හඟුරන්කෙත මාදංවෙලදී අද (12) පස්වරු 1ට පමණ සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන ඇමැති එස්.බී.දිසානායක මහතාගේ රියට යතුරුපැදිකරුවකු හැපී තුවාල ලබා ඇමැතිවරයාගේ ආරක්ෂකයන් විසින් රෝහල්ගත කරනු ලැබූ බවත් තුවාල නොලැබූ ඇමැති වෙනත් රියකින් උත්සවයකට ගිය බවත් පොලිස් ආරංචි පවසයි.
ඇමැති රියදුරාගෙන් ප්‍රකාශයක් ලියාගත් පොලිසිය ඔහු මුදා හළ බවත් කියති.
ඇමැති දිසානායක මහතා සිය හඟුරන්කෙත නිවසේ සිට තලාතුඔය උත්සවයකට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනෝදාහක් බලාගන ඉද්දි කොහොමද තුවාලකරු මහා මග දාලා යන්නේ. (බ)
ඇමතිලා එයාලගේ ආරක්ෂකයෝ පාරේ ඉගිල්ලෙන සංස්කෘතිය වහාම නතර කළ යුතුය..!! අහිංසක මිනිස්සුනුන්ගේ බදු සල්ලි වලින් පඩි කනවා මදිවට පාරේ හප්පලා මරනවා...!!! (බ)
ලෙඩා රෝහලේ. රියදුරු මුදාහැරේ. අපි වගේ කෙනෙක් අතින් වුණා නම්...? මතු අාත්මයකදි ලංකාවෙ අැමති කෙනෙක් වීමට ප්‍රාර්ථනා කරමි (නි)
මේක මහා දවාලේ වුණ නිසා දෙනෝදාහක් සිද්ධිය දැකලා. අර සිද්ධියේදී හැපුනේ රෑ හින්දා හැපුන මිනිහා පාරේ දාලා ගියා. (නි)
උඩ වතුර තරු වලට... මැද වතුර පටි වලට... බොර වතුර පොඩි අපට... කොටි ගහල මදි තොපිට... (උපුටා ගැනීමකි) (නි)
සීසීටීවී බලමුද රිය පැදෙව්වේ කවුද කියලා. (නි)
බලන්න එතුමාගේ රියට යතුරුපැදිකරුව හැපුණු හැටි, යතුරුපැදි කරුවාගේ යතුරුපැදියට ඇමතිතුමාගේ රිය නොහැපී? (බ)
අපිට දැන් මේ ගැන හොඳ හොඳ දේශපාලන විග්‍රහ අහන්න පුලුවන් (නි)
වින්දිත රෝගියා රෝහලේ සිටියත් රියදුරා නිදහස් නොකර පොලිසිය වෙන මොනවා කරන්නද ..? 1994 සිට සාමාන්‍ය ජනයා වගේ නොවෙයි නේ මේගොල්ලෝ ! හඟුරන්කෙත පොලිසිය කොහොමටත් ඔය ඇමතිට බයයි. පොලිසිය ඉස්සරහ බස් ස්ටෑන්ඩ් එකේ තමයි මෙයා ගේ මල්ලිලයි පුතයි වේදිකා ගහන්නේ. (බ)
ලක්ෂී, මොකද ඔයාටත් කාවහරි ඔයාගේ වාහනෙන් හප්පාගෙන යන්න අදහසක් සිතේ තියෙනවද? (නි)
නීතියක් නෑ කාටද ? (බ)
මොනා උනත් කල දේ ඉතා අගය කරනවා. හැපුන මනුස්සය අමනුස්සයෙක් වගේ මහා මග දාල නොයා රෝහල් ගත කරන්න තරම් මානුෂිය උනා. (ර)