බඩු හදන තැන් වලට ගිහින් අමුද්‍රව්‍ය හොයලා බලලයි ගන්නේ.මේ බලපෑම් කිරීම් උද්ගෝෂණ අනුමත කරන්න බැහැ.බාල ලී බඩු වලට රැවටුන හා පාඩු විදපු ජනතාව හුගක් ඉන්නවා.ජනතාවට උහුලන්න බැරි ප්‍රශ්න පොදිගැහිලා උද්ගෝෂණ කරන්න බැරි ජීවිතයක් ගත කරන්නේ,වඩු බාස්තුමන්ලත් අසරණයි. නමුත් පොදුවේ ජනතාවට සෙතක් මෙයින් ලද හැකිද? (නි)
වතුර ආචාර මුරය.(නදී)
මොනවා වුනත් ඒ කළ වැඩේ නරකයි. එතුමා ඇමති කෙනෙක්. (නි)
මෙහෙමත් මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවනේ? (නි)
පාරම්පරික ,ඉතාමත් දක්ෂ වඩු කාර්මික පිරිසක් මොරටුවේ ඉන්නේ.මොරටුවේ නිෂ්පාදන තමයි මරදානේ ලී බදු සාප්පුවල අලෙවි කරන්නේ.තේක්ක අල්මාරිය දෙපැත්තේ මොණරු දෙන්නෙක් කැටයම් කරලා නිසා මට එයට හිත ගියා. නමුත් අල්මාරිය හෙලවෙනවා.මොකද ඒ කියලා අහපුවිට අයිති නෝනා කියනවා පොලව බැලන්ස් නැති නිසා තමයි හෙලවෙන්නේ වෙන වරදක් නැහැ කියා..... (නි)
අපරාදේ වතුර බෝතල් ටික.. (නි)
ඔහොම බේරුණා ඇති. (නි)
ඔහොම යනකොට හොද හොද ප්‍රතිචාර ජනතාවගෙන් ලැබෙයි.(නදී)
මරු වැඩේ. තව ටික දවසකින් මේසන් බාස්ලත් උද්ඝෝෂණය කරාවී.හොදදෙයක් ජනතාවට දෙනවා නම් මොකටද උද්ඝෝෂණය කරන්නේ? ජනතාව නිකම්ම උපරිම මිලකට ගනීවි. (නි)
විදුලි කණුවේ නැගල උන්න කෙනා හොදින්ද ? (නි)
පුදුමය බෝතල් වලින් පමණක් පහර ගැසිම. (නි)
සමදරා ආරියදාස, ජීවන්ව දැකල මෙහෙම නම් ඔය අරාබි ජාතික ඩුබායි මිනිස්සු දැක්කොත් කලන්තේ දාල ඇදගෙන වැටෙයි.(නදී)
ඇමතිතුමාව හොදින් අදුනගත්ත කට්ටියකුත් ඉන්න හැඩයි. (නි)
මිනිස්සුන්ත ජිවත් වන්න බැහැ.රටේ ආර්ථිකය විනාශ වෙලා. ඔවුන් කල දේ හරි. (නි)
අවස්ථාවේ හැටියට අතේ තිබුණු දේ පාවිච්චි කරන්න ඇති මේ අය. හැමදාම දේශපාලනයේ බොරු අහලා හෙම්බත් වුනාම ඉතින් ඕවා අරුම දේවල් නෙමෙයි (නි)
වතුර නේ.... බිත්තර වගේ ප්‍රෝටීන් ආවේ නැහැනේ (නි)
ගොඩක් අය තමන්ගේ ගරුත්වය නැති කරගෙන ගොඩක් කල්. (නි)
ජීවන්ට කරපු වැඩේ හරිම කැතයි.(නදී)
රිදී තිරයේ වගේ ජනතාව ඉස්සරහදී ලෙහෙසි නැහැ (නි)
වැඩේ කැතයි. වතුර බිව්වනම් හොදයි.(නදී)
"මහා පුදුම ලස්සණ මිනිහෙක්.' ඉතින් ගෙදර අරන් යන්නකෝ. (ස)
දැන් හැම දෙයටම විරෝධතා. මේවා කඩාකප්පල් කාරින්ගේ වැඩ. මමනම් කියන්නේ මේ අයට නඩු නොදා ජන ජීවිතයට බාද කලට දඬුවම් දෙන්න ඕනි. තමන් හදන බඩු වැඩිමිලට දෙන්න ඕනි නම් හොඳට හදන්න ඕනි .(අ)
ලංකාවේ තැපැල් සේවය අන්තිමයි. ඒක ගොඩගන්න කාලය වැය නොකර වඩුවන්ගේ ප්‍රශ්න විසදන්න යන්නේ ඇයි ? අඩුම තරමේ චිත්‍රපටි කර්මාන්තය සම්බන්ධ ප්‍රශ්නයක් නම් කමකුත් නැහැ (නි)
මොරටු බඩු ගණන් වැඩියි. වහාම මිල අඩු කරන්න. අපි දැන් ගන්නේ දම්රෝ. (නි)
අනාගතයේදී දැවමය ගෘහ භාණ්ඩ භාවිතය අඩු වෙනවා, එසේ නොවුනත් ඒක කරන්න සිද්ධවෙනවා. මේ අයට විකල්ප ක්‍රමවේදයන් හෝ විකල්ප රැකියාවන් ලබා දිය යුතුයි. ජීවන් කුමාරතුංග දේශපාලකයෙක් ලෙස වැඩිය ජනතාවත් එක්ක ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. (නි)
මොරටුවේ ගොඩක් ජනතාව දුක් විදිනවා....... (නි)
ඕකට යවන්න තිබුනේ මෙතුමාව නෙමෙයි (නි)
කවදාවත් කරලියේ වගේ වෙන්න බැහැ....දේශපාලනයේදී (නි)
වඩු වැඩෙන් දිවි රකින බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මන්.(දී)
අයි දෙයියනේ වතුර බෝතල් විතරද තිබුණේ (අ)