නව ඉඩම් ඇමති ජෝන් අමරතුංග මහතා බත්තරමුල්ලේ ඉඩම් අමාත්‍යංශයේදී අද (04) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවය පිළිබඳ කනගාටුව පළ කළ ඇමති කීවේ තමා පොලිසිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ පොලිසියේ ඇති ප්‍රශ්න ගැන උපදෙස් දී තමා හරි මඟ යැව්වේ එතුමා බවයි.

මාගේ මූලික ප්‍රතිපත්තිය වන්නේ හැකි ඉක්මනින් ඉඩම් අඟලක් නැති, ඉඩම් අයිතිය හරියට තහවුරු කර ගන්න බැරි ඒ අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳා දීම බවයි.

DSC_3364 DSC_3365 DSC_3370